Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහාචාර්ය තිස්ස විතාරණ හදිසි නීතිය පැනවීමට පක්ෂව ඡන්දය ලබා දුන්නා ද?

    2022-07-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හදිසි අවස්ථා නීතිය දීර්ඝ කිරීම සඳහා පසුගියදා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 57කින් සම්මත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඒ සඳහා ඡන්දය පක්ෂව ලබා දුන් බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය වාර්තා වල ද, දක්වා තිබූ

    හදිසි අවස්ථා නීතිය දීර්ඝ කිරීම සඳහා පසුගියදා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 57කින් සම්මත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඒ සඳහා ඡන්දය පක්ෂව ලබා දුන් බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය වාර්තා වල ද, දක්වා තිබූ බැවින් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් සටහන් වල දක්වා තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ 2022 ජුලි 27 හදිසි නීතිය පැනවීමට පක්ෂව ඡන්දය ලබා දුන් බවයි.

    Facebook | Archived Link

    එමෙන්ම මහාචාර්ය තිස්ස විතාරණ 2022 ජුලි 27 හදිසි නීතිය පැනවීමට පක්ෂව ඡන්දය දුන් බවට තවත් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින් Archived Link

    අද දෙරණ ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ද, හදිසි නීතිය පැනවීමට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන් පිළිබඳ පුවත් ලිපියක, මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නම ද, සඳහකන් කර තිබුණේ මේ අයුරින්.

    Adaderana | Archived Link

    එමෙන්ම එම පුවත ප්‍රධාන පුවත් විකාශනයේදීද, දක්වා තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ අප තොරතුරු විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට හිමි බලතල අනුව එවකට වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් සිටි, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 ජුලි මස 18 වැනි දින සිට හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරන ලදී.

    එම හදිසි අවස්ථා නීතිය දින 30 ක් සඳහා තව දුරටත් දීර්ඝ කිරීම සඳහා වන පාර්ලිමේන්තුවේ අනුමැතිය වැඩි ඡන්දයෙන් ජුලි 27 වන දා සම්මත වුණා. ඒ වැඩි ඡන්ද 57 කින්.

    එම යෝජනවාවට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ක් හිමි වුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මෙම අවස්ථාවේ සජීවි විකාශය නිරීක්ෂණය කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නම හදිසි නීතිය පැනවීමට පක්ෂව හෝ විපක්ෂව ඒ මහතා විද්‍යුත් ඡන්දය භාවිතා කළ බවට එම තිරයේ දැක ගන්නට නොලැබුණි. එම අවස්ථාවේ දර්ශන පහතින්.

    හදිසි නීතියට විපක්ෂව විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ  මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දී තිබු අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් මෙන්ම ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ නාලක ගොඩගේවා, වසන්ත යාපා බණ්ඩාර වැනි මන්ත්‍රීවරුන්ද මෙම හදිසි නීතියට විපක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.

    මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ඡන්දය භාවිතා කර නොතිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍යයේ පළ වූ පුවතක් මෙතනින්.

    කෙසේවෙතත් හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඡන්දය භාවිත කොට නොමැති බවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සනාථ කළ බවට පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

    Hon.-Tissa-Vitarana-Sinhala

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල ෆේස්බුක් පිටුවේද ඒ පිළිබඳ සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, තමන් හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය සඳහා සිය ඡන්දය භාවිත නොකළ බවයි.

    ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබූ හදිසි නීති ප්‍රකාශනය මහජන සාමය ආරක්ෂා කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන බවත් සඳහන් වේ.

    මහජන ආරක්ෂක ආඥා පනත අනුව මෙම ප්‍රකාශනය දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ හොත් මාසයක කාලයක් සදහා වලංගු වේ. දින 14 ක් ඇතුළත එම ප්‍රකාශනය සදහා පාර්ලිමේන්තුවේ අනුමතිය නොලැබුණ හොත් එය අවලංගු වේ. එසේම සෑම දින 30 කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව දීර්ඝ කළ හැකිය.

    මහජන ආරක්ෂාව වෙනුවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ත්‍රිවිධ හමුදාවට බලය ලබා පිළිබඳව මීට පෙර විවිධ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබූ අතර ඒ පිළිබඳ අප 2021 වසරේ සිදුකළ කරුණු විමසීමක් මෙලෙසින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ විවාදයේ දී එයට පක්ෂව ඡන්දය ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් අසත්‍ය බවයි. 

    ජුලි 27 වන දින පාර්ලිමේන්තුවේ දී පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම පිලිබඳ ඡන්ද විමසීමේ සජීවී විකාශනය පරීක්ෂා කිරීමේ දී, තිස්ස විතරාණ මහතා, ඒ සඳහා පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබා දී තිබු නැති බව නිරීක්ෂණය වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද, ඒ බව සනාථ කරනු ලැබුවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.