Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : නුවරඑළිය විපක්ෂ පා. මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්ගේ පුතාගේ විවාහ උත්සවය ඇඳිරි නීතිය මධ්‍යයේ කොළඹ තරු පගේ හෝටලයක තිබුණා ද?

    2020-10-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම එම නීති කඩකරමින් ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දැනුම්දී තිබුණා. එවන් පසුබිමක කොළඹ ප්‍රධාන හෝටලයක පැවති විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් ස

    බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම එම නීති කඩකරමින් ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දැනුම්දී තිබුණා. එවන් පසුබිමක කොළඹ ප්‍රධාන හෝටලයක පැවති විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් සටහන් රැසක් ඔක්තෝබර් මස 30 වැනිදා සමාජ මාධ්‍ය ජාලාවල පළවී තිබුණි.

    මේ අතර එසේ විවාහ මංගල්‍යය පැවැතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ පුතෙකුගේ බව දක්වමින් පළවූ සටහන් විමර්ශනයේ දී අපට අනාවරණය වූයේ ඒවා අසත්‍ය සටහන් බවයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    “ඇඳිරිනීතිය නොතකා පා. මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයාගේ විවාහය කොළඹ තරු පගේ හෝටලයක” යන තේමාව යටතේ රමාඩා හෝටලයේ ඡායාරුපයක් ද සහිත සටහන් ෆේස්බුක් පිටු සහ ගිණුම් රැසක හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබුනා. “බලන් ගියාම තනි සිංහල චන්දෙන් පත්වුන ආණ්ඩුවෙන් වැඩ ගන්නෙ වෙන උන්නෙ” යනුවෙන් ද එහි දක්වා තිබුනා.

    FacebookArchived Link
    FacebookArchived Link

    එම අදහසම ලබාදෙන ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී කොළඹ Ramada හෝටලයේ පැවැත්වෙමින් තිබු විවාහ උත්සවයක් පොලිසිය මැදිහත්වී නතර කිරීමට කටයුතු කළ බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවය බවත් තවත් සටහන් වලින් පෙන්වා දී තිබුණා.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය ඔස්සේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වී. රාධක්‍රිෂ්ණන් මහතා මේ සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම සටහනක් පළ කරමින් පවසා තිබුණේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි එම සටහන පහතින්.

    “මාගේ ආවදානයට යොමු වෙලා තියෙනවා මගේ එකම පුතා වන තිවාහරණ් රාධක්‍රිශ්නණ් ගැන අසත්‍ය ප්‍රකාශයක් සමාජ ජාලා ඔස්සේ පැතිරී යන බව. එම ප්‍රකාශය වන්නේ මාගේ පුතා පෞද්ගලික මංගල උත්සවයකින් යුග දිවියට පත්ව ඇති බවයි. මෙය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශයක් බවට මම ප්‍රකාශ කර සිටින අතර මේ ප්‍රකාශයට මම හෝ මාගේ පවුලේ කිසිවෙක් වග නොකියන බවට තරයේ කියාසිටිමි. මේ කරුණ පිළිබඳව මම පොලිස්පති වෙත පැමිනිල්ලක් කර ඇති බැවින් මෙසේ අසත්‍ය ප්‍රකාශ පතුරුවන අයට නීතිමය පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටියෙමි.”

    https://www.facebook.com/vsradhakrishnan.mp/posts/3728822310469708?__cft__[0]=AZVxMd_IrDWbUKW31kt43YhK3Pfu12tTGHRyGszTxyufcMWh3R-Dig7efJfuqxYRXQUpaQfkx8SL9EAXxLAq9LKF_G7v67G2jCWNMj_7dQbbW-L2HnDuADnMFfmKGsWZBq7iM7Md22QwROmVqRBJk7V_dKnrn6kGiMa_46070Nvo-D3408-okIgpwYx_syowUZY&__tn__=,O,P-R
    FacebookArchived

    මේ පිළිබඳව උපහාසාත්මක කෝණයකින් මන්ත්‍රීවරයාගේ පුත් තිවාහරණ් රාධක්‍රිශ්නණ්ද සටහනක් එකතු කර තිබුනා. සිදු නොවූ දේ සඳහා ඔබ යමෙකුගේ නම සමාජ මාධ්‍යවල භාවිතා කරන විට වගකීමකින් කටයුතු කරන ලෙසත් ඔහු එම සාහනින් දක්වා තිබුනේ මෙලෙසින්

    FacebookArchived

    එම සිද්ධිය පිලිබඳ විස්තරයක් අප රමාඩා හෝටලයෙන් විමසා සිටි විට ඔවුන් පැවසුවේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කරන බවයි. 

    පසුව අප තිවාහරණ් රාධක්‍රිශ්නණ් මහතා සමග ද දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.  එහිදී ඔහු ද පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිට වාචිකව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වූ පසු පොලිස් ස්ථායනට ගොස් මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ද ලබාදෙන බවයි.  

    එම සිද්ධියට තමාගේ හෝ පවුලේ කිසිවකුගේ සම්බන්ධයක් නැති බවත් තිවාහරණ් රාධක්‍රිශ්නණ් මහතා තවදුරටත් අපට අවධාරණය කර සිටියා.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශයෙන් ද අප විමසා සිටි අතර රාධක්‍රිෂ්ණන් මහතාගේ පාර්ශවයෙන් මෙයට සම්බන්ධයක් නොමැති බව තහවුරු කර සිටි අතර එම සිද්ධිය පිළිබඳව විමර්ෂණයක් සිදුවෙමින් පවතින බව පවසා සිටියා.

    ප්‍රධාන මාධ්‍ය වාර්තා : 

     “කොළඹ සුඛෝපභෝගී හෝටලයක පැවති විවාහ ගිවිසගැනීමේ උත්සවයක් පොලිසිය සිය විසින් නතර කරයි” නතර කරයි යන තේමාවෙන් පුවත් වාර්තා රැසක් පලවී තිබු අතර එම අවස්තාවට අදාළ ඡායාරුප මෙසේ රාධක්‍රිෂ්ණන් පවුලට ආදේශ කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී ඇති බව අපට පැහැදිලි විය. එම අවස්ථාව පිලිබඳ පළවූ වාර්තා පහතින්

    https://www.youtube.com/watch?v=tOE3jO_WcvQ

    Siyatha | AdaDerana | Newswire

    එසේම “විවාහ උත්සවය ගැන සමාජ මධ්‍යයේ පොස්ට් පලකළ අයට එරෙහි හිටපු ඇමති රාධාක්‍රිෂ්ණන් ගෙන් පොලිසියට පැමිණිල්ලක්” යන තේමාව යටතේ ද පුවත් පලවී තිබුනේ මෙලෙසින් 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඔක්තෝබර් 30 වැනිදා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන හෝටලයක ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන පවත්වන අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ පුතාගේ සම්බන්ධයක් නැති බව තහවුරු වී ඇති බවයි. රාධක්‍රිෂ්ණන් මහතාගේ පාර්ශවයෙන් ද ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සියල්ල අසත්‍ය බව දන්වා සිටිමින් මෙසේ පළවන සමාජ මාධ්‍ය සටහන් වලට විරුද්ධව වාචික පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:නුවරඑළිය විපක්ෂ පා. මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්ගේ පුතාගේ විවාහ උත්සවය ඇඳිරි නීතිය මධ්‍යයේ කොළඹ තරු පගේ හෝටලයක තිබුණා ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.