Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බංග්ලාදේශයේ පවතින ගෑස් හිඟයක් බවට පෙන්වීමට යොදාගත් 2022 ගෑස් පෝලිම් සමයේ වීඩියෝ දර්ශනයක්!

    2024-09-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

        දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්දය ලබා ගැනීම සඳහා ඡන්ද දායකයින් පෙළඹවීම අරමුණු කොටගෙන මේ දිනවල නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වනවා. මේ අතර අනෙකුත් රටවල පවතින ආර්ථික තත්ත්වයන් හා ඔවුන් මුහුණ

     

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඡන්දය ලබා ගැනීම සඳහා ඡන්ද දායකයින් පෙළඹවීම අරමුණු කොටගෙන මේ දිනවල නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වනවා. මේ අතර අනෙකුත් රටවල පවතින ආර්ථික තත්ත්වයන් හා ඔවුන් මුහුණ පා ඇති ගැටලු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    මුස්ලිම් ප්‍රජාවට අයත් පිරිසක් විසින් ගෑස් සිලින්ඩර් රැගෙන පාරක ඇවිද යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ, වර්තමානයේ බංග්ලාදේශයේ ගෑස් හිඟයකට මුහුණ පා ඇති අයුරු බවට සඳහන් කරමින්.

    FB | Archived

    මෙය සැබවින් ම බංග්ලාදේශයේ වීඩියෝවක් ද යන්න පිළිබඳ සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී, පෙනී යන්නේ, මෙම වීඩියෝවේ දක්වා ඇති පිරිස භාවිත කරන්නේ, බංගලාදේශයේ භාෂාව වන බෙංගාලි භාෂාව නොව දෙමළ භාෂාව බව යි.

    එමෙන් ම මෙම වීඩියෝවේ, රූප රාමුවකදී, “Moulana Child Park, Eravur Urban Council.” (මවුලානා ළමා උද්‍යානය, එරාවුර් නගර සභාව) යනුවෙන් නාම පුවරුවක් දැක ගන්නට ලැබුණා.

    එරාවුර් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි නගරයක් වන හෙයින් අප මෙම ස්ථානය පිළිබඳ Google map හරහා පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව මෙම ස්ථානය බංග්ලාදේශයේ නොව ශ්‍රී ලංකාවේ එරාවුර් නගරය බවට තහවුරු වුණා.

    එම ස්ථානය Street view ඔස්සේ දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් තහවුරු කිරීම

    අපි එරාවුර් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන අබ්දුල් නසීර්ගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු තහවුරු කළේ, ඉහත වීඩියෝව එම ප්‍රදේශයේ මෑත කාලීන වූ සිදුවීමක් නොවන බවයි.

    මෙය 2022 මාර්තු මාසයේ පමණ ඇති වූ තිබූ ගෑස් නොමැති වීමේ අර්බදකාරී අවස්ථාවේ ගෑස් බෙදීම සිදු කරන අවස්ථාවක ඒවා මිලට ගැනීම සඳහා එරාවුර් ප්‍රදේශයේ එක් රොක් වන පිරිසකගේ වීඩියෝවක් බවයි.

    තවද, එරාවුර් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් අස්මි සම්බන්ධ කර ගැනීමට අපි සමත් වූ අතර, ඔහු ද, ඉහත තොරතුරු සනාථ කරමින් පවසා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොමග යන සුළු අන්දිමින් පළ වන මෙම වීඩියෝව 2022 මාර්තු 29 වන දින ඔහු විසින් පටිගත කළ වීඩියෝවක් බවයි.

    එම වකවාණුවේ පළ වූ එම මුල් වීඩියෝව පහතින්.

    @mohamedazmy5456 ♬ Pink Champagne – Abby Roberts

    2022 වසරේ මුල් භාගයේ සිට මෙරට ආර්ථිකය කඩා වැටෙමින් පැවතුණි. ඉවුම් පිහුම් සිදු කිරීමට ගෑස් නොමැති කම, වාහන ධාවනයට ඉන්ධ නොමැති කම, නිසි පරිදි විදුලිය නොලැබීම, ඇතැම් අත්‍යාව්‍යශ්‍ය භාණ්ඩ වල හිඟකම මෙන් ම අධික උද්ධමනය හමුවේ දෛනික ජන ජීවිතය අඩාල වුණි. එම වකවාණුවේදී මිනිසුන් මුහුණ පෑ අසීරුතාවයක අවස්ථාවක් ඉහත වීඩියෝවෙන් පෙන්නුම් කෙරේ.

    බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය

    කෙසේවෙතත් මේ වන විට බංග්ලාදේශය, ඇත්ත වශයෙන්ම ගෑස් හිඟයක් ඇතුළු උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටී. කර්මාන්ත ශාලා ගණනාවක් දින නියමයක් නොමැතිව වසා දැමීමත් සමඟ ඉදිරි දිනවලදී ඊටත් වඩා ගැඹුරු අර්බුදයක් ඇති වේ යැයි සැක පහළ වෙයි. බංග්ලාදේශයේ ආර්ථික කඩා වැටීම සහ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ‘ගෑස්’ ලබා ගැනීමට මේ දිනවල දිව යන බංග්ලාදේශ වැසියන්ගේ වීඩියෝවක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව, බංග්ලාදේශයේ වර්තමාන වීඩියෝවක් නොව, මීට වසර දෙකකට පෙර, ශ්‍රී ලංකාවේ එරාවුර් ප්‍රදේශයේ දී ලබාගත් වීඩියෝවකි. 2022 වසරේ ආර්ථික අර්බුදය හමුවේ ගෑස් නොමැති වීමෙන් පසු, ගෑස් බෙදාහරින අවස්ථාවක ගෑස් ලබා ගැනීමට දිවයන ශ්‍රී ලංකිකයින් පිරිසක් මින් දැක්වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.