Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මීළඟ ඡන්දය සඳහා NPPය ඉදිරිපත්වන්නේ ජවිපේ සීනුව ලකුණෙන් බවට ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් ?

    2024-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරනයට දින ලංවත්ම සියලුම දේශපාලන පක්ශ තම ඡන්ද ප්‍රචාරන කටයුතු වේගවත් කර තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ශකයන් මෙන්ම එම පක්ශ සාමාජිකයන්ගේ ද අදහස් නිතර සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය අපට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරනයට දින ලංවත්ම සියලුම දේශපාලන පක්ශ තම ඡන්ද ප්‍රචාරන කටයුතු වේගවත් කර තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ශකයන් මෙන්ම එම පක්ශ සාමාජිකයන්ගේ ද අදහස් නිතර සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය අපට දැකගන්නට පුලුවන්. මේ ආකාරයට ජාතික ජන බලවේගයේ සාමාජික ලාල් කාන්ත මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක සත්‍ය කරුණු සොයා අප පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ෆේස්බුක් සටහකේ පළ වී තිබුණේ, “සමාජවාදය අමතක කරලා නැහැ.. අපි මාලිමාවෙන් ඉල්ලන්නේ මේ ඡන්දේ විතරයි. මේක දිනලා ඊලඟ ඡන්ද සියල්ලටම ඉදිරිපත් වන්නේ ජවිපේ සීනුවෙන්” යනුවෙනි.

    FB | Archived FB | Archived

    මෙම අදහස ලාල් කාන්ත මහතා වේදිකාවේ පළ කල එකක් ලෙස සහ එය පසුගිය සැප්තැම්බර් 08 වන දා සිරස නිවුස් වල පල කල එකක් බව හැ‍ඟෙන පරිදි ලාල් කාන්ත මහතාගේ රූපය සහිතව ෆේස්බුක් වෙත එක් කර තිබුනා.

    අප මේ පුවතේ සත්‍යතාවය පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීමට කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සිරස පුවත් :

    අප පලමුවෙන්ම ලාල් කාන්ත මහතා විසින් මේ ආකාරයෙන් කල ප්‍රකාශයක් සිරස ටීවී පුවත් විකාශයේ විකාශනය වුනා දැයි සොයා බැලුවා. සිරස පුවත් උදෑසන දවල් සහ රාත්‍රී කිසිම ප්‍රවෘති ප්‍රකාශයක මේ ආකාරයෙන් පුවතක් පළ ව නොතිබුණි. ඒ අනුවම මේ ආකාරයේ ප්‍රාකශයක් සිරස පුවත් වල විකාශනය වී නොමැති බව තහවුරු කළ හැකි වන අතර මේ වන විට මෙම ආකෘතියෙන් පුවත් එම මාධ්‍ය ආයතනය විසින් පළ නොකරන බව ත් මෙවැනි පුවතක් එම සිරස පුවත් වෙබ් අඩවියේ හෝ පළ කර නොමැති බව ට එහි වෙබ් පුවත් කළමණාකරු අප කළ විමසීමේදී තහවුරු කළා. එදින ප්‍රධාන පුවත් විකාශය මෙතනින් සහ මෙතනින්.

    ලාල් කාන්ත :

    මේ ආකාරයේ ප්‍රකාශයක් ලාල් කාන්ත මහතා විසින් සිදු කලේද යන්න පිලිබඳව අප ඔහුගෙන් විමසා සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කලේ ඔහු විසින් කිසිම වේදිකාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. මෙම ප්‍රකාශය සාවද්‍ය එකක් බව ඔහු වැඩිදුරටත් අප සමග ප්‍රකාශ කර සිටියා.

    එමෙන් ම ජාතික ජන බලවේගයේ ෆේස්බුක් පි‍ටුවක ද මෙම පුවත ව්‍යාජ එකක් බවට තවුරු කර තිබුනේ මෙලෙසින්.Archived Link

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී ලාල් කාන්ත මහතා විසින් මින් ඉදිරියේ පවත්නා ඡන්ද සඳහා ඉදිරිපත් වන්නේ ජවිපේ සීනුවෙන් යනුවෙන් ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය වේ. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවට අප කළ විමර්ශනයේදී තහවුරු වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.