Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනාධිපතිවරණ ඉතිහාසය – ජනාධිපතිවරණවලට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් සංඛ්‍යා 

    2024-08-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරණය සදහා මේ වනවිට අපේක්ෂකයන් 20 කට අධික ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.නාමයෝජනා භාරදී ජනාධිපතිවරණය සදහා කොපමණ අපේක්ෂකයන් ප්‍රමාණයක් තරග වදියිද යන කාරණය පිලිබදව බොහෝ දෙනාගේ ඇත්තේ දැඩි අවධානයක්. ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ ගත කල අපේක්

    ජනාධිපතිවරණය සදහා මේ වනවිට අපේක්ෂකයන් 20 කට අධික ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.නාමයෝජනා භාරදී ජනාධිපතිවරණය සදහා කොපමණ අපේක්ෂකයන් ප්‍රමාණයක් තරග වදියිද යන කාරණය පිලිබදව බොහෝ දෙනාගේ ඇත්තේ දැඩි අවධානයක්.

    ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ ගත කල අපේක්ෂකයන් කි දෙනෙක් තරග වැදී ඇතිද යන්න දැනගැනීමට බොහෝ දෙනා දැඩි කුතුහලයක් දක්වනවා.

    මේ ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.

    1999 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් 13 දෙනෙක් ඉදිරිපත්ව තිබෙනවා.ඒ අතරින් ප්‍රධාන වන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා සහ, චන්ද්‍රිකා කුමාරතුංග යි.ඊට අමතරව හඩ්සන් සමරසිංහ වැනි ප්‍රසිද්ධ චරිතද එම මැතිවරණයට තරග කල අපේක්ෂකයන් අතර සිටිනවා .ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ නන්දන ගුණතිලකයි.මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ චන්ද්‍රිකා කුමාරතුංගයි .ඇය තරග වදින්නේ පොදු   පෙරමුණ නියෝජනය කරමින්.

    2005 ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 13 දෙනෙක් ඉදිරිපත්වෙනවා.ඔවුන් අතරින් ප්‍රධාන රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයායි.එම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂයි.ජනැතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ඔවුන්ගේ සහාය ලබාදෙන්නේ මහින්ද රාජපක්ෂටයි.ඔහු නියෝජනය කලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

    2010 ජනාධිපතිවරණය සදහා අපේක්ෂයන් 22 දෙනෙක් ඉදිරිපත්ව තිබෙනවා.ඒ අතරින් ප්‍රධාන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.ඒ අතරින් ජයග්‍රහණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිවුයේ ඔහුටයි.

    2015 ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 19 දෙනෙක් ඉදිරිපත් වුණු අතර ඉන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.ඉන් ජයගහණය ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙනයි.සිරිසේන මැතිවරණයට ඉදිරිපත් වුවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසයි.

    2019 ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත්වූ අතර ප්‍රධාන අපේක්ෂකයන් වුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාසයි.එයින් ජයග්‍රහණය හිමිවුවේ හිටපු ජනාධිපති රාජපක්ෂටයි.ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වුවේ එහි නායක සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.