Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

     තායිලන්ත රජතුමා ඉදිරියේ බිම බඩගාන ඔහුගේ සේවකයන් ? (PHOTO)

    2022-03-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    තායිලන්ත රජතුමා සහ රාජකීයන්ගේ සිරිත් විරිත් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මින් සමහරක් නොමග යවන සුලු සහ වැරදි සහගත ප්‍රචාරයි .මේ එවැනි නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙ

    තායිලන්ත රජතුමා සහ රාජකීයන්ගේ සිරිත් විරිත් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මින් සමහරක් නොමග යවන සුලු සහ වැරදි සහගත ප්‍රචාරයි .මේ එවැනි නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් තායිලන්ත රජුට කාන්තාවක් වදින ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් පහත සටහන එක්කර තිබුණා .

    “තායිලන්තයේ මහා වජිරලොන්කෝම් රජු ඉදිරියේ දනින් වැටී බඩගානා සේවකයෝ…

    තායිලන්තයේ මහා වජිරලොන්කෝම් රජු සම්බන්ධයෙන් ඔබ වඩාත්ම ආකර්ෂණයට පත්වන්නේ කුමන ක්‍රියාවක් නිසාද?

    AFZAAL AGHA

    තායිලන්තයේ රජු, ඔහු වටා බඩගාමින් සිටි කාර්ය මණ්ඩලය පිරිවරාගෙන සිටින මේ ජායාරූප පසුගිය දා මාධ්‍යයේ ප්‍රචාරය විය..

    මහා වජිරලොන්ග්කෝන්ගේ ආන්දෝලනාත්මක ඡායාරූප නිකුත් කරනු ලැබුවේ එරට රජ පවුලේ ජායාරූප හබාගිය විශේෂඥ මාධ්‍යවේදියෙකු විසිනි.”

    Facebook | Archived 

    මේ ආකාරයේම තවත් සටහනක් පහතින් .

    “මෙච්චර දියුණු ලෝකයෙ මෙහෙම රටවලුත් 

    .🤔 තාම තියෙනවා 🤔

    තායිලන්තයේ මහා වජිරලොන්කෝම් රජු ඉදිරියේ දනින් වැටී බඩගානා සේවකයෝ…

    තායිලන්තයේ මහා වජිරලොන්කෝම් රජු සම්බන්ධයෙන් ඔබ වඩාත්ම අපකීර්තියට පත්වන්නේ කුමන ක්‍රියාවක් නිසාද?

    AFZAAL AGHA

    තායිලන්තයේ රජු, ඔහු වටා බඩගාමින් සිටි කාර්ය මණ්ඩලය පිරිවරාගෙන සිටින මේ ජායාරූප පසුගිය දා මාධ්‍යයේ ප්‍රචාරය විය..

    මහා වජිරලොන්ග්කෝන්ගේ ආන්දෝලනාත්මක ඡායාරූප නිකුත් කරනු ලැබුවේ එරට රජ පවුලේ ජායාරූප හබාගිය විශේෂඥ මාධ්‍යවේදියෙකු විසිනි.

    Facebook | Archived 

    ආසියාතික රටක සිදුවන බව පැවසෙන අපට තරමක් ආගන්තුක දෙයක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා .

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් මුලින්ම මෙම ඡායාරූපය Google Reverse Image Search මගින් සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය මගින් නිරූපණය වන්නේ තායිලන්ත රජුගේ සේවිකාවක් නොව ඔහුගේ බිරිද/රැජිණ බවයි. මෙම ඡායාරුපය ලබාගෙන තිබුනේ 2019 මැයි මාසයේදී තායිලන්ත රජු විසින් සිය ජනරාල්වරිය වූ General Suthida Vajiralongkorn na Ayudhya, තම බිරිඳ ලෙස විවාහ ගිවිසගැනීමේ උත්සවයේදීය. මෙහි මුල් ඡායාරූපය EFE ඒජන්සි ඡායාරූප ගොණුවේ තිබී අපට සොයාගන්නට ලැබුණේ මේ ආකාරයෙන් .

    EFE | Archived 

    මේ සම්බන්ධයෙන් වාර්තා කරන BBC ආයතනය පවසන්නේ රජු ඉදිරියේ ඇයගේ බිරිද මෙන්ම උත්සවයට සම්බන්ධව සිටි සෙසු පිරිසද වැද  වැටුණු අතර එය තායිලන්තයේ චාරිත්‍රයක් වන බවයි. එමෙන්ම සමාජ ජාල සටහනේ ඇති ඡායාරූපය මගින් නිරූපණය වන්නේ රාජකීය විවාහ මංගල උත්සවයේදී තායිලන්ත රජු විසින් විවාහ වන රැජිණගේ හිසට ශුද්ධවූ ජලය එක්කිරීම බවත් BBC වාර්තාවේ සදහන් වනවා .එම වාර්තාවට පිවිසිය හැකියි මෙතනින් .Archived 

    එසේම රාජාභිෂේකයට දින කිහිපයකට පෙර සිදුවූ මෙම විවාහය , තායි රජු Maha Vajiralongkorn ගේ සිව්වැනි විවාහය ලෙස ද වාර්තා වී තිබුනේ මෙලෙසින්

    මෙම විවාහ මංගල උත්සවය හා සම්බන්ධ වීඩියෝවක් පහතින්. එහි ද රජු ඉදිරියේ ආචාර කිරීමෙන් පසුව රජුට පසෙකින් ඇති අසුනේ, ඔහුගේ බිරිඳ ලෙස වාඩිවී සිටින දර්ශන ද දැකගත හැකියි.

    මුහුදෙන් ලබාගන්නා ලද ෂෙල් එකක් තුළින් යුවලගේ අත්වලට වතුර වත් කිරීම තායි චාරිත්‍රනුකූල විවාහ ගිවිසගනිමක ප්‍රධාන අංගයක් ලෙස සලකනු ලැබේ. ඒ පිලිබඳ විස්තර මෙතනින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ තායිලන්ත රජු ඉදිරියේ වැද වැටෙන්නේ ඔහුගේ සේවකයෙක් නොව 2019 පැවැති විවාහ උත්සවයේදී විවාහ ගිවිසගත් සිය රැජිණ බවයි. එමෙන්ම මේ ආකාරයට ආචාර කිරීම තායිලන්තයේ සාම්ප්‍රදායකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.