Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කල බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ද?

    2021-03-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධාකාර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන අතර ව්‍යාජ සටහන්ද නිරතුරුවම දැකගන්නට පුළුවන්. අප පසුගිය කාලයේ මෙවැනි සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්. මේ ආකාරයටම පසුගියදා හුවමාරු වී තිබු සට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධාකාර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන අතර ව්‍යාජ සටහන්ද නිරතුරුවම දැකගන්නට පුළුවන්. අප පසුගිය කාලයේ මෙවැනි සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    මේ ආකාරයටම පසුගියදා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2024 ජනාධිපතිවරණය සඳහා සහභාගී නොවීමට තීරණය කළ බවක් පක්ෂ නායක රැස්වීමකදී පැවසු බවක්.  නමුත් මෙය කිසිදු නිල මූලාශ්‍රයක් රහිතව පළ කරන ලද ව්‍යාජ සටහනක් බව අප අපගේ කරුණු අනාවරණයේදී දැකගන්නට ලැබුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බව දක්වමින් සටහන් පෙළක් ද පසුගිය දිනවල හුවමාරු වී තිබුණා. එම අදහස් පක්ෂ නායක රැස්වීමේදී දැක්වූ බව සඳහන් කරමින් හුවමාරු වූ සටහනක් පහතින්.

    “තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.

    එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

    එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කලේය”

    Facebook | Archived

    එම පුවත ම තවත් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක් හුවමරු කරගෙන තිබුනේ මෙලෙසින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\84 President Not appearing for 2024\ec9228a1-fe2a-4438-81ce-b58192e31d4a.png

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ ආකාරයෙන් පුවතක් ප්‍රධාන ධාරාවේ නිල මාධ්‍යක් හරහා පලවී තිබේ දැයි අප පරීක්ෂා කල ද එවැනි කිසිදු පුවතක් දැක ගැනීමට ලැබුණේ නැහැ. එසේම ඉහත සටහන් වල පක්ෂ නායක හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් මෙම කරුණු පවසා සිටි බව දක්වා තිබුණ ද කිසිඳු නමක් සඳහන් වී තිබුනේ නැහැ.

    එසේම එම සටහන් වල දක්වා තිබුනේ පක්ෂ නායක රැස්වීමේදී මෙම කරුණු දැක්වීම ජනාධිපතිතුමා විසින් සිදු කරන ලදැයි බැවින් අප පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගීවන විමල් වීරවංශ ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්තුමා සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට කටයුතු කළා. එහිදී ඉහත පරිදි කිසිදු කරුණක් ජනපති විසින් පසුගිය පක්ෂ නායක රැස්වීමේදී පවසා තිබුණේ නැති බව ඔහු අපට තහවුරු කර සිටියා.

    මේ සම්බන්ධයෙන් අප ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ද විමසා සිටි අතර දැනගන්නට ලැබුනේ පසුගියදා පක්ෂ නායක රැස්වීමක් පැවතුනද කිසිදු අවස්ථාවක මෙවන් කරුණක් ජනාධිපතිතුමන් විසින් පවසා නැති බවත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත්ය

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ මීළඟ ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවක් පසුගිය පක්ෂ නායක රැස්වීමේදී පවසා තිබු බවට හුවමාරු වන්නේ කිසිඳු නිල මුලාශ්‍රයක් රහිතව පලකරන ලද ව්‍යාජ පුවතක් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කල බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ද?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.