Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දකුණු ඉන්දීය සුපිරි රංගන ශිල්පි රජිණිකාන්ත්, පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියා ද ?

    2023-07-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත්, මේ දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට ලංකාවට පැමිණ ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු ඉන්දීය සිනමාවේ

    දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත්, මේ දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට ලංකාවට පැමිණ ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් හුවමාරු වූයේ රජිණි කාන්ත් ශ්‍රී ලංකා සංචාරයකට පැමිණි බව ට අර්ථ දක්වමින්.

    Facebook | Archived Link

    එමෙන් ම එම වෙබ් වාර්තාව මෙතනින්. තවත් සටහනක් මෙතනින්

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    එමෙන් ම මෙවැනි සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග ගොස් ඇති බවට අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙම සටහන් වල දැක්වෙන ලෙස රජිණිකාන්ත් මෙරට සංචාරයකට පැමිණ ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත් ශ්‍රී ලංකා සංචාරයක් සිදු කරන බවට පුවත් වාර්තා කර ඇත්ද යන්නයි.

    අපට දැකගන්නට ලැබුණේ පසුගිය මාර්තු 29 වන දා චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා, රජිණිකාන්ත් මහතා හමු වී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඔහු වෙත පුද්ගලිකවම ආරාධනා කර ඇති බවත්, ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි පිටිවහලක් වන බවටයි. ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් පළ වී තිබූ ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙන් ම මෙරට මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    නමුත් ඉන් පසුව එම ආරාධනාව පිළිගැන සුපිරි නළු රජිණිකාන්ත් මෙරට පැමිණෙන බව ට පුවත් වාර්තා දැක ගන්න ට නොලැබුණි.

    රජිණිකාන්ත් මෙරට සංචාරයක ට පැමිණි බව හඟවමින් ඉහත සටහන් වල පෙන්වා තිබූ ඡායාරූප රජිණිකාන්ත් මෙරට ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් සමග දැක්වෙන ඡායාරූපයක් බැවින් අප මේ සම්බන්ධයෙන් SriLankan Airlines නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂා කරනු ලැබුවා. 

    පසුගිය ජූනි 12 වන දා එහි ඡායාරූප සටහනක දක්වා තිබුණේ, රජිණිකාන්ත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි සිට මාලදිවයින යන ගුවන් ගමන අතර තුර එම ගුවන් යානය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම නිසා ඔහුට පැය කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් තොටුපළේ රැඳී සිටීමට සිදු වී ඇති බවයි. එහිදී රැජිනිකාන්ත්  කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණා.

    Archived Link

    ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා ද ඉහත කරුණු සනාථ කරමින් තහවුරු කර සිටියේ රජිණිකාන්ත් මහතා ලංකාවට ඇතුළු වුයේ නැති බවත් පැය කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියක රැඳී සිට නැවත ඔහුගේ ගමනාන්තය වූ මාලේ වෙත ගමන්කරන ශ්‍රී ලංකන් ගුවන්යානයෙන් මාලදිවයින වෙත ගමන්ගත් බවයි.

    එමෙන් ම, ඉන්දියානු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන සහ සිනමා විචාරකයෙක් වන රමේෂ් බාලා විසින් ද, සිය ට්විටර් ගිණුම ඔස්සේ ඉහත ඡායාරූප පළ කරමින් සඳහන් කර තිබුණේ, සුපිරි නළු රජිණිකාන්ත් චෙන්නායි සිට මාලදිවයින බලා ගමන් කරන අතර තුර ලබා ගත් ඡායාරූපයක් බව ටයි.

    Archived Link

    එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කිහිපයක, රජිනිකාන්ත් ඇත්ත වශයෙන්ම පැය කිහිපයක් සඳහා කටුනායක ගුවන්තොටුපලෙහි රැඳී සිටීමක් පමණක් සිදුවූ සිද්ධිය නිවැරදිව වාර්තා කර තිබු ආකාරය ද අපට මෙලෙස දැක ගන්නට ලැබුණා.

    FactCrescendo අප දමිළ බසින් මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දකුණු ඉන්දියානු සුපරි රංගන ශිල්පී රජිණිකාන්ත් චෙන්නායි සිට මාලදිවයින සංචාරය සඳහා බලා පිටත් වීමේ ගුවන් ගමන් වාරය අතරතුර ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළේ පැය කිහිපයක් ගත කිරීම පමණක් සිදුව තිබු බවයි. නමුත් ඒ පිලිබඳ සිදුකර තිබු නොමඟ යවන සුළු වාර්තා ඔස්සේ, සැබවින්ම රජිනිකාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට ඔහුගේ රසිකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබුණි.

    Also Read: Fact Check : රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට රජය තීරණය කර ඇත්ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-07-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.