Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කිරීමට, රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා නිවාඩු ලැබෙන්නේ කෙලෙස ද ?

    2024-09-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඡන්ද වීමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඡන්ද වීමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක්, මැතිවරණ කොමිෂන් සභාව මඟින්නිවේදනය කර තිබේ.

    තම ඡන්දය දීමට හැකි වනු පිණිස සේවා නියුක්තීන්ට නිවාඩු දීමට සේවා යෝජකයන් කටයුතු කළ යුතු බවට 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතෙහි,110 වැනි වගන්තියෙන් (2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 6 වන වගන්තියේ සංශෝධිත) විධිවිධාන සලසා තිබේ. 2024.09.21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මැතිවරණයේ දී ද එය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු වේ.

    ඒ අනුව, රාජ්‍ය අංශයේ, නිළධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳව ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 12.3 ජේදයේ දක්වා ඇති පරිදි, ජනාධිපතිවරණයක් සඳහා අවම කාලය පැය 4 ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩු කිරීමක් නොමැතිව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව ද දක්වා ඇත.

    එසේ වුවත්, පෞද්ගලික අංශයේ, සේවා නියුක්තීන්ට ලිඛිත නියමයකින් පැන වූ එවැනි විශේෂ නිවාඩු ලබාදීමේ ක්‍රම වේදයක් නොමැති නිසා බොහෝ සේවා යෝජකයන් තම සේවා නියුක්තීන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා වූ නිවාඩු ලබා නොදෙන බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව සමඟ මින් පෙර සාකච්ඡාවේ දී ඇති කර ගන්නා ලද එකඟතාව අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්ද වීමසීමක දී ඡන්දය පාවිච්චි කිරීමට යෑමට හා ඒමට නිවාඩු ලබාදීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් සකස් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

    ඒ අනුව පෞද්ගලික අංශයේ සේවය කරන්නා වූ සේවක සේවිකාවන්ට, සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වූ නිවාඩු ලබාදීමට අදාළ සේවා යෝජකයින් කටයුතු කිරීම සුදුසු බවට නිර්දේශ කරන ලදී.

    ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්දපොළට යා යුතු දුර ප්‍රමාණය

    ලබාදිය යුතු අවම නිවාඩු කාල සීමාව

    කිලෝ මීටර් 40 හෝ ඊට අඩු නම්

    දින භාගයයි (½)

    කිලෝමීටර් 40 ත් කිලෝමීටර් 100ත් අතර නම්

    දින එකයි ( 1 )

    කිලෝමීටර් 100 ත් කිලෝමීටර් 150ත් අතර නම්

    දින 1 ½ යි

    කිලෝමීටර් 150 ට වැඩි නම්

    දින 2යි

    මෙම සටහනින් යෝජනා කර ඇත්තේ ලබා දිය යුතු අවම කාලය වන අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිටින ඡන්දදායකයින්ට ස්වකීය ඡන්ද පොළට යෑමට හා ඊමට දින තුනක් ගත වන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන හෙයින් අවස්ථාවෝචිතව දින තුනක් නිවාඩු දීමට සිදු වන බවද සැලකිල්ලට ගත යුතු වේ.

    මෙහිදී, සේවා නියුක්තීන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර, සෑම සේවා යෝජකයකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාල සීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙළ කර එය, සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු ද වේ.

    ඉහත කරුණු පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදනය මෙතනින්

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.