Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    JVP/NPP ආධාරකරුවන් විසින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්!

    2024-09-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දිනක පමණ කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නිහඬ කාලයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ මොහොතක පක්ෂ අතර නොයෙකුත් අන්දමින් මහජන ඡන්දය වෙනස් කිරීමට, ඡන්දය ලබා ගැනීමට උපර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයට දිනක පමණ කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නිහඬ කාලයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ මොහොතක පක්ෂ අතර නොයෙකුත් අන්දමින් මහජන ඡන්දය වෙනස් කිරීමට, ඡන්දය ලබා ගැනීමට උපරවැට්ටි සමාජ මාධ්‍ය ඔස්සේ භාවිත කරනවා දැක ගන්නට ලැබේ. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “මෙන්න මිනිමරු ජෙප්පන්ගේ සිස්ටම් චේන්ජ්” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය වූයේ, JVP/NPP ආධාරකරුවන් විසින් අද(20) අලුයම මැතිවරණ පෝස්ටර් ගලවන බව පවසමින් පුද්ගලයෙකුට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

    මුහුණේ සහ ශරීරයේ ‘ලේ’ තැවරුණු බවට පෙනෙන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන අතර පවුලේ සාමාජිකයෙක් විසින් මෙය වීඩියෝ කරන බවට දැක්වේ. මෙම අවස්ථාවේදී ප්‍රහාරයට ලක් වූ බවට කියන එම පුද්ගලයා විසින් සඳහන් කරන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ගොණු කරන බවයි.

    FB | Archived 

    මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්

    එමෙන් ම මෙය පිටපතකට අනුව කළ රඟ දැක්වීමක් බවට ත් ඇතැම් පිරිස් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්. 

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    අප මෙම වීඩියෝවේ මූලාරම්භය සෙවීම සඳහා මෙහි රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවත් අපට ඒ සම්බන්ධ නිල මූලාශ්‍රයක් සොයා මෙය ගැනීමට නොහැකි වුණා. මේ හේතුවෙන් මම වීඩියෝව සම්බන්ධයෙන් සැකයක් මතුවන බැවින් අප මේ පිළිබඳ පාර්ශව කිහිපයකගෙන් විමසීම් කිරීමට පියවර ගනු ලැබුවා.

    පොලිස් මාධ්‍ය කොට්ඨාශය

    මෙම ප්‍රහාරයට ලක් වූ බවට පෙන්වන පුද්ගලයා විසින් පොලීසියට පැමිණිල්ලක් යොමු කරන බව සඳහන් කළ බැවින්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ලැබී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා අපි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද සම්බන්ධ කර ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, මැතිවරණයට අදාළව එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිලි ලැබී නොමැති බවයි.

    මැතිවරණ කොමිෂන් සභාව

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට   පැමිණිල්ලක් ලැබී ඇත්දැයි යන්න පිළිබඳව ද, අප මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් කළා.

    ඊට පිළිතුරු දක්වමින්, නියෝජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල තහවුරු කළේ එවැනි පහරදීමක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

    කෙසේ වෙතත් මෙම වීඩියෝව හේතුවෙන් ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් වන බවට ජාතික ජන බලය පක්ෂයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති බව ඔවුන් සඳහන් කළා.

    වීඩියෝව සංසරණය කළ සමාජ මාධ්‍ය ගිණුම්

    මෙම වීඩියෝව සංසරණය කර තිබූ බොහොමයක් සමාජ මාධ්‍ය ගිණුම්, විශ්ලේෂණය කිරීමේදි, මෙම පිටු මෑතකදී නිර්මාණය කර ඇති පිටු බවට දැක ගන්නට ලැබේ. මින් පිළිඹිමු වන්නේ මෙම ගිණුම් මැතිවරණය අළලා එක් පක්ෂයකට සහය පළ කරමින් මැතිවරණ ප්‍රචාරණය සිදු වන බව ත්, මෙම පිටු හරහා මැතිවරණ නිහඬ කාලය තුලදී අනෙකුත් පක්ෂ වල අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට සිදු කරන මඩ ව්‍යාපාරයක් විය හැකි බවට පෙන්වා දිය හැක. 

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) : 

    පෝස්ටර් ඉවත් කිරීම හේතුවෙන් JVP/NPP ආධාරකරුවන් පුද්ගලයෙකුට පහර දුන් බවට දැක්වූ වීඩියෝව නොමග යන සුළු අන්දමින් පළ කළ වීඩියෝවක් වන අතර මෙහි මුල් වීඩියෝවක් ගැන කිසිදු ස්ථානයක සඳහන් නොවේ. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හෝ පොලිසියට පැමිණිලි ලැබී නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.