Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනපති මන්දිරයේ ආහාර වියදම සතියකට ලක්ෂ හයක් දක්වා අඩු කරපු කතාවේ ඇත්ත නැත්ත!

    2024-11-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය බලයට පැමිණීම ත් සමග ඔවුන් විසින් බලයට පැමිණීමට පෙර සිදු කළ ප්‍රකාශයන්, ඔවුන්ගේ දැක්ම ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වන සටහ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    වත්මන් රජය බලයට පැමිණීම ත් සමග ඔවුන් විසින් බලයට පැමිණීමට පෙර සිදු කළ ප්‍රකාශයන්, ඔවුන්ගේ දැක්ම ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අනුර ජනපති වීමෙන් පසු ජනපති මන්දිරයේ ආහාර වියදම සතියකට ලක්ෂ හයක් දක්වා අඩුවෙයි” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් Newshub.lk ෆේස්බුක් පිටුවේ පළ වී ඇති සටහනක් බවට  දක්වා තිබූ අතර එම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්. 

    මෙහි නිරවද්‍යතාවය සොයා බලන ලෙස අප වෙත කරුණු ලැබුණු ඉල්ලීම් ද මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනාධිපති මන්දිරයේ සතියක ආහාර වියදම සම්බන්ධයෙන් වාර්තාවක් හෝ නිවේදනයක් නිකුත් කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළා.

    නමුත් එවැනි නිවේදනයක් අප මාධ්‍ය ආයතනයට ද, නොලැබුණු බැවින්, වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා වල හෝ එවැනි පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළා. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

    ජනාධිපති මාධ්‍ය අංශය

    මේ හේතුවෙන් අප ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එවැනි වාර්තාවක් හෝ නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් නොකළ බවයි.

    එමෙන් ම වත්මන් රජයේ ලේකම් කාර්යාල මෙන් ම අනෙකුත් ඒ ආශ්‍රිත ආයතන වල ද, වියදම් අඩු කර ඇති බව ත්, පැවති රජයන්ගේ වියදම් සහ ඒ හා සසඳමින් වත්මන් රජයේ වියදම් අවම කර ඇති අයුරු දක්වමින් විධිමත් හා සංසදනාත්මකව වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    Newshub.lk

    Newshub.lk ෆේස්බුක් පිටුව සහ එහි වෙබ් අඩවිය හරහා එවැනි පුවතක් දක්වා තිබුණද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර, එවැනි පුවතක් එහි පළ වී නොතිබුණි.

    එම සටහන පළ කර නැවත ඉන් ඉවත් කළා ද, යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප එහි ප්‍රවෘත්ති සංස්කාරකගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත සඳහන් ලෙස පුවතක් එම ආයතනය විසින් පළ කර නොමැති බවයි. 

    Also Read : 

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ කෝටි 4ක කජු කෑවාද?

    අනුර, ජුලී චන්ග්ට දීපු භෝජන සංග්‍රහයක ඡායාරූපයක්?

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.