Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    NPP රැලියක ඡායාරූපයක් ද?

    2024-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපති අපේක්ෂකයින් විසින් පවත් වන රැලිවල සත්‍ය ඡායාරූප මෙන් ම, සංස්කරණය කරන ලද ඡායාරූප ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වනවා මේ අතර වෙනත් අවස්ථාවන් වල ඡායාරූප ද, ඇතැම් පක්ෂ වල රැලි බවට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මේ දිනවල ජනාධිපති අපේක්ෂකයින් විසින් පවත් වන රැලිවල සත්‍ය ඡායාරූප මෙන් ම, සංස්කරණය කරන ලද ඡායාරූප ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වනවා මේ අතර වෙනත් අවස්ථාවන් වල ඡායාරූප ද, ඇතැම් පක්ෂ වල රැලි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වනවා. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘දැන් මේ රැල්ල නැවත හරවනවා බොරු’ යනුවෙන් සඳහන් කරමින් විශාල සෙනගක් රැස්ව සිටින අවස්ථාවක ඡායාරූපයක් NPP රැලියකට පැමිණි අවස්ථාවක් බවට හඟවමින් එම තේමාව යටතේ පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මේ සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම සටහන නොමග යන අන්දමින් පළ කර ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ දිනවල ජනාධිපතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් විසින් දිවයිනේ නන් දෙසින් දේශපාලන රැස්වීම්, රැළි පවත්වන අතර ඊට සහභාගී වූ සෙනඟ පෙන්වන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.

    අප ඉහත ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂාවක් කළ අතර ඒ අනුව එම ඡායාරූපය පසුගිය සැප්තැම්බර් 7වන දා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවති “Coke Kottu Beat Party”ට පැමිණි සෙනඟ දක්වන අවස්ථාවක් බවට තහවුරු විය.

    61,000ක් පමණ සෙනඟ එම අවස්ථාවට පැමිණි බවට එම ප්‍රසංගයට පැමිණි ගායන ශිල්පි අනුෂ්ක උදානගේ වස්ති Production ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන් ම මෙම ඡායාරූපය පළ කරමින් එම ප්‍රසංගය සංවිධානය කළ ආයතන විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link තව ත් අවස්ථාවක් මෙතනින්.

    ඉහත ඡායාරූපයේ වර්ණය රතු පැහැයෙන් දිස්වන හේතුවෙන් එම ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණ (රතු), ජාතික ජන බලවේගයේ පක්ෂවල(දම්) වර්ණයට සමාන බැවින් එය මාලිමාවේ රැලියක් බව ට හඟවමින් ඉහත ඡායාරූප සටහන් හුවමාරු කර ගෙන තිබෙනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මිනුවන්ගොඩ NPP රැලියක ඡායාරූපයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය නොමග යන සුළු වන අතර එය මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවති “Coke Kottu Beat Party”ට පැමිණි පිරිස දක්වන ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.