Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෑත ප්‍රකාශයක් ලෙස නැවතත් පැරණි වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වේ

    2024-09-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දූෂණය අවසන් කිරීම සහ රට මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙන ඒම මෑතක දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් විය. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ පසුබිම මැද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දූෂණය අවසන් කිරීම සහ රට මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙන ඒම මෑතක දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් විය.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    මේ පසුබිම මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකල ප්‍රකාශයක් ලෙස තමාට ස්ථාවර තැන්පතුවලින් වැටුප සහ පොලිය පමණක් බවත්, තම පාලන කාලය තුළ අමතර ඉඩම්, යාන වාහන හෝ දේපළ මිලදී නොගත් බවත් පවසන ආකාරය සමාජ ජාලාවල හුවමාරුවේ .

    FB|Archived

    අපි මේ ගැන කරුණු පරීක්‍ෂාවක් කරන්න තීරණය කළා.

    Fact Check (කරුණු පරීක්ෂා කිරීම)

    පසුබිම:

    ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෙම ප්‍රකාශය කළ බව ප්‍රකාශ කරමින් ඉහත වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වීමත් සමඟ දේශපාලඥයින්ගේ වත්කම් විමර්ශනය කිරීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය සිදු කර ඇති බව එම පෝස්ට් වල සඳහන් වේ. NPP හි එක් ප්‍රධාන පොරොන්දුවක් වූයේ නීතිවිරෝධී ක්‍රම මගින් ධනය රැස්කළ දේශපාලනඥයන් පිළිබඳව සොයා බලා නීතිමය පියවර ගැනීමයි.

    මෙම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව ලබාගෙන තිබෙන්නේ 2015 වසරේ සිදුවූ සම්මුඛ සාකච්ඡාවකින්:

    අපි මෙහි මූලාරම්භය සොයා ගැනීමට වීඩියෝවේ ප්‍රතිලෝම රූප සෙවීමක්(Reverse Image Search) සිදු කළෙමු. මෙම සංවාදය මෑතකාලීන නොවන බව සොයා බැලීමේදී අනාවරණය විය. 2015 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පවුලේ පරාජයෙන් පසුව, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ 2015 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    තමාගේ ආදායම ලැබුණේ වැටුපෙන් සහ ස්ථාවර තැන්පතු පොලියෙන් පමණක් බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ මුල් සම්මුඛ සාකච්ඡාව, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ පරාජයෙන් පසු දූෂණ චෝදනා සහ අයථා ලෙස ධනය රැස්කිරීමේ චෝදනා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයතු කල ඔහුට එල්ලවූ නිසා ,ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රතිචාර දැක්වූ ආකාරයයි.

    වත්මන් සන්දර්භය:

    මෙම ප්‍රකාශය අලුතින් තේරී පත් වූ NPP රජය දේශපාලඥයින්ගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත වත්මන් දේශපාලන සන්දර්භයට සම්

    ණය වේ .

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය:

    බන්ධ කිරීමට උත්සාහ කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන පෝස්ට් වල සදහන් .

    කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අලුත් සම්මුඛ සාකච්ඡාවක් හෝ ප්‍රකාශයක් කළේ නැත. සංසරණය වන වීඩියෝව 2015 සිට වන අතර එය පවතින දේශපාලන සන්දර්භයට සම්බන්ධ ප්‍රකාශයක් යැයි ජනතාව නොමඟ යවන ප්‍රචාර සමාජ ජාලා හරහා සංසරණය වේ .

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය:

    2022 දී බලයෙන් පහ කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළ තමාට ආදායමක් ලැබුණේ වැටුප සහ ස්ථාවර තැන්පතුවලින් ලැබුණු පොලීවලින් පමණක් බව පසුගියදා ප්‍රකාශ කල බවට සමාජ ජාලා හරහා පැතිරෙන වීඩියෝව නොමඟ යවන සුළුය. එම ප්‍රකාශය 2015 දී සිදු කර ඇති අතර වත්මන් දේශපාලන සන්දර්භය තුළ එය වැරදි ලෙස ප්‍රචාරය වෙමින් පවතී.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.