Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නොමග යන සුළු අන්දමින් පළ වූ තැපැල් ඡන්ද ප්‍රතිඵල

    2024-09-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රත්නපුර දිස්ත්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ප්‍රතිඵල ලැබුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන්නේ, තෙවන ස්ථානය ලබා ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා බවටයි.

    Facebook | Archived Link

    Fact-Check

    2024 ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය වන රත්නපුර දිස්ත්‍රික් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රධාන රූපවාහිනි නාලිකා වාර්තා කිරීමේදී දක්වා තිබුණේ, වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතාත්, දෙවනුව සජිත් ප්‍රේමදාස මහතාත්, තෙවනුව නාමල් රාජපක්ෂ මහතාත් බවයි.

    නමුත් මැතිවරණ කොමිසම විසින් තහවුරු කරන ලද ප්‍රතිඵල පත්‍රිකාවේ දක්වා තිබුණේ ඡන්ද 6,641 ක් ලබමින් 21.06% ලබා දෙවන ස්ථානය ලබා ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

    Info Dept Elect Comission Postal vote

    මීට හේතුව වී තිබුණේ, රූපවාහිනි නාලිකා සඳහා ප්‍රතිඵල නිකුත් කිරීමේදී මැතිවරණ කොමිසම විසින් සිදු වූ තාක්ෂණික දෝශයක් බව අපට තහවුරු වුණා. එමෙන් ම සියලුම රූපවාහිනි නාලිකා විසින් නිවැරදි ප්‍රතිඵලය නැවත ප්‍රකාශ කළත්, බොහෝ සමාජ මාධ්‍ය සටහන් ඒ වන විටත් පළමුවෙන් පළකරන ලද ඡන්ද ප්‍රතිඵලය හුවමාරු කරගැනීම මෙම පටලැවිල්ලට හේතු වී තිබුණා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    තැපැල් ඡන්දතැපැල් ඡන්ද ප්‍රතිඵලPostal VotesPostal Vote Results

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.