Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ජනාධිපති “ගෝඨාභය රාජපක්ෂ” මහතාට කොවිඩ්?

    2021-01-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොරණ වගවත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ටයර් කර්මාන්තශාලාවක්  විවෘත කරන ලදි. මෙම උත්සවයට සහභාගිවු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමා

    පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොරණ වගවත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ටයර් කර්මාන්තශාලාවක්  විවෘත කරන ලදි. මෙම උත්සවයට සහභාගිවු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට වාර්තා විය.

    ටයර් නිපදවීමේ කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගිවු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු වීම නිසා ඔහු සමීපයෙ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු පෙල කොරොනා ආසාදිතයකු බවට පත්වී ඇති බවට සහ කොරෝනා ආසාදිතයෙකු බවට ද සමාජ මාධ්‍ය ජාලවල සටහන් හුවමාරු වෙමින් පැවතුණි. අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ එතුමා මෙතෙක් (ජනවාරි 20) කොරොනා ආසදිතයකු ලෙස හඳුනාගෙන නොමැති බවයි.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ජනාධිපති “ගෝටාඹය රාජපක්ෂ” මහතාට කොවිඩ් ” යනුවෙන් පළවූ සටහන් Gishan Susantha නැමැත්තෙක් පළකර තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    “එතුමාට කිසි කරදරයක් නොවේවා.. අපේ ජනාධිපතිතුමා ගැන මේ දැන් ලැබුණ භයානකම පුවතක් මෙන්න” වදන් රෝපණය කර එසැණ පුවතක් ලෙස YouTube ජාලයේ දිගුවක් සහිතව Aluth Thorathuru නමැති ෆේස්බුක් පිටුවක් සටහනක් ඉදිරිපත් කර තිබුණි.

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු වීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු පෙළ කොරෙනා අසාදිතයකු බවට පත්වී ඇති බවට එම වීඩියෝ පටයේ දක්වා තිබුණි.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට කිසිඳු පුවතක් ප්‍රධාන මාධ්‍ය හරහා පළවී තිබෙනු අපට දැකගනන්ට ලැබුනේ නැහැ. ජනපති මාධ්‍ය ඒකකයේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේ දී ද පසුගිය දින කිහිපයේ ජනපති සහභාගී වූ කිසිඳු වැඩසටහනක් පිළිබඳ විස්තරයක් දැක්වෙන්නේ නැහැ. 

    එබැවින් මෙම ප්‍රවෘත්තියේ අන්තර්ගතය තහවුරු කර ගැනීමට ජනාධිපති මාධ්‍ය අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෙනා රෝගය ආසාදනයවී නොමැති බවත්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු වීම නිසා ජනාධිපතිතුමා පළමු පෙල ආශ්‍රිතයකු බවට පත්වී ඇති බව අප හා සම්බන්ධවු මාධ්‍ය නිලධාරියා පැවසීය. 

    ජනාධිපතිතුමා PCR පරීක්ෂණයකට යොමු කළේද යන්න තහවුරු කරන ලෙස  විමසූ විට, රටෙහි රාජ්‍ය නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කරන පරීක්ෂණ පිලිබඳ තොරතුරු ලබා දිය නොහැකි බවත්, කෙසේ නමුත් එතුමාට මෙතෙක් කොරොනා ආසාදනයවී නොමැති බව ජනපතිතුමාගේ වෛද්‍ය කණ්ඩායම සහතික කරන බවත්, මාධ්‍ය අංශය විසින් අපට දන්වා සිටියා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙතෙක් (ජනවාරි 20) කොවිඩ්19 ආසාදනයවී නොමැති බව ජනපති මාධ්‍ය ඒකකය ජනපතිතුමාගේ වෛද්‍ය කණ්ඩායම හරහා සහතික කර සිටියි. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාට කොරොනා ආසාදනය වීමත් සමඟ ම, ජනපතිතුමා පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්වී ඇත

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.