Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සැප්තැම්බර් 18න් පසු සමාජ මාධ්‍ය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

    2024-09-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර්18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර්18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලයවේ. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් වේ.

    ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරේ. පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

    1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනත 70වැනි වගන්තිය තුළ නිහඬ කාල සීමාව පිළිබඳව ඇති නීතිමය පසුබිම පැහැදිලි කර තිබේ. මැතිවරණ දිනය තෙක් පමණක් නොව මැතිවරණය නිමාවී දින හතක් ගතවන තුරු මෙම නීතිය ක්‍රියාත්මක වේ. මෙම කාල සීමාවෙහි, කැන්වසින් යාම, පෙළපාලි යාම ද කණ්ඩායම් ලෙස රැස්වී ජය පරාජය සැමරීම ද නොකළ යුතු වේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2394/57 දරන 2024.07.26 දින ගැසට් පත්‍රය මඟින් දක්වා ඇති පරිදි ඡන්ද විමසීමේදී තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් අපේක්‍ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතිය යි. සමාජ මාධ්‍ය භාවිතයේදී අනුගමනය කළ යුතු උපමානද එම ආචාරධර්ම පද්ධතියටම ඇතුළත් කර ඇත. ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ පූර්ව මැතිවරණ මත සිදුකිරීමට අනුබල නොදිය යුතු අතර කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන් සාදන ලද පරිගණක වැඩසටහන් මඟින් අසත්‍ය පුවත්, දුෂ්තොරතුරු සහ හිතාමතාම වෙනස් කරන ලද හෝ විකෘති කරන ලද හෝ තොරතුරු ප්‍රචාරය කිරීමද නොකළ යුතු වේ.

    ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාලයේ දී සමාජ මාධ්‍යයෙන් සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා අයත් සමාගම් සමග එක්ව මැතිවරණ කොමිෂන් සභාව වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුකර තිබේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.