Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

    2021-12-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බ

    ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්.

    “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”.

    Facebook | Archived

    මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක් දැක්වූ අදහස් මේ.

    මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශයේ විසිර පැවතියේ මේ ආකාරයෙන්. 

    මෙහි ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින්  මෙම ඡායාරූපය Google Image Search එකකට ලක්කළා. 

    එහිදී මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් ලෙස හදුනාගැනීමට හැකිවූ අතර එහි මුල් ඡායාරූපය Alamy ඡායාරූප ගොණුවේ තිබී අපට හදුනා ගැනීමට හැකිවුණා. 

    Alamy | Archived 

    මෙම ඡායාරූපය සමග ඇති විස්තරයේ සඳහන් පරිදි මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2019 ඔක්තෝබර් 15 වන දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. ඒ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස මාධ්‍ය අමතන අවස්ථාවකදීයි. 

    මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන දින වකවානුවල කොරෝනා වසංගතය නොමැති නිසා මිනිසුන් මුහුණු ආවරණ පැළදීමක් සිදුවුණේද නැහැ. 

    මේ සම්බන්ධයෙන් වන ඡායාරූප සංසන්දනයක් පහතින්. 

    එමෙන්ම මේ ආකාරයේ මුඛ ආවරණ අපට සමාජ භාවිතයේ දැක ගන්නට නොහැකි අතර ගෑස් මුඛ ආවරණයේ හැඩයක් මෙමගින් පිළිඹිඹු වේ.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට පෙනීසිටි අවස්ථාවේදී 2019 වසරේදී කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු මගින් ලබාගත් ඡායාරූපයක් පරිඝනක මගින් සංස්කරණයට ලක්කර ඉහත සමාජ ජාල සටහනේ ඇති ඡායාරූපය නිර්මාණය කර ඇති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.