Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: නිදහස් දින ජාතිය අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව මෙවර සමරන්නේ 63 වන නිදහස් උත්සවය යනුවෙන් පැවසුවා ද?

    2021-02-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පෙබරවාරි මස 4වැනි දින ශ්‍රී ලංකාව සිය 73වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීය. නිදහස් සමරු උළෙලේදී සම්ප්‍රදායානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය. නිදහස් උළෙල පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවී තිබු අතර ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ

    පෙබරවාරි මස 4වැනි දින ශ්‍රී ලංකාව සිය 73වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීය. නිදහස් සමරු උළෙලේදී සම්ප්‍රදායානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය. නිදහස් උළෙල පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවී තිබු අතර ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ මඟ දෙපස බෞද්ධ කොඩි යොදා ගැනීම පිලිබඳ ව පළවූ අදහස් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්.

    නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපතිතුමා මෙවර 63 නිදහස් දිනය සමරන බවක් පැවසුවා ද යන්න විමසමින් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන්නේ නොමඟ යවන සුළු, සටහන් බව අපට අනාවරණය විය. එතුමා ජාතිය අමතමින් පැහැදිලිවම පවසන්නේ මෙවර 73 වන නිදහස් දිනය සමරන බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    ජනාධිපතිතුමාගේ කථාව අඩංගු ඉතා කෙටි වීඩියෝ පටියක “අප්පට දැන් ක්ලික් වුනේ. ඊයේ තිබ්බේ 73ද 63ද. මේක බලලා හරියට කියාන්” තේමාවෙන් නුවාන් නිරෝඩ ඇල්විස් නැමැත්තෙක් විසින් ෆේස්බුක් සටහනක් ඉදිරිපත් කර තිබුණි. එම වීඩියෝව පහතින්.

    FacebookArchived Link

    එම සටහනට ප්‍රතිචාර ලබාදෙමින් ඇතැම් පිරිස් උපහාසාත්මකව දක්වා ප්‍රතිචාර දක්වමින් මෙවර 63 වැනි නිදහස් උත්සවය සමරන බවට ජනපති පැවසු බවක් ඇඟවීමට තැත්කර තිබුණි.

    එම වීඩියෝ කොටස ම හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්.

    D:\AAA -Fact Checking\Independence Speech\66fedd40-37dc-4799-b7ca-3ca719030147-1.png

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ පටය සිරස රූපවාහිණී නාලිකාව විකාශය කළ නිදහස් උළෙල සජීවී වැඩසටහනෙන් උපුටා ගෙන තිබු බව පෙනී යනවා. එම නිසා අප සිරස රූපවාහිණී නාලිකාව විකාශය කළ නිදහස් දින උළෙලේ සජීව විකාශය නිරීක්ෂණය කළෙමු. 

    සිය  කතාව ආරම්භයේදීම ජනපතිඳුන් පවසන්නේ “අප මව්බිම යටත්විජිතවාදින්ගෙන් නිදහස ලබා අදවන විට වසර 73ක් වෙනවා” යනුවෙනි. එතුමා 63 වන නිදහස සමරන බවක් එහි දී පවසන්නේ නැත (පැය1 මිනිත්තු 19)

    මේ පිළිබඳව අප ජනපති මාධ්‍ය ඒකකයෙන් ද විමසු අතර ජනපතිතුමාගේ කතාවේ වීඩියෝ පටයේ මුල් කොටස ලබාදුන්නා. එහි හඬ වඩාත් පැහැදිලිව තිබු අතර එහිදී ද පැහැදිලි වසර 73ක් යනුවෙන් පවසනු බව අපට තහවුරු වුනා. එම වීඩියෝ කොටස පහතින්.

    “73 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව” යන තේමාවෙන් නිදහස් දින සිදුකල කතාවේ පිටපතක් අපට දැක ගැනීමට හැකි විය. එහිද මුල් කොටසේ සඳහන් වන්නේ “අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා….” යනුවෙන්

    Facebook

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නිදහස් සමරු උළෙලේ ජාතිය අමතමින් ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසනුයේ මෙවර සමරන්නේ 73 නිදහස් සැමරුම බවයි. එහි 63 වැනි නිදහස් සැමරුමක් සම්බන්ධයෙන් පැවසෙන්නේ නැත.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:නිදහස් දින ජාතිය අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව මෙවර සමරන්නේ 63 වන නිදහස් උත්සවය යනුවෙන් පැවසුවා ද?

    Fact Check By: Sahan Perera 

    Result: Missing Context

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.