Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පොලිස් දින සැමරුමට ජනාධිපති සමඟ සිය ආරක්ෂකයා සහභාගි වූ ප්‍රථම අවස්ථාව ද?

    2025-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් මෙන්ම ප්‍රසිද්ධ චරිත අලලා නිරන්තරව සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන ආකාරයක් දැකගත හැකි අතර බොහෝ පිරිසක් ඒවා  සත්‍ය යැයි සිතා හුවමාරු කර ගන්නා ආකාරයක්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රටේ පිළිගත් මෙන්ම ප්‍රසිද්ධ චරිත අලලා නිරන්තරව සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන ආකාරයක් දැකගත හැකි අතර බොහෝ පිරිසක් ඒවා  සත්‍ය යැයි සිතා හුවමාරු කර ගන්නා ආකාරයක් ද දැකගත හැකියි. මේ එලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වී ඇති සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමසා බැලීමක්. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ඉහත ඡයාරූපයෙන් දැක්වෙන්නේ ඊයේ පැවැත්වුණු 159 වැනි පොලිස් සැමරුමේ පොලිස් ආචාරයට ජනාධිපතිවරයා සහභාගී වූ අන්දම ය. 

    ජනාධිපතිවරයා රතු පලස් මතින් ගමන් කරන අතරතුර ඔහුගේ වම්පසින් ගමන් කරන්නේ පෞද්ගලික ආරක්ෂකයා ය. 

    ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාට සමාන්තරව, පොලිස් ආචාරය ලබාදෙන නිලධාරීන් සමීපයෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමය. මෙය දුටු වහාම කෙනෙකුට හිනා යන්නේ, පොලීසියේ ආචාරය ලබා දෙන්නේ ජනාධිපතිට ද ඔහුගේ පුද්ගලික ආරක්ෂකයාට ද යන්න තෝරා බේරා ගත නොහැකිවය.

    ජනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂකයා ජනාධිපති ආරක්ෂක අංශයේ අයකු නොවේ. ඔහු මෙලෙස පොලිස් භටයින් සමීපයෙන්, ජනාධිපතිවරයාට සමාන්තරව ඇවිද යන්නෙ කිසියම් පොලිස් භටයකු ජනාධිපතිවරයාට පහර දුන්නොත් එය වළක්වා ගැනීමේ අදහසින් විය යුතුය. එසේ නොමැතිව මෙසේ ගමන් කිරීමට හේතුවක් නැත.

    අහෝ! බියෙන් පීඩිත ජනපති පත්ව ඇති තැතිගැන්මේ තරම!!

    අනුර ජනපතිට තමන්ගේ රටේ ආරක්ෂක අංශයවත් විශ්වාස නෑ 

    නැත්තන් ඉතිම් මෙහෙම හාවියෑ? 

    පොඩ්ඩක් කල්පනා කර බලන්න”

    යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහනට අනුව පසුගිය 3 වැනිදා පැවති ජාතික පොලිස් දින සැමරුමේදී සම්මාන පෙළ පාලිය ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ ජනාධිපතිවරයා රතු පළස මතින් ගමන් කරන අවස්ථාවේ  ඔහුගේ වම්පසින් ආරක්ෂක නිලධාරියෙකු ගමන් කරන ආකාරයක් දැකගත හැකි අතර මෙම සමාජ මාධ්‍ය සටහන මගින් උළුප්පා පෙන්වීමට උත්සහා දරා ඇත්තේ, මෙලෙස ආරක්ෂක නිලධාරියෙකු ගමන් කරන්නේ, ජනාධිපතිවරයාට රටේ ආරක්ෂක අංශය පිළිබඳ විශ්වාසයක් නැති බවත් ඔහු තැතිගැන්මකින් සිටින බවත් ය.  තව ද මෙහිදී  අරක්ෂක නිලධාරියා ජනාධිපතිවරයාට සමාන්තරව ගමන් කරන බවත්, පොලීසියේ ආචාරය ලබා දෙන්නේ ජනාධිපතිට ද ඔහුගේ ආරක්ෂකයාට ද යන්න තෝරා බේරා ගත නොහැකි බව ද එහි සඳහන් ය.

    Facebook 

    මෙම සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් අදහස් පළ කිරීම් රැසක් දැකගත හැකි අතර විශාල පිරිසක් අතරේ එය හුවමාරු වී තිබුණේ ද මේ ආකාරයෙනි. 

    ඒ් අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම ඡායාරූපයේ නිර්වද්‍යතාව පිළිබඳව කරණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසිනි. 

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  159 වැනි පොලිස් දින සංවත්සර උළෙල තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත්ව පැවැත්විණ. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් 4,254 දෙනෙකුට උසස්වීම් පිරිනැමුණු අතර මෙරට පොලිස් කණ්ඩායමක් විදේශයක් තුළ සිදුකළ විශිෂ්ට මෙහෙයුමට නායකත්වය දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාට ජනාධිපති වීරතා පදක්කම් ද  පිරිනැමිණ.

    මෙම පොලිස් දින සංවත්සර උළෙලේදී සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා රතු පළස මතින් ගමන් කරමින්  සම්මාන පෙළ පාලිය ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක් කරන බව මෙන්ම එහිදී ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන ආරක්ෂක නිලධාරියෙකු ඔහුගේ වම් පසින් ගමන් කරන ආකාරය ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවියේ ද පළ කර තිබෙනු පැහැදිලිව දැකගත හැකියි. 

    කෙසේ වෙතත් එම ඡායාරූපය නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ, අදාළ නිලධාරියා ජනාධිපතිවරයාට වඩා සැලකිය යුතු දුරක් පිටුපසින් ගමන් කරමින් සිටින බවයි.  ඇණි 7කින් සමන්විත 159 වැනි පොලිස් දින සම්මාන පෙළ පාලිය ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියා ගමන් කරන්නේ,  ජනාධිපතිවරයාට සමාගාමීව  වම් පසින් නොවන අතර ඔහු පෙළපාලියේ ගමන් කරනු ලබන්නේ, ජනාධිපතිවරයා පසුපසින් ගමන් කරන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ද පසුපසිනි. ඒ් බව පහත වීඩියෝවෙන් පැහැදිලිව දැකගත හැකියි. 

    ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියා ජනාධිපතිවරයාට සමාන්තරව ගමන් නොකරන බවයි. 

    මේ අතර අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදු කළ අතර ඔහු පැවසුවේ, ඕනෑම අවස්ථාවක රටක රාජ්‍ය නායකයාගේ ආරක්ෂාවට ප්‍රමුඛතම ස්ථානය ලබා දෙන බවයි. ඇතැම් අවස්ථාවල මෙලෙස රාජ්‍ය නායකයා සමග ආරක්ෂ නිලධාරියෙකු ගමන් නොකළ අවස්ථා ද පවතින බවත් එහෙත් පවතින තත්ත්වයන් යටතේ එවැනි නිලධාරියෙකු ගමන් කිරීම සිදුවන බව ද ඔහු පැවසී ය. තව ද පොලිස් දින සැමරුමේ මෙලෙස ජනාධිපතිවරයා සමග ආරක්ෂක නිලධාරියෙකු ගමන් කළ පළමු අවස්ථාව මෙය  නොවන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය. 

    ඒ අනුව අප මීට පෙර පැවති පොලිස් දින සැමරුම් උත්සව සඳහා රාජ්‍ය නායකයින් සහභාගී වූ අවස්ථාවලදී රාජ්‍ය නායකයා සමග ආරක්ෂක නිලධාරීන් ගමන් කළ අවස්ථා වාර්තා වී තිබේ දැයි පරීක්ෂා කළේ ය. ඒ අනුව 2022 වසරේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති 156 වැනි ජාතික පොලිස් දින සැමරුමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් දින සම්මාන පෙළ පාලිය පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ ද ඔහුගේ වම් පසින් ආරක්ෂක නිලධාරියෙකු ගමන් කරන ආකාරය දැකගත හැකි වූයේ මෙලෙසිනි. 

    සම්පූර්ණ වීඩියෝව මෙතැනින්

    පසුගිය වසරවල පොලිස් සැමරුම් පරීක්ෂා කිරීමේදී බොහෝ අවස්ථාවල ජනාධිපතිවරුන් මෙම සැමරුම් සඳහා සහභාගී වී නොමැති අතර පොලිස් විරු දිනයේ ප්‍රධාන උත්සවය පොලිස්පති ප්‍රධානත්වයෙන් ප්‍රධාන විරු ස්මාරකය අභියසදී පවත්වා තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි 2018 වසරේ ද, පොලිස් සැමරුමට සහභාගී වී තිබූ අතර එහිදී ද, ආරක්ෂකයින් කිහිප දෙනෙකු සමගින් මෙම පෙළපාලියේ ගමන් කරනු දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    Facebook

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok| YouTube

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.