Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින සියලු ඡායාරූප ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් BBC යට ඉල්ලීමක් !

    2021-12-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල ඔස්සේ පැතිරෙනවා. මේ ඒ ආකාරයට පැතිරෙන ප්‍රචාර අතුරින්  වැරදි ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර

    අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල ඔස්සේ පැතිරෙනවා. මේ ඒ ආකාරයට පැතිරෙන ප්‍රචාර අතුරින්  වැරදි ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් :

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.

    “එලිසබෙත් රැජින ඇයගේ ජීවිත කතාවේ හමුවුන රාජ්‍ය නායකයන් අතුරින් මහින්ද රාජපක්ෂගේ දර්ශන සහ ඔහුගේ නම ඉවත්කරන ලෙස BBC යට දන්වා ඇත.”

    Facebook | Archived 

    මෙහි දක්වා තිබූ අදහස් කිහිපයක් මේ .

    මේ හා සමාන සටහන් ෆේස්බුක් අවකාශයේ පැතිර පැවතියේ මේ ආකාරයෙන්.

    මෙහිඇති කුතුහලය දනවන ස්වභාවය සලකා බලා මේ පිළිබදව විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා .

    Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ මේ පිළිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කිරීමක් සිදුකර ඇද්ද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ කිසිම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්  මේ පිළිබදව කරුණු වාර්තා කර නොමැති බවයි.

    මේ පිළබඳව විමසීම සඳහා අප ලන්ඩන්හි පිහිටි BBC මූලස්ථානයෙන් කරුණු විමසීමක් සිදු කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ BBC Press Office ආයතනයද මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ මහ රැජිණ සම්බන්ධ සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරයේ ඇති කරුණු (මහින්ද රාජපක්ෂ  සමග තමන් සිටින දර්ශන සහ ඔහුගේ නම ඉවත් කරන ලෙස රැජින විසින් BBC යෙන් ඉල්ලීමක් කල බව)  සම්බන්ධයෙන්  දැනුවත් බවත් නොමැති කාරණයයි. BBC ය මේ සම්බන්ධයෙන් මහ රැජින වාසය කරන බකින්හැම් මාලිගයේ සන්නිවේදන නිලධාරියාගෙන්ද කරුණු විමසීමක් සිදු කර තිබුණු අතර ඔහු පවසා තිබුණේ සමාජ ජාලාවල පැතිරෙන මේ පුවතේ ඇති කරුණු  සම්බන්ධයෙන්    බකින්හැම් මාලිගය  කිසිත් නොදන්නා බවයි.

    දෙවන එලිසබෙත් රැජිණ රාජ්‍යත්වයට පැමිණ වසර 60 ක් ගතවීම නිමිත්තෙන් ලන්ඩනයේ පැවති උත්සවයට 2012 වසරේදී සහභාගීවූ එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ රැජිණව හමුවූ අවස්ථාවක්  නිරූපණය වන ඡායාරූපයකි මේ .

    Alamy | Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප මේ සම්බන්ධයෙන් කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මහ රැජිණ වාසය කරන බකින්හැන් මාලිගය මෙන්ම BBC මාධ්‍ය ආයතනයද මෙම සමාජ ජාල සටහනේ දැක්වෙන පරිදි එලෙසබෙත් මහ රැජිණ විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග තමන් සිටින ඡායාරූප සහ ඔහුගේ නම ඉවත් කරන ලෙස BBC යෙන් ඉල්ලා සිටීමක් සිදුකළ නොමැති බවයි. ඒ අනුව මෙම සමාජ ජාල සටහන අසත්‍ය බව තහවුරුවේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.