Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

    2021-05-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතා

    බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා.

    ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලි පරාජයකින් පසු නායකයෙකු සිදුකළ සුපිරිම කතාව” යනුවෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩාමේ නායක කුසල් ජනිත් මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වන ආකාරයක් පෙන්නුම් කරමින් දක්වා තිබුනේ “ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව නිසා මානසික එකග්‍රතාවයට බලපෑමක් වෙලා” යනුවෙන් ඔහු එහිදී පැවසු ආකාරයක්

    Facebook | Archived  Facebook | Archived

    ඉහත කරුණු ඇතුළත් සටහන් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබෙනු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී තුමාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු ද තහවුරු කලේ දැනට පවතින බංග්ලාදේශ තරඟ අවසානයේ මාධ්‍ය හමුවක් පැවැත්වුයේ නැති බවත් ශ්‍රී ලංකා පිලේ නායක කුසල් ජනිත් විසින් එබඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්ය. බංග්ලාදේශ තරඟාවලිය ආරම්භයට පෙර මාධ්‍ය සමඟ සිදුකළ කරුණු දැක්වීමක දී ඔහු දැක්වූ අදහස් යොදා ගනිමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවක් පෙනී යන බව ද ඔහු පවසා සිටියා.

    මේ නිසා බංග්ලාදේශ තරඟාවලිය ආරම්භයට පෙර මාධ්‍ය සමඟ කුසල් ජනිත් සිදුකළ කරුණු දැක්වීම අප පරීක්ෂා කළා.

    එම වීඩියෝවේ 4 වන විනාඩියේ පමණ සිට, කොන්ත්‍රාත්තුව පිළිබඳව ක්‍රීඩකයින් නොසතුටින් සිටින බවට වාර්තා වන බවක් පිළිබඳව මාධ්‍යවේදියෙකු සිදුකළ විමසීමක දී කුසල් ජනිත් මුලින්ම පවසන්නේ ඒ සම්බන්ධයෙන් යම් යම්  ගැටළුකාරී තත්ත්වයන් තිබුණ ද තරඟාවලියක් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කතා කිරීම සුදුසු නොවන බවයි.

    කෙසේවෙතත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී කුසල් පවසා සිටින්නේ එම හේතුව නිසා මානසික බලපෑමක් නෑ කියන්නේ නම් එය නිවැරදි නොවන අතර ඉදිරියේදී ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සකච්ඡා කිරීමෙන් පසුව සාදාරණ ලෙස විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

    එම කරුණු දැක්වීම සහිත වීඩියෝ කිහිපයක් පහතින්

    https://youtu.be/X3722mf_PT4?t=236

    NewsWire | Leader LK

    ඉහත වීඩියෝවේ ම කොන්ත්‍රාත්තු ප්‍රශ්නය පිළිබඳ ව නැවත වරක් 8 වන විනාඩියේ දී පමණ විමසීමක් සිදුවන අතර නැවත වරක් කුසල් පවසන්නේ එම ප්‍රශ්නය ලංකාවට පැමිණීමෙන් පසුව ඒ ගැන ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය යම්කිසි එකඟතාවයකට පැමිණිය යුතු බවත් තරඟාවලියක් ආරම්භ කරන අවස්ථාවේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ එළඹෙන තරඟාවලියේ ජනග්‍රහණය ලබාගන්නා ආකාරය පිළිබඳව බවයි.

    එසේම ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු කුසල් ජනිත් සිටින පසුබිම පිළිබඳව විමර්ෂණයක් සිදුකළ අතර එය පසුගිය වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙස් තරඟයකින් පසුව මාධ්‍ය වෙත ඔහු අදහස් දැක්වූ අවස්ථාවක් ඇසුරෙන් සකසා තිබු බවයි. එම අවස්ථාව ඇතුළත් Sri Lanka Cricket නිල වීඩියෝව මෙතනින්. ඔහු සිනාසෙමින් පිළිතුරු සපයන්නේ ඊට දින කිහිපයකට පෙර යුග දිවියට පත්වීම පිළිබඳ සුබ පතමින් මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දීය. සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබූ එම ඡායාරුපය මෙතනින්.

    තරඟාවලි පරාජයෙන් පසුව කුසල් සිදුකළ ප්‍රකාශ පිළිබඳ මාධ්‍ය වාර්තා ද අප පරීක්ෂා කළ අතර ඒ පිළිබඳව වාර්තා කිහිපයක් පහතින්. 

    Daily News | NewsWire

    මෙහිදී අත්දැකීම් නොමැතිකම නිසා මෙම තරඟාවලි පරාජයට බොහෝ දුරට හේතු වූ බව ඔහු පවසා තිබුණා. එහිදී වැටුප් කප්පාදුවක් පිළිබඳ ඔහු පවසන්නේ නැහැ.

    මීට පෙර ද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසයන් හමුවේ විවිධාකාරයේ ව්‍යාජ සටහන් මෙන්ම උපහාසාත්මක සටහන් ද නිර්මාණය වී තිබු අතර අප ඒ පිළිබඳ සිදුකළ විමර්ෂණ පහතින්.

    FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රෙක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එ්කාග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා නොමැති බවයි.

    බංග්ලාදේශ තරඟාවලියේ ආරම්භයට පෙර මාධ්‍ය සමඟ සාකච්ඡාවක දී කුසල් ජනිත් පෙරේරා දැක්වූ අදහස් යොදාගනිමින් එම කරුණු තරඟාවලි පරාජයෙන් පසුව දැක්වූ බව පෙන්වමින් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.