Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක ?

    2021-12-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update 29/04/2023 කෙසේ වෙතත් 2022 වසරේ ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා විදෙස් රටක සිට සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට විද්‍යුත් තැපෑල ඔස්සේ දන්වා එවිය.ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවුවේ 2022 අප්‍රේල් මස පටන්ගත

    Update 29/04/2023

    කෙසේ වෙතත් 2022 වසරේ ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා විදෙස් රටක සිට සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට විද්‍යුත් තැපෑල ඔස්සේ දන්වා එවිය.ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවුවේ 2022 අප්‍රේල් මස පටන්ගත් ගෝල්ෆේස් අරගලය සහ ඒ හා සබැදි විරෝධතා ජූලි මස 9 වැනිදා වඩාත් උත්සන්න තත්ත්වයට පත්වීමයි.එම අවධිය වන විට රටේ ආහාර ,කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයක් පැවති අතර පැය ගණනාවක් සිදු කෙරුණු දෛනික විදුලි කප්පාදුව ,ගොවියන්ට වගාවන් සදහා පොහොර නොමැතිවීම ,අධි උද්ධමනය ආදී කරුණු ගණනාවක් නිසා ජනතාව දැඩි අසහනකාරී තත්ත්වයකට පත්ව තිබිණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් නිතර සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙනවා.මේ ඔහු සම්බන්ධයෙන් පළවුණු අසත්‍ය සමාජ ජාල සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට සටහනක් එක්කර තිබුණේ මෙලෙසයි.

    Facebook| Archived

    මේ පෝස්ටුව හා සබැදිව පළවූ අදහස් කිහිපයක් පහතින්.

    මෙම සටහනේ ඇති වැදගත් බව නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම 

    මුලින්ම අප විසින් සිදුකලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙවැනි තොරතුරක් වාර්තා කර ඇතිද යන කාරණය පිළිබදවයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි මාධ්‍ය වාර්තා නොමැති බවයි.

    ඉන් අනතුරුව අප ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායකගෙන්ද මේ පිළිබදව විමසා බැලුවා.මෙම ප්‍රකාශය අසත්‍ය බව ඔහු සදහන් කළා. එමෙන්ම ජනාධිපතිවරයාව ධූරයට පත්කර ගත හැකි ආකාර මෙන්ම ඔහුව ධූරයෙන් ඉවත් කළ හැකි ආකාර පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සදහන් වන බවත් ඔහු සදහන් කර සිටියා.එමෙන්ම ජනාධිපතිවරයා ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ ඔහුගේ නිල සමාජ ජාලා ගිණුම් හරහා දැනුම් දෙනු ඇති බවත් ඔහු පවසා සිටියා.

    Update: 21-03-2022

    ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව තීරණය කරමින් සිටින බව හඟවමින් “ජනාධිපතිතුමා ඉලා අස්වීමේ සුදානමක්?” යන තේමාවෙන් සටහන් පෙළක් නැවත වරක් හුවමාරු වී තිබුනේ මෙලෙසිනි

    පාලක පක්ෂයට හානියක් නොවන පරිදි සහ රජයේ පාලනතන්ත්‍රයට හානියක් නොවන පරිදි ඉල්ලා අස්වීමක් ලබා ගත හැකිද යන්න පිළිබඳ ජනාධිපතිවරයා සොයා බලාමින් සිටින බව ඇතුළු විස්තරයක් ලබාදෙමින් එම සටහන් මඟින් සමඟ පළවූ විස්තරයේ එසේ පැවැත්වූවා යැයි දැක්වූ සාකච්ඡා ඇතුළු කරුණු සම්බන්ධයෙන් නිල මුලාශ්‍රයක් ලබා දී තිබුනේ ද නැත.

    මේ පිළිබඳව නැවත වරක් අප ජනපති මාධ්‍ය ඒකකයෙන් එමසීමක් සිදුකල අතර එහිදී ජනපති නව මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂිකා සඳමාලි ඒකනායක මහත්මිය අප සමඟ තහවුරු කර සිටියේ මෙම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකල කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බවයි. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි  රත්නායකද එය තහවුරු කළා. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.