Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයට විකිණීමට ජනපතිගෙන් යෝජනාවක් ?

    2022-08-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    “ලේක්හවුස්” ආයතනයේ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා විකිණීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : ලේක්හවුස් ආ

    “ලේක්හවුස්” ආයතනයේ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා විකිණීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්

    සමාජ මාධ්‍ය සටහන් :

    ලේක්හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන් ‘අරුණ’ පුවත් පතින් උපුටා ගත් බවට එම බොහෝ සටහන් වල සඳහන් වුණා.

    ‘අරුණ’ වෙබ් අඩවියේ එම සටහන පළ වී තිබුණේ මේ අයුරින්.

    Aruna| Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බොහෝ දෙනා අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    වෙනත් ප්‍රධාන මාධ්‍ය වාර්තා වල ඉහත සඳහන් පුවත වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණයක් සිදු කළා. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් මෙම පුවතේ සඳහන් කර තිබූ පාර්ශවයන් සම්බන්ධ කර ගැනීමට අප කටයුතු කළා.

    ජනාධිපති මාධ්‍ය අංශය

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේද,  “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවයි. 

    ජනමාධ්‍ය අමාත්‍යාංශය

    ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතාගේ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටියා.

    එම මාධ්‍ය අංශයද, පවසා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලේක්හවුස් ආයතනය සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බවයි. එමෙන්ම එවැනි තීරණයක් ගැනීම ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවයි.

    එමෙන්ම ලේක්හවුස් ආයතනය විසින් පළකරන දිනමිණ පුවත් පතේ අගෝස්තු 01 වැනිදා පුවතක මාධ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ ලේක්හවුස් ආයතනය සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම තබා ඒ පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැති බවට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළ බවයි. Archived Link

    ලේක්හවුස් ආයතනයේ කළමනාකාරිත්වය

    ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල මහතාගෙන් එම ආයතනය හෝටල් සංකීර්ණයකට විකිණීමට නියමිත බවට පළ වන පුවත් සම්බන්ධයෙන් අප විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, එම තොරතුර අසත්‍ය බවත්, ජනාධිපතිවරයා හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් හෝ එවන් යෝජනවාක් නොපැමිණි බවයි.

    කෙසේනමුත් මීට පෙර ද අවස්ථා කිහිපයක දී විවිධ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු කාරණා ඔස්සේ ලේක්හවුස් ආයතනය පවතින ස්ථානයෙන් සම්පුර්ණයෙන්ම හෝ කොටස් හෝ ඉවත්කිරීම පිළිබඳව කතාබහක් ඇති වී තිබුණ ද මේ ආකාරයේ කිසිඳු තීරණයක් මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ. 

    ලේක්හවුස් ගොඩනැගිල්ල සහ ඉතිහාසය

    මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) 1926 වසරේ දී පිහිටුවනු ලබන අතර පසුකාලීන වර්තමාන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයය 1929 වසරේ දී ගෙන එනු ලැබූ බව සමාගමේ නිල වෙබ් අඩවිවේ සඳහන් Lakehosue.lk | Archived භාෂා ත‍්‍රිත්වයෙන්ම මෙරට ජනතාව වෙත පුවත් හා දැනුම සම්පාදනය කළ මෙම පුවත්පත් සමූහය එවකට ලංකාවේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රබලතම පුවත්පත් ආයතනය බවට පත්විය.

    කෙසේනමුත් 1973 වසරේ දී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම අංක 28 විශේෂ විධිවිධාන පනත යටතේ රජයට පවරා ගන්නා ලදී. ඒ අනුව වර්තමානයේ දී මෙම ආයතනය වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරිත්වය දරන්නේ රජය විසිනි (public trustee – මහාභාරකරු). එසේම 1977 දී ලේක්හවුස් ගොඩනැගිල්ලේ නව්‍යකරණ සහ නව කොටස් එකතු කිරීමේ ව්‍යාපෘති, එවකට සභාපති ආර්. බෝඩිනාගොඩ මහතා යටතේ සිදුවූ බවත් සඳහන්.

    පසුකාලීනව විශේෂයන්ම සිංහල පුවත්පත් ක්ෂේත්‍රයේ ලේක්හවුස් ප්‍රකාශන පසුබෑමක් දැක්වුව ද අදට ද මෙම ආයතනය විසින් දිනපතා, සතිපතා පුවත්පත් රැසක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකෙරෙනවා. දිනමිණ, සිළුමිණ, තිනකරන්, Daily News හා Sunday Observer ආදී වූ ප්‍රවෘත්ති පත්‍රවලට අමතරව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සතිපතා පුවත්පත් රැසක් ද ලේක්හවුස් ආයතනය පළකරන අතර වර්තමාන අර්බුදකාරී තත්වය යටතේ ඇතැම් පුවත්පත් පළ කිරීම නවතා හෝ අන්තර්ජාල ප්‍රකාශයන ලෙස පළ කිරීම ට නැඹුරු වී තිබෙනවා

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ලේක්හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට පළ වූ පුවත අසත්‍ය බවත්, එවන් යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයට නොකළ බවත් ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොවූ බවට ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද සඳහන් කරයි.

    එමෙන්ම ලේක්හවුස් ආයතනයේ කළමණාකාරීත්වයද, එම සටහන් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ. එම ආයතනයේ ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධයෙන් කිසිදු යෝජනවාක් නොමැති බවත්, එවැනි යෝජනාවක් ජනාධිපති විසින් හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් වී නොමැති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.