Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බ්‍රසීලියානු පාපන්දු සුපිරි තරුවක් වන රොබර්ටෝ කාලෝස් ඉස්ලාම් දහම වැළඳගෙනද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-24
    4 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බ්‍රසීලියානු පාපන්දු සුපිරි තරුවක් වන රොබර්ටෝ කාලෝස් ඉස්ලාම් දහම වැළඳගෙන ඇති බවට පළ වූ දෙමළ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දැකගත හැකි විය. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    බ්‍රසීලියානු පාපන්දු සුපිරි තරුවක් වන රොබර්ටෝ කාලෝස් ඉස්ලාම් දහම වැළඳගෙන ඇති බවට පළ වූ දෙමළ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දැකගත හැකි විය. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    බ්‍රසීලියානු පාපන්දු සුපිරි තරුවක් වන රොබර්ටෝ කාලෝස් සැබවින්ම ඉස්ලාම් දහමට හැරී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය කිසිවක් වාර්තා කර ඇත්දැයි අප සොයා බැලූ අතර, එවැනි කිසිදු පුවතක් පළ වී නොමැති බව තහවුරු විය.

    කෙසේ වෙතත්, අප මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී, තමන් ඉස්ලාම් දහම වැළඳගත් බවට ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව පවසමින් රොබර්ටෝ කාලෝස් විසින්ම ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ වාර්තා හමු විය.

    වාර්තා ආරම්භ වූ ආකාරය

    ප්‍රකට හිටපු බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩක රොබර්ටෝ කාලෝස් (Roberto Carlos), මොරොක්කෝ ජාතික ෆිෆා (FIFA) බලපත්‍රලාභී පාපන්දු නියෝජිතවරියක වන සුහයිලා එල් තාහිරි (Souhaila El Tahiri) සමඟ විවාහ වීමෙන් අනතුරුව, ඔහු ඉස්ලාම් දහම වැළඳගත් බවට අන්තර්ජාලය පුරා පුවත් පැතිර ගියා.

    මෙම සතියේදී වාර්තා පළ වූයේ, බ්‍රසීලයේ මුස්ලිම් ප්‍රජාවේ ප්‍රකට පුද්ගලයෙකු වන ෂෙයික් ජිහාඩ් හමාඩා සමඟ පැවති හමුවකදී ෂහාදා කියවීමෙන් අනතුරුව, රොබර්ටෝ කාලෝස් මීට සති හතරකට පමණ පෙර ඉස්ලාම් ආගම වැළඳගත් බවයි.

    කාලෝස් සහ එල් තහිරි ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව පැවති විවාහ උත්සවයක සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ මෙම ප්‍රකාශ තවදුරටත් ප්‍රචලිත විය. 

    මෙම යුවළ ජූලි 25 වැනිදා පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් පමණක් සහභාගි වූ පෞද්ගලික විවාහ උත්සවයක් පවත්වා තිබිණි.

    කාලෝස් පවසා ඇත්තේ, පවුල් දෙකෙහිම ආගමික සම්ප්‍රදායන්ට ගරු කිරීම සඳහා ඔවුන්ගේ විවාහ උත්සවය විවිධ ආකාරයේ ආගමික චාරිත්‍ර සමඟ පැවැත්වූ බවයි.

    “උත්සවය එක් ආකාරයකට පමණක් පැවැත්වුණේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කරමින්, තම කතෝලික පවුලට මෙන්ම තම බිරිඳට සහ ඇගේ මුස්ලිම් මිතුරන්ටද ගැළපෙන පරිදි විවිධ උත්සව පැවැත්වූ බව පැහැදිලි කර තිබුණා.

    සෞදි අරාබියේ ‘ඔකාස්’ (Okaz) පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී කාලෝස් මෙම පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට ඉස්ලාම් දහම කෙරෙහි “මහත් ගෞරවයක්” ඇති බවත්, තම බිරිඳ වන්දනාමාන කරන අයුරු දැකීම අගය කරන බවත් පැවසූ ඔහු, නමුත් තමන් ඉස්ලාම් දහමට නොහැරුණු බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ.

    තුර්කි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි ශාහින් (Ali Şahin), කාලෝස් තමන් හමු වී ෂහාදාව (Shahada – ඉස්ලාම් දහම වැළඳගැනීමේ ප්‍රකාශය) පවසා මුස්ලිම්වරයෙකු වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ තුර්කි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල තුළ මෙම පුවත වේගයෙන් පැතිරෙන්නට විය. 

    මීට අමතරව, සෞදි ගැසට්  වෙබ් අඩවියේ ද, රොබර්ටෝ කාලෝස් තමන් ඉස්ලාම් දහම වැළඳගත් බවට පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා කර තිබුණි. මොරොක්කෝ ජාතික සුහයිලා එල් තාහිරි සමඟ විවාහ වූ පසු ඔහු ඉස්ලාම් දහම වැළඳගත් බවට පැතිර යන කතාන්දර සත්‍ය නොවන බව එහි සඳහන් විය. මෙම තොරතුරු ප්‍රසිද්ධ කර තිබුණේ ඔහුගේ තෙවන විවාහ උත්සවයේදී ගත් ඡායාරූපයක්ද සමඟිනි.

    එලෙසම, ගල්ෆ් නිව්ස් (Gulf News) වෙබ් අඩවියද වාර්තා කර තිබුණේ, “මට ඉස්ලාම් දහම කෙරෙහි ලොකු ගෞරවයක් තියෙනවා, මගේ බිරිඳ යාඥා කරනවා බලා සිටීම ඉතා සුන්දර අත්දැකීමක්, නමුත් මා ඉස්ලාම් දහම වැළඳගත් බවට පැතිර යන කටකතා සත්‍ය නොවේ” යනුවෙන් කාලෝස් ඔකාස් පුවත්පතට ප්‍රකාශ කළ බවයි.

    කාලෝස්  අගෝස්තු 20 වැනිදා Instagram Story එකක් ඔස්සේ ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුණා.

    “මෑතකදී මාධ්‍ය ඔස්සේ පළ වූ අනුමාන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මම ඉස්ලාම් ආගම වැළඳගෙන නැත. මුස්ලිම් ප්‍රජාවට මට ඉහළම ගෞරවයක් ඇත. අනෙකුත් සියලුම ආගම් සහ විශ්වාසයන්ට අයත් පුද්ගලයන්ටද එම ගෞරවයම ඇත.”

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    එබැවින් අපගේ විමර්ශනයට අනුව, බ්‍රසීල පාපන්දු සුපිරි තරුවක් වන රොබර්ටෝ කාලෝස් ඉස්ලාම් දහම වැළඳගත් බවට පැතිර යන තොරතුරු අසත්‍ය බව පෙන්වා දිය හැක. තම බිරිඳ මුස්ලිම් ජාතිකයෙකු බැවින් ඇයගේ ආගමික චාරිත්‍රවලට අනුව විවාහ උත්සවයක් පැවැත්වූව ද, තමන් ඉස්ලාම් දහමට නොහැරුණු බවත් තම ආගම වෙනස් නොකළ බවත් ඔහු පැහැදිලිවම තහවුරු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මඟින්ද තහවුරු වේ.

    Result Stamp

    Title: බ්‍රසීලියානු පාපන්දු සුපිරි තරුවක් වන රොබර්ටෝ කාලෝස් ඉස්ලාම් දහම වැළඳගෙනද?

    Written By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.