Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බිල්පත් නොගෙවීම නිසා, හිටපු ජනාධිපති මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය විසන්ධි කිරීමක් සිදුවූවාද ?

    2024-10-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2022 දී රාජපක්ෂ පාලනය බලයෙන් පහකිරීමෙන් පසුව, රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉලක්ක කර ගත් ප්‍රකාශ රැසක් දැකගන්නට ලැබුණ අතර, දුස්තොරතුරු මෙහෙයුම් ද දිගින් දිගටම දක්නට ලැබේ. සමාජ මාධ්‍ය සටහන් හි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2022 දී රාජපක්ෂ පාලනය බලයෙන් පහකිරීමෙන් පසුව, රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉලක්ක කර ගත් ප්‍රකාශ රැසක් දැකගන්නට ලැබුණ අතර, දුස්තොරතුරු මෙහෙයුම් ද දිගින් දිගටම දක්නට ලැබේ.

    සමාජ මාධ්‍ය සටහන්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස වන තංගල්ල කාල්ටන් නිවසේ විදුලි බිල්පත් නොගෙවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කළ බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන ප්‍රචාරයන් මේ දිනවල දක්නට ලැබෙනවා

    FB|Archived

    මෙම ප්‍රචාරයන් සමාජ ජාලාවල විවිධ ආකාරයට පැතිරෙමින් පවතිනවා .

    මේ පිලිබදව කරුණු පරීක්ෂාවක් කිරීමට අප තීරණය කළා .

    Fact Check (කරුණු පරීක්ෂා කිරීම)

    නොගෙවූ බිල්පත් හේතුවෙන් විදුලිය විසන්ධි කල බවට බවට වාර්තා නොමැත: මෙම ප්‍රචාරය පිලිබදව සෙවීම සදහා , අපි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල වාර්තා පරික්ෂා කල අතර නොගෙවූ බිල්පත් හේතුවෙන් මේ දිනවලදී කාල්ටන් නිවසේ විදුලි සැපයුම විසන්ධි කල බවට වන ප්‍රකාශය සනාථ කරන කිසිදු වාර්තාවක් අපට හමු නොවීය.

    පුවත් වාර්තාව: කාල්ටන් හවුස් වෙත විදුලිය සපයන තෙකලා විදුලි රැහැන් තුනකින් දෙකක් ඉවත් කර ඇති බව පැහැදිලි කරමින් ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ ලිපියක් අපට හමු විය. කෙසේ වෙතත්,පාර්ලිමේන්තුව මෑතකදී විසුරුවා හැරීමත් සමගම, හිටපු මන්ත්‍රී ප්‍රතිපාදන ඉවත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද යටතේ මෙම අතිරේක විදුලි රැහැන් සවි කර තිබු බවත් එම වාර්තාවේ දැක්වෙනවා. ලංකාදීපයේ ලිපිය කියවිය හැකියමෙතනින් .

    ලංවිම ප්‍රාදේශීය කාර්යාලය තහවුරු කිරීම: තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කාල්ටන් නිවසට විදුලිය සැපයීම බාර වලස්මුල්ලේ පිහිටි ලංකා විදුලි බල මණ්ඩල(ලංවිම) කාර්යාලය සම්බන්ධ කර ගත්තෙමු. බිල්පත් නොගෙවීම හේතුවෙන් කාල්ටන් නිවසේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ බව ලංවිම නිලධාරියෙක් තහවුරු කළේය.

    ඒ වෙනුවට ඔවුන් තහවුරු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද මත ඔහුගේ ආරක්ෂාවට සම්බන්ධ ආලෝක පද්ධති (Security Lights) සවිකිරීම සදහා මෙම තෙකලා විදුලි රැහැන් සවිකර තිබු බවත් ඉන් රැහැන් දෙකක් ඉවත් කිරීම සිදුවුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සම්මත නීති රීතිවලට අනුව බවයි .

    පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂගේ මාධ්‍ය අංශයද මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වූයේ සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරය අසත්‍ය බව පවසමින්. ඔවුන් දැක්වූ ප්‍රතිචාරය මෙතනින්

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසේ බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කළ බවට කෙරෙන ප්‍රකාශය අසත්‍යයක්. තෙකලා විදුලි රැහැන් තුනෙන්, දෙකක් ඉවත් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ වරප්‍රසාද නැවැත්වීමට අදාළව මිස බිල් නොගෙවීම නිසා නොවේ. එම නිවසේ සාමාන්‍ය විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව ලංවිම තහවුරු කරයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.