Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරණය අතරතුර තිබූ ගිනි තැබීමක් ලෙසට වාර්තා වෙන්නේ පැරණි වීඩියෝවක්!

    2024-09-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරන අතරතුර, රටේ ඇඳිරිනීතිය ද බලපවත්වෙද්දී ත් ගිනි තැබීමක් වාර්තා වන බවත්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක සත්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරන අතරතුර, රටේ ඇඳිරිනීතිය ද බලපවත්වෙද්දී ත් ගිනි තැබීමක් වාර්තා වන බවත්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ප්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන පසුබිමේ දැනටමත්රටේ භීෂණය පටන් අරගෙන ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    https://www.awesomescreenshot.com/embed?id=31777870&shareKey=d5e93a9340f2d9861958669277f2e775
    https://www.awesomescreenshot.com/video/31777870?key=d5e93a9340f2d9861958669277f2e775

    Tiktok

    මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝව අද(22) දිනයේදී සිදු වූවාද යන්න පරීක්ෂා කිරීම සඳහා අප මෙම වීඩියෝව Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව මේ වසරේ මාර්තු 24 වන දා වැල්ලවත්ත ‘නොලිමිට්’ නිමි ඇඳුම් අලෙවිසැලේ ඇති වූ ගින්නක් බවයි. ඒ බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් පළ කළ පුවතක් පහතින්. තවත් වීඩියෝවක් මෙතනින්.

    https://www.facebook.com/watch/?v=1322334945825142

    ගින්නෙන් තෙමහල් ගොඩනැගිල්ලේ දෙවැනි සහ තුන්වැනි මහල් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.

    ඒ අනුව පැහැදිලි වන්නේ, අද ඇති වූ ගිනි තැබීමක් ලෙසට පෙන්වා දීමට උත්සහ කර තිබුණේ 2024 මාර්තු මස දී ඇති වූ ගිනි ගැනීමක් බවයි.

    කෙසේ වෙතත් අප අද(22) දිනයේ ගිනි තැබීම් වාර්තා වී ඇත්දයි යන්න පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, කිසිදු ගිනි තැබීමක් වාර්තා නොවූ බවයි.

    එමෙන් ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් (CMEV) ද, අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, මෙය අසත්‍ය තොරතුරක් බවත්, ගිනි තැබීම් වාර්තා වී නොමැති බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.