Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණයන් නැවතිලා ද?

    2024-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.     ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතර එක් අයෙක් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයක් නැවතී ඇති බවට පවසමින් ඊට හේතුව වන්නේ, ඔහු දැනටමත් පරාජය පිළිගෙන ඇති බව ත් ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතර එක් අයෙක් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයක් නැවතී ඇති බවට පවසමින් ඊට හේතුව වන්නේ, ඔහු දැනටමත් පරාජය පිළිගෙන ඇති බව ත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන රැස්වීම් රැසක් අවලංගු වී ඇති බව ත්, රූපවාහිනි නාලිකා ඔස්සේ ඔහුගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරයන් සිදු නොවන බව ත්, සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වී තිබුණේ මේ ආකාරයෙන්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු රැලි අවලංගු කර ඇති බව ත්, ඒ මහතාගේ කිසිදු මැතිවරණ දැන්වීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ නොවන බවට ත් සඳහන් කර තිබූ නිසා අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, මෑතකදී මැතිවරණ රැළි වලට ඔහු විසින් සහභාගී නොවී තිබුණේ ද, යන්නයි.

    අද(14) දිනයේදී ත්, යාපනයේ “පුළුවන් ශ්‍රී ලංකා” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රැලියක් පැවැත්වෙන අතර මැතිවරණ ප්‍රචාරන රැළි පසුගිය සති කිහිපයේදී ත් අඛණ්ඩව පැවති බවට දැක ගැනීමට හැකි වේ. එම රැළි සම්බන්ධ සජීවි වීඩියෝ නැරඹීම මෙතනින් සහ මෙතනින්.

    ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත්

    ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් අලෙවිකරණ අංශයන්ගෙන් අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයන් අඛණ්ඩව සිදු කෙරෙන බව ත්,අද(14) මෙන් ම හෙට(15) දින බෙදා හැරීමට නියමිත පුවත්පත් වල ද, එම වෙළඳ දැන්වීම් පළ කර තිබෙන බවයි.

    එය තහවුරු කරමින් ඔවුන් අප වෙත එවූ දැන්වීම් කිහිපයක් පහතින්.

    ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ ගුවන්විදුලි ආයතන:

    මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ඊයේ(13) සහ අද (14) යන දෙදින ප්‍රධාන පෞද්ගලික රූපවාහිනි නාලිකාවල රනිල් වික්‍රමසිංහ මහතාගේ වෙළඳ දැන්වීම් සහ රැලි සම්බන්ධ පුවත් විකාශනය වූවාදැයි යන්න පරීක්ෂා කරනු ලැබුවා. එහිදී ප්‍රධාන මාධ්‍ය පෞද්ගලික නාලිකා ගුවන් විදුලි නාලිකා ඔස්සේ වික්‍රමසිංහ මහතා විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද මැතිවරණ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයන් මෙන් ම රැළි සම්බන්ධ පුවත් ද, වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබුණා.

    එමෙන් ම අප තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා රූපවාහිනි මෙන් ම ගුවන් විදුලි නාලිකා කිහිපයක අලෙවි අංශයගෙන් විමසීමක් කළ අතර ඔවුන් ද, තහුවරු කළේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ වෙළඳ දැන්වීම් නවතා නොමැති අතර අඛණ්ඩව සිදුවන බව ත්ය.

    සමාජ මා‍ධ්‍ය :

    සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ වෙළඳ දැන්වීම්, අඛණ්ඩව සිදුවන බවයි. ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයන් සිදු වන ෆේස්බුක් පිටුවල අද දිනයේ පළ වූ සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එමෙන් ම ෆේස්බුක් මාධ්‍යයේ සිදු කෙරන වෙළඳ දැන්වීම් ඔස්සේ බහුල වශයෙන් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ දැන්වීම් කාලසටහන්ගත කර ඇති බව ද, අපට ෆේස්බුක් Ads Library හරහා දැක ගන්නට ලැබුණා.

    අන්තර් ජාලය ඔස්සේ ද පළ වන වෙළඳ දැන්වීම් ද, අපගේ අවධානය යොමු වුණා.එමෙන් ම ඊයේ(13) සහ අද(14) යන දෙදින පාක්ෂිකයින් විසින් කැන්වසින් ගිය අවස්ථා මෙතනින්, මෙතිනන්, මෙතනින් සහ මෙතනින්.

    එසේම මේ පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ කටයුතු මෙහෙයවන කණ්ඩායම සඳහන් කර සිටියේ ද එළඹෙන දින කිහිපයේ රැළි රැසකට සහභාගී වීමටත් කටයුතු සුදානම් කොට ඇති අතර විශාල පිරිවැයක් දරමින් සතිඅන්ත පුවත්පත් සියල්ලේ මුල් කවරයේ දැන්වීම් ලබාගත් බවත්, ගුවන් විදුලි, රුපවාහිනී, ඩිජිටල් සෑම මාධ්‍යකම බහලුව ඉදිරි දින කිහිපයේ දැන්වීම් පළකිරීමට සියලු කටයුතු යොදා ඇති බවයි.

    ඒ අනුව පෙනී යන්නේ, ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා සිදු වන බව ත්, මැතිවරණ ප්‍රචාරණ රැළි ද, අඛණ්ඩව පැවැත්වෙන බව ත් ය.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පරාජය භාරගෙන ඇති බව ත්, ඒ හේතුවෙන් මැතිවරණ රැළි අවලංගු කරමින් රූපවාහිනි ඇතුළු ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මැතිවරණ ප්‍රචාරණය ද, නවතා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් නොමග යන සුළු වේ. අප කළ පරීක්ෂාවේදී තහවුරු වූයේ, මේ වන විටත් වික්‍රමසිංහ මහතාගේ මැතිරවරණ ප්‍රචාරණ රැළි මෙන් ම, මැතිවරණ වෙළඳ දැන්වීම් ද, ප්‍රධාන නාලිකා මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, සමාජ මාධ්‍ය ඔස්සේ ද, අඛන්ඩව සිදු වන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.