Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ මෙසේද?

    2019-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වසර කිහිපය තුල වාහන විශාල ප්‍රමාණයක් දිවයින තුළ ලියාපදිංචි වී තිබෙන අතර මාර්ග  අනතුරු සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක්ද දක්නට ලැබුණි. රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් 2016 වසරේ දී සිදුවූ ර

    පසුගිය වසර කිහිපය තුල වාහන විශාල ප්‍රමාණයක් දිවයින තුළ ලියාපදිංචි වී තිබෙන අතර මාර්ග  අනතුරු සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක්ද දක්නට ලැබුණි. රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් 2016 වසරේ දී සිදුවූ රිය අනතුර මෙන්ම තවත් ප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් සිදු වූ රිය අනතුරු, පසුගිය දින කිහිපයේ දී බොහෝ සෙයින් කථා බහට ලක් වී තිබුණි.

    මෙවන් පසුබිමක තරුණ සවිය නැමැති ෆේස්බුක් පිටුවක “රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කරපු මෙවැනි දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම උතුම් කොට සලකමු” යන තේමාව යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් රිය අනතුරකදී සේයාරුවේ දැක්වෙන අන්දමට රියදුරන් අත්අඩංගුවට නොගන්නා බැවින් මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍යතොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සටහනේ වූ ඡායාරූපය ගෙන google reverse image සෙවීමකට යොමු කළෙමු. එම පරීක්ෂණයේදී මෙම ඡායාරූපය රැගත් වාර්තා කිහිපයක්ම අපට දක්නට ලැබුණි.

    Google Search Link

    එම වාර්තාවන් අතර වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ (Frontline Socialist Party) වෙබ් අඩවියේ  වාර්තාව වෙත අපගේ අවධානය යොමු විය. “අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයකට රජය නිර්දය ලෙස පහර දෙයි” යන තේමාව යටතේ මෙම සේයාරුව සහිත සටහනක් එහි අන්තර්ගතව තිබුණි. 

    LinkArchived Link

    එම වාර්තාවට අනුව විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යත්වය කප්පාදු කිරීම හෙළා දකිමින් මෙම දැවැන්ත විරෝධතාවය ඔක්තෝබර් මස සිදුකර ඇති අතර එහිදී සිසුන් පනස් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වී තිබුණි.

    ඩේලි මිරර් පුවත්පත මඟින් ද මෙම ලෝටස් වටරවුම ඉදිරිපිට සිදුකර ඇති මෙම සිද්ධිය වාර්තා කර තිබුණේ රූප රාමු පෙළක් සහිතව මෙලෙසිනි

    Daily Mirror Link

    “80 % නීතියට මුවාවී සිදු කරන මහපොළ – ශිෂ්‍යාධාර කප්පාදුව නවතනු ! ජිවන වියදමට සරිලන ලෙස මහපොළ – ශිෂ්‍යාධාර වාරික ඉහළ දමනු !…” යනාදී වශයෙන් 2019.10.24 වන දින අ.වි.ශි.බ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) විසින් පැවැත්වූ විරෝධතාවයේ රුප රාමු රැසක් ඔවුන්ගේ නිල ෆේස්බුක්ගිණුමේ අපට දැක ගැනීමට හැකි විය

    Inter University Student’s Federation Photo Album

    ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ මෙම සේයාරුවේ දැක්වෙන්නේ  අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ මෙහෙයවීවෙන් ශිෂ්‍යයින් කළ විරෝධතාවයකදී අත්අඩංගුවට පත් ශිෂ්‍යයකුගේ ඡායාරූපයක් බවය.

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමසීමේ දී අනාවරණය ප්‍රකාශිත  ඡායාරූපයේ දැක්වෙන්නේ අත්අඩංගුවට පත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු විනා දරුණු රිය අනතුරක් කළ රියදුරකු නොවන බවය. එබැවින් තරුණ සවිය නැමැති ෆේස්බුක් පිටුවේ “රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කරපු මෙවැනි දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම උතුම් කොට සලකමු” යන තේමාව යටතේ ඉදිරිපත් කොට ඇති සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍යය සටහනක් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.