Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    EMF සංගීත ප්‍රසංගය අතරතුර දී ‘අපේ විරුවා’ ගීතය වාදනය කළාද?

    2022-03-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වකවාණුවේ අවස්ථා ගණනාවකදී ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේ යොදාගත් තේමා ගීතය වන ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය උපහාසාත්මක කෝණයෙන් යොදාගත් අවස්ථා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා. මේ සමගම එම ගීතය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහ

    පසුගිය වකවාණුවේ අවස්ථා ගණනාවකදී ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේ යොදාගත් තේමා ගීතය වන ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය උපහාසාත්මක කෝණයෙන් යොදාගත් අවස්ථා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා. මේ සමගම එම ගීතය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද රැසක් වාර්තා වුණා. එලෙස එම ගීතය පසුගියදා පැවැත්  වූ EMF සංදර්ශනය අතරතුරදී වාදනය වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝවේ දැක්වුණේ සත්‍ය කරුණක් ද යන්න පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “වැඩ කරන අපේ විරුවා ගීතය යනකොටත් විදුලිය විසන්ධි වෙලා” යන තේමාවෙන් කෙටි කාලයක් ඇතුලත බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු පහත වීඩියෝව මඟින් අදහස් කර තිබුනේ පසුගිය දා පැවති EMF සංදර්ශණය අතරතුර දී මෙම ගීතය වාදනය වූ බවත් ඒ අතර මඟ දී විදුලිය විසන්ධි වී තිබු ආකාරයකි 

    Facebook | Archived Link

     “EMF එකේ thorz වැඩකරන විරුවා දාල දුන්න ආතල් එක…” යන තේමාවෙන් හුවමාරු වී තිබු තවත් එවැනි වීඩියෝවක් මෙතැනින්. කෙසේනමුත් පසුව මෙය උපහාසාත්මක කෝණයෙන් සිදුකර තිබු සංස්කරණයක් පමණක් බව ද එම සටහන යාවත්කාලීන කරගෙන තිබුණා

    එම වීඩියෝව හුවමාරු වූ අවස්ථා කිහිපයක් පහතින්

    මෙම වීඩියෝ මඟින් දක්වා තිබුනේ “Road to EMF” වැඩසටහන ආරම්භයේ දී ම මෙලෙස “අපේ විරුවා” ගීතය වාදනය වූ බවයි. YouTube ඔස්සේ එම වීඩියෝව හුවමාරු වූ අවස්ථාවක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් වෙන නවමු අත්දැකීමක් ලබා දෙමින් Throz ඇතුළු කණ්ඩායම විසින් සංවිධානය කරන ලද EMF (Electric Mask Festival) උත්සවය පසුගිය මාර්තු 26 වන දා රාත්‍රියේ දී Port City පරිශ්‍රයේ දී පැවැත්වුණා. මෙම අත්දැකීම පිළිබඳව විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා.

    ඇත්ත වශයෙන් ම Road to EMF ප්‍රසංගය ආරම්භයේ දී මේ ආකාරයට “අපේ විරුවා” ගීතය වාදනය වුණි ද යන්න පරීක්ෂා කිරීමට අප එම උත්සවයේ සජීව දසුන් ලබා දී තිබූ වීඩියෝ පරීක්ෂා කර බැලුවා. මේ එවැනි එක් වීඩියෝවක්.

    මෙහිදී “අපේ විරුවා” ගීතය දක්නට ලැබුනේ නැති වුවද 10 වන විනාඩියේ පමණ සිට 16 විනාඩිය තෙක් කාලය අතර තුරදී තිරයේ දර්ශන කිසිවක් දක්නට ලැබුනේ නැති අතර විදුලි සැපයීමේ දෝෂයක් තිබු බව පෙනී යනවා. මෙම අවස්ථාවේ දී ‘Go Gota Go’ යනුවෙන් පිරිස කෑ හසන ආකාරය දැක ගන්නට ලැබුණි. එම අවස්ථාව සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබQ අතර එවැනි වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්. නමුත් ඉහත සජීවී වීඩියෝවේ දැක්වෙන පරිදි මෙම තත්ත්වය හටගෙන තිබු‍ණේ “අපේ විරුවා” ගීතය අතරතුර දී නොවේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ දැක්වෙන “Road to EMF” ප්‍රසංගයේ ආරම්භක අවස්තාව වෙනත් කෝණයකින් දැක්වෙන වීඩියෝවක් පහතින්. මේ අනුව ද තිරයේ එම දර්ශන අතරතුර “අපේ විරුවා” ගීතය ප්‍රසංගය ආරම්භයේ දී හෝ වාදනය නොවන බව පෙනී යනවා.

    ආරම්භක අවස්ථාවේ වෙනත් වීඩියෝ කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    එමෙන්ම අප එම ප්‍රසංගයට සහභාගී වූ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ද, තහවුරු කළේ, ‘අපේ විරුවා’ ගීතය එම ප්‍රසංගය අතර තුර කිසිදු අවස්ථාවක වාදනය නොකළ බවයි.

    එසේම මෙම උත්සවය සංවිධානය කල Throz මඟින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පළකර තිබුනේ ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ව්‍යාජ සංස්කරණයක් බවත් තමා ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට විරුද්ධ නැති බවයි. මේ සඳහා තමා සමඟ එම ප්‍රසංගයට 20,000 ක් පමණ පිරිස සහභාගී වූ බව ද පවසමින් Thorz කියා සිටින්නේ මෙවැනි මඩ ප්‍රචාර සඳහා මිලියන ගණන් වියදම් කරන බව දැන ගන්නට ලැබුණු බවත් , තමා වටා නරක ප්‍රරූපයක් මවමින් ජනපති තමාට විරුද්ධව ක්‍රියා කරවීමට උත්සාහ ගත් පිරිසකගේ ක්‍රියාවක් බවයි. එම සම්පුර්ණ සටහන පහතින්.

    Facebook

    කෙසේ නමුත් ඉහත විදුලිය සැපයීමේ දෝෂයක් ද නැතහොත් සිතාමතා විදුලිය සැපයීම නවතා තිබුණේ ද යන්න පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට Thorz සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද අපට මෙතෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර, ඒ සමඟ මෙය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    Also Read:

    ‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?

    ‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් කිරීමේ තීරණයක්?

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පසුගිය දා පැවති EMF සංදර්ශනය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ගීතය වන ‘අපේ විරුවා’ ගීතය වාදනය වූ බවත් ඒ අතර මඟ දී විදුලිය විසන්ධි වී තිබූ ආකාරය බවට පළ වූ වීඩියෝව සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි. එම ප්‍රසංගය අතරතුර විනාඩි කිහිපයක් විදුලිය සැපයීමේ දෝෂයක් තිබුණද, එහිදී හෝ ‘අපේ විරුවා’ ගීතය කිසිදු අවස්ථාවක වාදනය වී නොතිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.