Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ සංස්කරණය කරන ලද ඡන්ද පත්‍රිකාවක ඡායාරූප වේ!

    2024-09-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ගත කිරීම, සමාජ මාධ්‍යවල පළ කිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබන ක්‍රියාක් වනවා. එසේ තිබියදී නොයෙකුත් පක්ෂ වලට ජනාධිපතිවරණය පැවැත් වූ අද දිනයේ (21)

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ගත කිරීම, සමාජ මාධ්‍යවල පළ කිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබන ක්‍රියාක් වනවා. එසේ තිබියදී නොයෙකුත් පක්ෂ වලට ජනාධිපතිවරණය පැවැත් වූ අද දිනයේ (21) ලබා ගත් ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ලකුණු කරනු ලැබූ ඡන්ද පත්‍රිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එය අද(21) දිනයේ ඡන්දය ලකුණු කළ අවස්ථාවන් බවට දක්වා තිබුණා. එමෙන් ම එහි එක් ඡන්ද පත්‍රිකාවක ලකුණු කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතාට බව දක්වා තිබුණා.

    තව ත්, අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතාට ලකුණු කර ඇති බව ත්, දක්වා තිබුණා.

    (මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමාන වලට අනුකූලව එම ඡායාරූපය අප මෙහි පළ නොකරන අතර අදාළ සබැඳි මෙහි දක්වා ඇත)

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම ඡන්ද පත්‍රිකා සත්‍ය ඡායාරූප ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසා තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම ඡායාරූප සියල්ල පරීක්ෂා කිරීමේදී එක් එක් පක්ෂ වලට සලකුණු කර තිබූ වෙන වෙන ඡන්ද පත්‍රිකා බවට දක්වා තිබුණත්, මෙය එක් ඡන්ද පත්‍රිකාවක් සංස්කරණය කරමින් පළ කර ඇති බවක් දක්නට ලැබෙනවා.

    මෙම ඡන්ද පත්‍රිකා සියල්ලේම ජංගම දුරකතනයක සෙවනැල්ලක් වැටී ඇති බව නිරීක්ෂණය වනවා.

    එමෙන් ම මේ පිළිබඳව තව දුරටත් පරීක්ෂා කිරීමේදී මෙය පසුගිය සැප්තැම්බර් මස මුල් සතියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් බව දැක ගන්නට ලැබෙනවා. එනම්, අද(21) දිනයේ ඡන්දය පැවැත්වීමට පෙර ලබා ගත් ඡන්ද පත්‍රිකාවක් බවට පෙන්වා දිය හැක.

    ඒ අනුව, මෙය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බවට සඳහන් කළ හැක. මෙලෙසින් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට පසුගියදා දැනුම්දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

    එමෙන් ම එහි සලකුණු කර තිබුණේ, අනුර කුමාර දිසානායක මහතාට බව දැක ගන්නට ලැබේ.

    ඒ අනුව, සමාජ මාධ්‍යවල සංසරණය වන්නේ, මෙම ඡායාරූපය සංස්කරණය කළ අවස්ථාවන් බවට පැවසිය හැක.

    සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් හෝ එය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට මැතිවරණ කොමිසම විසින් පසුගිය දා මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපය අද(21) දිනයේ ඡන්ද සලකුණු කිරීමේදී ලබා ගත් ඡායාරූපයක් නොවන අතර තැපැල් ඡන්දය අවස්ථාවදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූපයක් වන අතර එම සත්‍ය ඡායාරූපය සංස්කරණය කරමින් එක් එක් අපේක්ෂකයින් ට අද දිනයේ ඡන්දය ලබා දුන් ඡන්ද පත්‍රිකා බවට දක්වා ඇත.

    සමාජ මාධ්‍යඡන්ද පත්‍රිකාSocial MediaBallot Papers

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.