Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි

    2024-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක

    තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා.

    ලිපිනයේ ඇතිවූ වෙනසක් ඇතුළු විවිධ හේතු මත, සැප්තැම්බර් 14 වන විටත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබී නොතිබෙන්නට පුළුවන්. නමුත් ඔබ කලබල විය යුතු නැහැ.

    ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේ. නමුත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට නොලැබුණ ද ඔබ වලංගු ඡන්අද දායකයෙකු නම් සහ ඔබගේ අනන්‍යතාවය තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම, ඡන්දය භාවිතයට බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අපට ලැබෙන ආරාධනා පත්‍රයයි. නමුත්, මෙම ආරාධනා පත්‍රය ඔබට ලැබුණත් නොලැබුණත් ඡන්දය සළකුණු කිරීම සඳහා ඔබට ලබා දී ඇති ඡන්ද පොළ ඔබ දන්නේ නම්, ඔබේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තිබේනම්, ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුවපවතී නම්, ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව පවතී.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTokනිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.