Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාලිමාවට ඡන්දය ලබා දෙන මෙන් තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්?(Video)

    2024-09-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ දින ළං වෙත් ම සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බහුලව සංසරණය වනු ලබනවා. විශේෂයෙන් ම දේශපාලන වේදිකාවන් තුළ දී දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් සංස්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයේ දින ළං වෙත් ම සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බහුලව සංසරණය වනු ලබනවා. විශේෂයෙන් ම දේශපාලන වේදිකාවන් තුළ දී දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් සංස්කරණය කරමින් නොමග යන සුළු අන්දමින් දේශපාලනික වාසිතකා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍ය හෙළි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මේ පාර තිස්සත් මාලිමාවට” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් ‍ෆේස්බුක් ඔස්සේ පළ වී සංසරණය වුණා.

    මෙම වීඩියෝවේ, තිස්ස අත්තනායක විසින් අනුර කුමාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු බවට එම වීඩියෝවේ හඟවා තිබුණේ මෙලෙසින්.

    “අනුර කුමාර දිසානායක, මේ රටේ මුකුත් ම වරදක් නොකරපු, රට වෙනුවෙන් මහා කැපවීමක් කරපු, එදා බැනුම් අහ අහා මේ සියලු අභියෝග ජය අරගෙන මේ රටට මතක හිටින සේවාවක්, ජාතික සේවාවක්, මෙරට ඇති කරන්න පුළුවන් කම ලැබුණා. ඒ නිසා මම කියනවා මිත්‍රවරුනි, අපි 21 වන දා ඡන්ද පොළට ගිහිල්ලා, NPP ය ජයග්‍රහණය කරන්න, තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා මන් ඉල්ලනවා”

    Facebook

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් කළ අතර එම කරුණුද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් එම පක්ෂයේ දේශපාලව වේදිකාව නැග මෙලෙසින් වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකු දිනවීමේ දේශපාලන කතාවක් සිදු කිරීම විය නොහැකි බැවින් අප මෙම සාකච්ඡාවේ සම්පූර්ණ කතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා. 

    ඒ අනුව, එම සම්පූර්ණ සාකච්ඡාව වෙත අවධානය යොමු කිරීමේදී තිස්ස අත්තනායක මහතා විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ට සහ එම පක්ෂය විසින් හැත්තෑ පස්වරක් පුරාවට එක් එක් කාල පරිච්ඡේද වලදී රට වෙනුවෙන් කටයුතු නොකළ අයුරු ද, සඳහන් කරනු ලබනවා. එමෙන් ම 1988/89 කාලවලදී රට තුල අභ්‍යන්තර කැරලි 2 කට මුහුණ දීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට සිදුවූ බව ත් ඒ හමුවේ, අභියෝග හමුවේ රට ඉදිරියට ගෙන බව ත් සඳහන් කරනු ලබනවා. නමුත් කිසිදු අවස්ථාවක ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙසට හෝ අනුර කුමාර දිසානායක මහතා හෝ එම පක්ෂයේ සාමාජිකයින් ව හෝ වර්ණනා කරමින් ඇගයීමක් සිදු නොකරනු ලබයි.

    නමුත් එම වීඩියෝවේ ම තැනින් තැන් වල ලබා ගත් ප්‍රකාශයන් නැවත සංස්කරණය කරමින් වෙනත් අරුතක් ගැන්වෙන අයුරින්, තිස්ස අත්තනායක මහතා ජාතික ජන බලවේගයට පක්ෂ පාතීව කතා කරන බවට ප්‍රති නිර්මාණය කර තිබුණා.

    සංස්කරණය කරන ලද වීඩියෝව සහ සත්‍ය වීඩියෝව අතර සංසන්දනය පහතින්.

    Video

    මීට පෙර ද, තිස්ස අත්තනායක මහතා විසින් ජාතික ජන බලවේගය විවේචනය කරමින් මෑතකදී දේශපාලන වේදිකාවේ අදහස් ප්‍රකාශ කර තිබුණු අතර එවන් අවස්ථා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට මෙවර ඡන්දය ලබා දෙන්න යනුවෙන් සඳහන් කරමින් පළ වූ වීඩියෝව සංස්කරණය කරමින් පළ කරන ලද වීඩියෝවකි. මෙම අවස්ථාවේ තිස්ස අත්තනායක විසින් ප්‍රකාශ කරන ලද සම්පූර්ණ වීඩියෝවේ ප්‍රකාශයන් තැනින් තැන ගෙන ජාතික ජන බලවේගයට පක්ෂ පාතී ලෙස තිස්ස අත්තනායක මහතා විසින් කතා කළ අවස්ථාවක් බවට පෙන්වා දීමට උත්සහ දරා තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.