Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් තීරණයක්?

    2022-12-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ වරයා ජාඇළ නගරයට ගෙන යෑමේ තීරණයක් සම්බන්ධයෙන් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ වරයා ජාඇළ නගරයට ගෙන යෑමේ තීරණයක් සම්බන්ධයෙන් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් විශේෂ තීරණයක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණේ, කොළඹ වරාය එම ස්ථානයෙන් ඉවත් කොට ජාඇළට ගෙන යන බවටයි. ඒ බවට දක්වා තිබූ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මෙම තේමාවෙන් පළ වූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා අප කටයුතු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ලංකාවේ ඇති ප්‍රධානතම වානිජ වරාය වන කොළඹ වරාය ජාඇළ වෙතට ගෙන යන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවාද යන්න පිළිබඳ අප නිරීක්ෂණයක් සිදු කළා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ජනාධිපතිවරයා විසින් කොළඹ වරාය ජාඇළ දක්වා පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද, වරාය කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ 
    සඳහා  කොළඹ උතුරු ප්‍රදේශයේ අක්කර 30ක් පමණ දැනටමත් එළිපෙහෙළි කර 
    තිබෙන බවද  පසුගිය 05 වන දා ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී  පවත්වන ලද “2022 ආර්ථික සමුළුව” (Sri Lanka Economic Summit 2022) අමතමින් පවසා තිබුණා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ පිළිබඳ නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙතනින්.

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවේ දී කොළඹ වරාය සංවර්ධන සැලසුම් පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේ කොටසක් පහතින්.

    නොමඟ යවන සුළු සිරස්තල හේතුවෙන් නිර්මාණය වූ සමාජ මාධ්‍ය සටහන්

    කෙසේවෙතත් මෙම පුවත වාර්තා කිරීමේ දී ඇතැම් මාධ්‍ය යොදාගෙන තිබුණු ශීර්ෂ පාඨයේ දක්වා තිබුණේ, ‘කොළඹ වරාය ජාඇළට’ ලෙසයි. ඒ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණා. එවැනි සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    නොමග යා නොහැකි අයුරින් එම පුවත වාර්තා කළ මාධ්‍ය වාර්තා මෙලෙසින් සහ මෙලෙසින් ද, දැක ගන්නට ලැබේ.

    කෙසේ වෙතත් නොමග යන සුළු ශීර්ෂ පාඨය රැගත් සමාජ මාධ්‍ය සටහන ට අදාළ සම්පූර්ණ වාර්තාවේ සත්‍ය කරුණු වාර්තා කළ සබැඳිය දක්වා තිබුණත්, ඇතැම් පුද්ගලයන් එම සබැඳි (ලින්ක්) ඇතුළත් නොකොට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගැනීම තුළින් මෙම නොමග යෑම සිදු වී තිබුණා.

    කලාපයේ මෙන්ම ගෝලීයව ඉහළ ශ්‍රේණිගත කිරීමක සිටින කොළඹ වරාය

    දකුණු ආසියානු කලාපයේ පමණක් නොව ලෝකයේ වරායන් අතර කොළඹ වරාය නම් දරා සිටිනවා. ලොව පුරා වරායන් අතර මෑතක දී කොළඹ වරාය 24 වන ස්ථානයේ ශ්‍රේණිගත කර තිබුනේ මෙලෙසින්.

    එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) 2022 සමුද්‍රීය ප්‍රවාහනය පිළිබඳ නව සමාලෝචනයේදී හෙළිදරව් කර ඇත්තේ, දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් ඇති වරාය, කොළඹ වරාය බවයි. සමුද්‍රීය ප්‍රවාහනය පිළිබඳ සමාලෝචනය යනු සමුද්‍රීය වෙළඳපොළවල විනිවිදභාවය පෝෂණය කිරීම සහ අදාළ වර්ධනයන් විශ්ලේෂණය කිරීමේ අරමුණින් 1968 සිට UNCTAD ලේකම් කාර්යාලය විසින් සකස් කරන ලද පුනරාවර්තන ප්‍රකාශනයකි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. 

    කොළඹ වරාය මගී නෞකා පැමිණෙන සංචාරකයින් ආකර්ශනය වන වරායක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත්, ලංකාව පිළිබඳ ඇතැම් පාර්ශව විසින් වැරදි චිත්‍රයක් මැවීමට ගනු ලබන උත්සාහය පරාජයට පත්කරමින් ලංකාවට සංචාරකයින් පැමිණීමට පටන් ගෙන තිබෙන බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 02 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ පවසා තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ලොව පුරා ප්‍රචලිත කොළඹ වරාය, එම ස්ථානයෙන් ඉවත්කොට ජාඇළට රැගෙන යන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව හඟවමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවට අප මෙම කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබනවා.

    ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර තිබුනේ නැති අතර ඔහු සඳහන් කරන්නේ, කොළඹ වරාය ජාඇළ දක්වා පුළුල් කිරීමේ බලාපොරොත්තුවක් සම්බන්ධයෙන් පමණී. ඇතැම් මාධ්‍ය වාර්තා ‘කොළඹ වරාය ජාඇළට’  ලෙස පළ කළ ශීර්ෂ පාඨ ඔස්සේ මෙම නොමඟ යවන සුළු සටහන් බොහොමයක් නිර්මාණය වී තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.