Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබා දෙන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව බව ජනපති නත්තල් දින පණිවුඩයෙන්?

    2021-01-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයට මුල්වූ අය සොයා ඔවුන්ට දඬුවම් පැමිණවීමට ප්‍රමාද වීම, දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන බොහෝවිට කතාබහට ලක්වන කාරණයක්.  2019 වසරේ පාස්කු ඉරුදින ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ව

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයට මුල්වූ අය සොයා ඔවුන්ට දඬුවම් පැමිණවීමට ප්‍රමාද වීම, දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන බොහෝවිට කතාබහට ලක්වන කාරණයක්. 

    2019 වසරේ පාස්කු ඉරුදින ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට පළාත් සභා මැතිවරණයෙන් පසු දැඩි දඬුවම් ලබා දෙන බවට ජනාධිපතිතුමා විසින් නත්තල් දිනයේදී කතෝලික ජනතාවට පොරොන්දුවක් ලබාදුන් බවට උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත්ව තිබුනේ ද අසත්‍ය සටහනක්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කතෝලිකයන්ට එරෙහිව මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් එල්ල කල පාස්කු ප්‍රහාරකයන්ට පලාත් සභා මැතිවරණයෙන් පසුව දැඩි දඬුවම් ලබා දෙනවා… උතුම් නත්තල් දිනයේදී කතෝලිකයින්ට ජනපතිගෙන් පොරොන්දුවක්” වදන් රෝපණය කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේයා රුවක් සහිත සටහනක් මෙසේ ඉදිරිපත් කර තිබුණි.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පළාත් සභා මැතිවරණයෙන් පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදෙන බවට ජනාධිපතිතුමා කතෝලික ජනතාවට පොරොන්දුවක් දී ඇත්දැයි අප ප්‍රධාන මාධ්‍ය වාර්තා පරීක්ෂා කළෙමු. ප්‍රධාන මාධ්‍ය ධාරාවේ එවැනි ප්‍රකාශයක් පිළිබඳව කිසිම වාර්තාවක් හමු නොවීය.

    ජනපති විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නත්තල් දින සුභ පැතුම් එකතු කර තිබුනේ මෙලෙසින්

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සටහනේ අන්තර්ගතය තහවුරු කරගැනීම පිණිස අප ජනාධිපති මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. ජනාධිපතිතුමා කතෝලික ජනතාවට මේ ආකාරයේ පොරොන්දුවක් නුදුන් බව සනාථ කළ මාධ්‍ය නිලධාරියා, එතුමා නිකුත් කළ නත්තල් පණිවිඩයේ පිටපතක් අපට ලබා දුනි. පහත ඇත්තේ ජනපතිගේ නත්තල් දින පණිවිඩයයි.

    අතිගරු-ජනාධිපතිතුමාගේ-නත්තල්-දින-පණිවිඩය

    English | Sinhala | PMD News

    එම පණිවුඩයේ පැවසෙන පහත කොටස යොදාගනිමින් පාස්කු ප්‍රහාරයකින්ට විරුද්ධව පළාත් සභා මැතිවරණයෙන් පසුව දඬුවම් පමුණුවන බවට පැවසු බව හඟවන නොමඟ යවන සුළු අසත්‍ය සටහන නිර්මාණය වූ බවක් පෙනී යයි.

    “මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරත වීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ද එලෙසින් ම සිදුවනු ඇත”

    ජාතික ආරක්ෂාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ප්‍රධානම තේමාවක් වන අතර මෙහිදී මෙන්ම බොහෝ අවස්ථාවලදී ද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන් නීතිය හමුවට ගෙන ඒම පිළිබඳව ප්‍රකාශ දැකගන්නට ලැබෙනවා. 

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට තිරණය කළ වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද පැවසු බවට පළවූ පුවතක් මෙතනින්  

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පළාත් සභා මැතිවරණය පැවත්වීමෙන් පසු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදෙන බවට ජනාධිපතිතුමා කතෝලික ජනතාවට නත්තල් පොරොන්දුවක් ලබාදී නොමැති බවයි. 

    කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම එලෙසින්ම සිදුවන බවට ජනපති නත්තල් දින පණිවුඩයේ දී දන්වා තිබුණද පළාත් සභා මැතිවරණයකට පසුව එය සිදුවන බවක් සඳහන් කර තිබුනේ නැහැ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.