Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ශ්‍රී ලංකාව තුළ PUBG MOBILE, FREE FIRE තහනම් කළාද?

    2021-08-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත (online) ක්‍රීඩා සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩ නැගුණේ ඇතැම් චරිත මාර්ගගත ක්‍රීඩා සඳහා ඔස්සේ ජනප්‍රියත්වක් ලබා ගැනීමත් සමඟින්.  ඒ අතර කොවිඩ් වාතාවරණය හේතුකොටගෙන පාසල් වසා දැමීම හේතුවෙන් ළමුන් මාර්ගගත ක්‍රමයට ඉගෙනීමේ

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත (online) ක්‍රීඩා සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩ නැගුණේ ඇතැම් චරිත මාර්ගගත ක්‍රීඩා සඳහා ඔස්සේ ජනප්‍රියත්වක් ලබා ගැනීමත් සමඟින්. 

    ඒ අතර කොවිඩ් වාතාවරණය හේතුකොටගෙන පාසල් වසා දැමීම හේතුවෙන් ළමුන් මාර්ගගත ක්‍රමයට ඉගෙනීමේ කටයුතු වල යෙදවීමට රජය පියවර ගනු ලැබුවා. ඒ ඔස්සේ බොහෝ දුරට සෑම දරුවෙකු සිටින නිවසක ස්මාර්ට් ජංගම දුරකතනයක් ළමුන් සඳහාම වෙන්වී තිබුණා.  ඇතැම් මව්පියන් චෝදනා කළේ, පාසල් සිසුවන් ඇතැම් මාර්ග ගත ක්‍රීඩා සඳහා ඇබ්බැහි වූ බවයි. එලෙස ඇබ්බැහි වූ පාසල් සිසුවෙකු දිවිතොර කර ගැනීමේ ශෝකජනක පුවතක්ද වාර්තා වීමත් සමග ඉතාමත් ජනප්‍රිය මාර්ගගත ක්‍රීඩා දෙකක් තහනමකට ලක් වූ බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට ලැබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ROshel Koshila Fernando නමැති පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ, “ශ්‍රී ලංකාව තුල PUBG MOBILE, FREE FIRE තහනම් වෙයි” යනුවෙන් හෙළකුරු එසැණ පළවූ පුවතක් ‍ ජංගම දුරකථනයට Notification ආකාරයෙන් පැමිණ ඇති බවට හැඟවෙන ඡායාරූපයක්.

    Facebook | Archived Link

    මෙම සටහන මේ වන වටි 1600ක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් වෙනත් වාර්තාද පළ වුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    එමෙන්ම මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    PUBG MOBILE සහ GARENA FREE FIRE නමැති ජාත්‍යන්තර මෙන්ම මෙරට ළමා හා තරුණ ප්‍රජාව අතර ඉතාමත් ජනප්‍රියත්වයක් උසුලන මාර්ගගත ක්‍රීඩාවන් දෙක මෙරට තහනම් කර ඇති බවට ‘එසැණ’ ඔස්සේ එවන් පුවතක් පළ වී ඇත්දැයි අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබූ අතර එවන් පුවතක් පළ වී තිබු බවක් අපට දැක ගැනීමට ලැබුනේ නැහැ.

    මෙම ක්‍රීඩාවන් මෙරට තහනම් වූ බවට පළ වී ඇත්දැයි තහවුරු කිරීමට අප PUBG MOBILE සහ GARENA FREE FIRE යන ක්‍රීඩා දැනටමත් ක්‍රීඩා කරන පිරිසකගෙන් විමසීමක් කරනු ලැබූ අතර ඔවුන් මෙම ක්‍රීඩාවේ තවමත් යෙදෙන බව තහවුරු කර සිටියා. අප විසින් අද දින(28) PUBG Mobile ක්‍රීඩාවේ යෙදෙන්නෙකු ඔස්සේ ලබා ගත් වීඩියෝවක් පහතින්.

    එමෙන්ම PUBG M⭕BILE SRI LANKA 🇱🇰✅ ෆේස්බුක් සමූහයේද, PUBG MOBILE ක්‍රීඩාවේ අද දිනයේදී ක්‍රීඩාවේ යෙදෙන පිරිසකගේ වීඩියෝවක් එහි දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

    අප Garena FREE FIRE ක්‍රීඩාවේ යෙදෙන මෙරට පිරිසකගෙන් ද සිදුකළ විමසීමේ දී එම ක්‍රීඩාව සාමාන්‍ය පරිදි කිසිඳු බාධාවකින් තොරව ලංකාවේ දී සිදුකළ හැකි බව ද පවසා සිටියා.

    අප මේ සම්බන්ධයෙන් තරුණ කටයුතු, ක්‍රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, PUBG MOBILE සහ GARENA FREE FIRE ක්‍රීඩාවන්ට ලංකාව රජය විසින් තහනම් කළ බවට පැවසෙන කටකතාවේ කිසිදු නිරවද්‍යතාවක් නොමැති බවයි.

    අප මේ පිළබඳව තවදුරටත් තොරතුරු තහවරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුකූලතා සහ විමර්ශන අධ්‍යක්‍ෂ තරලිකා ලිවේරා මහත්මියගෙන්ද දුරකතන මාර්ගයෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

    ඒ මහත්මිය සඳහන් කළේ, මෙම ක්‍රීඩා සඳහා කිසිදු තහනමක් පනවා නැති බවත්, එවැනි තීරණයක්ද ගෙන නොමැති බවයි. නමුත් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා මාර්ගෝපදේශ කිහිපයක් යොමු කිරීමට පියවර ගත් බවත් එම මාර්ගෝපදේශ ලබන සතිය වන විට බොහෝදුරට TRC වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවත් සඳහන් කළා. 

    පරිගණක ක්‍රීඩා කිරීම නිසා දරුවන්ට අනිසි බලපෑම් ඇතිවෙනවා යැයි සඳහන් සම්පුර්ණයෙන්ම නිවැරදි නොවන බවත්, දරුවෙක් අසීමිතව පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහිවීමට නොයෙකුත් හේතු තිබිය හැකි බවත් ඇය පවසා සිටියා. මේ සම්බන්ධයෙන් ඒ මහත්මිය අප වෙත විස්තර කිරීමක් ලබාදුන්නේ ද මෙලෙසින්.

    “එක්  එක් දරුවන් තමන්ගේ විනෝදාංශය ලෙස නොයෙකුත් දේවල් තෝරාගන්නා අතර කෙනෙක් පොත් කියවීමට, තව කෙනෙක් චිත්‍රපට නැරඹීමට, තව කෙනෙක් පරිගණක ක්‍රීඩා කිරීමට තෝරා ගැනීමක් කළ හැකියි. මේ සෑම දේකම හොඳ/නරක, සතුටු/අසතුටු,  භයානක/සැහැල්ලු අවස්ථා තියෙනවා. දරුවන් කියන්නේ නිතරම කුතුහලය හොයන් යන අය. මේ හැමදේකම ඒවා අඩු වැඩි වශයෙන් තියෙනවා. 

    දෙමව්පියන් දරුවන්ගේ සිතුම් පැතුම් ගැන නිසි අවබෝධයෙන් හා ඔවුන්ගේ සිත් කියවන්න තරම් දක්ෂ නම් මොන දෙකින්වත් දරුවන් නොමගට යා නොහැක. සතුට, දුක, එකිනෙකා හඳුනා ගැනීම, එකිනෙකට උදව් කිරීම, ආදරය, කරුණාව වගේ දේවල්. පොත් කියවන කෙනෙක්ට තෝරාගන්න පුළුවන්  යුද්ධය, ත්‍රාස්‍යට, හොල්මන්, මනංකල්පිත ප්‍රබන්ධ, ආදර නවකතා වගේ පොත්. චිත්‍රපට වලිනුත් එහෙමයි. පරිගණක ක්‍රීඩාත් එහෙමයි. වෙනසක් නැහැ. 

    නමුත් මෙතැනදී වැදගත් වන්නේ, දරුවන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ වරද  තනිකරම ක්‍රීඩාව පිට පටවන්නේ නැතිව, පවුල් පරිසරය තුල දෙමව්පියන් දරුවන් කෙරේ දක්වන ආකල්ප, දරුවන්ගේ සිතුම් පැතුම්  දෙමව්පියන් නිවැරදිව වටහා නොගැනීම, දරුවන්ට නිවැරදි තීරණ ගැනීමට දෙමව්පියන් උපකාර නොකිරීම හා පවුල තුල දරුවට ඇති නිදහස ආදරය වැනි දේවල් නිසා උනත් ඇතිවෙන්න පුළුවන් බව වටහා ගැනීමට දෙමව්පියන් බුද්ධිමත් විය යුතුයි. ඉහත සඳහන් ඕනෑම ක්‍රියාකාරකම් තුලින් දරුවන්ට එකමුතුව වැඩ කිරීමට, ගැටලු වලට මුහුණ දීම, නිසි වේලාව්දී නිසි තීරණ ගැනීමට පෙළඹීම, පෞරෂ වර්ධනය වැනි දේවල් සඳහා උපකාර වනවා” යනුවෙන්ද ඒ මහත්මිය වැඩි දුරටත් පවසා සිටියා.

    කෙසේවෙතත් පසුගියදා මාර්ගගත ක්‍රීඩාවලට ඇබ්බැහි වූ මාතර රොටුඹ දරුවෙක් සිය දිවි හානිකර ගෙන තිබුණේ, තම මව ජංගම දුරකතනය නොදීම හේතු කොටගෙනයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වීඩියෝවක් මෙතනින්. මේ සම්බන්ධයෙන් Daily Mirror පුවත් පතේ  විශේෂාංග ලිපි ලේඛිකාවක් වන Kamanthi Wickramasinghe විසින් තැබූ ෆේස්බුක් සටහනක් මෙතනින්.

    බංග්ලාදේශයේ තරුණයින්ගේ මානසිකත්වට බලපාන බවට පවසමින් PUBG MOBILE සහ GARENA FREE FIRE ක්‍රීඩා තහනම් කිරීමට පසුගිය 25 වන දා බංග්ලාදේශයේ මහ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින් එරට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සඳහන් කර ඇත්තේ මෙම ක්‍රීඩා දෙක තහනම් කිරීමට පියවර ගන්නා ලෙසයි ඒ අනුව එරට මෙම ක්‍රීඩා දෙක තහනම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    දත්ත විශ්ලේෂණ සමාගමක් වන Sensor Tower විසින් නිකුත් කරන ලද වාර්‍තාවකට අනුව, PUBG M⭕BILE ක්‍රීඩාව 2021 ජූලි මාසයේදී ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් උපයමින් ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ ජංගම දුරකථන ක්‍රීඩාව බවට පත් වී තිබේ. ඒ බවට දැක්වෙන පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයට අනුව සඳහන් කළේ, PUBG MOBILE සහ GARENA FREE FIRE යන මාර්ගගත (online) ක්‍රීඩා මෙරට තහනම් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. මෙතෙක් ඒ ආකාරයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා සහ විමර්ශන අධ්‍යක්‍ෂ තරලිකා ලිවේරා මහත්මියද තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-08-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.