දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වාර්ශිකව වෙසක් පොහොය, පොසොන් පොහොය ඇතැම් අවස්ථාවල නත්තල යන දවස් වල බන්ධනාගාර ගත වී සිටින තෝරාගත් සිරකරුවන් කිහිප දෙනෙකු සඳහා ජනපති සමාව ලැබෙනවා. ජනපති සමාව ලැබුණු ආන්දෝලනාත්මත පුවත් පසුගිය සමයේ දී වාර්තා වුණත්, ජනාධිපති අනුර කුමාර විසින් වෙසක් පොහොයට සමගාමීව ජනපති සමාව ලබා දුන් පුද්ගලයන් අතර මූල්ය වංචාවලට සම්බන්ධ පුද්ගලයෙකුට ත් ජනපති සමාව ලබා දීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ දැඩි අවධානයක් හමු වේ. මෙහි සත්යතාව සොයා අප කරුණු පැහැදිලි කිරීමට අප පියවර ගත්තා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“ලක්ෂ 40ක සල්ලි වංචාවකට දඬුවම් ලැබූ කළමනාකාරුවකුට වෙසක් පෝ දා ජනපති සමාව” යනුවෙන් සඳහන් කරමින් සටහන් රැසක් සමාජ මාධ්ය ඔස්සේ පළ වුණා.


