Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ට ඡන්දය සඳහා නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි!

    2024-11-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව නිවාඩු ලබාදීම කටයුකු කළ යුුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටිනවා. මේ පිළිබඳප නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ,  ඇතැම් බැංකු හා වෙනත් මුල්

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව නිවාඩු ලබාදීම කටයුකු කළ යුුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටිනවා.

    මේ පිළිබඳප නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ,  ඇතැම් බැංකු හා වෙනත් මුල්‍ය ආයතන වල සේවකයන්ට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

    ඒ අනුව සියළුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා වෙනත් මුල්‍ය ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට මෙම ඡන්ද විමසීමේ දී ස්වකීය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලට යෑමට ප්‍රමාණවත්වන සේ වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීමට ක්‍රියා කරන ලෙස අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇති බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරනු ලබනවා.

    සේවා නියුක්තිකයෙකුට මෙම කාර්ය සඳහා දෙනු ලබන නිවාඩු කාල සීමාව, එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානයේ සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය. මෙහිදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙස සලකා ආයතන ප්‍රධානීන් විසින් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගත යුතුය.

    ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණයලබා දිය යුතු අවම නිවාඩු කාල සීමාව
    කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම්දින භාග යයි (1/2)
    කිලෝමීටර් 40 ත් කිලෝමීටර් 100ත් අතර නම්දින එකයි (1)
    කිලෝ මීටර් 100 ත් කිලෝමීටර් 150ත් අතර නම්දින 1 1/2 යි
    කිලෝමීටර් 150 ට වැඩි නම්දින 2 යි

    මැතිවරණ කොමිසමේ සභාපති විසින් මේ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසින්.

    ඡන්දය ලබා දීම සඳහා නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදන මෙතනින් සහ මෙතනින්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.