Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සාංවත්සරික දිනුම් ඇදීමකින් Range Rover මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

    2023-01-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක ප්‍රකට මෝටර් රථ සමාගම්හි නියෝජිත ආයතනය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන්, විශේෂයෙන්ම සාංවස්තරික සැමරුම් සඳහා පවත්වනු ලබන දිනුම් ඇදීම් ඔස්සේ නොමිලේ මෝටර් රථ ලබාදෙන බවට ව්‍යාජ සට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලෝක ප්‍රකට මෝටර් රථ සමාගම්හි නියෝජිත ආයතනය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන්, විශේෂයෙන්ම සාංවස්තරික සැමරුම් සඳහා පවත්වනු ලබන දිනුම් ඇදීම් ඔස්සේ නොමිලේ මෝටර් රථ ලබාදෙන බවට ව්‍යාජ සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

    නිල ආයතනන් ලෙස ව්‍යාජ ෆේස්බුක් පි‍ටු ෆේස්බුක් ඔස්සේ පවත්වාගනිමින් මෙම ව්‍යාජ ප්‍රවර්ධන කටයුතු බොහෝ විට සිදුකෙරන ප්‍රවණතාවයක්ද පෙන්නුම් කරන අතර මීට පෙර ද Toyota, BMW, Honda වැනි ආයතන ලෙසද ව්‍යාජව පෙනී සිටිමින් වැරදි තොරතුරු සමාජ ගත කල අයුරු පිළිබඳව අප වාර්තා කළා.

    Range Rover ආයනතයේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්

    Range Rover Sri Langka නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පි‍ටුවක් මඟින් පළකර තිබු සටහනකින් දක්වා තිබුනේ එම ආයතනයේ 54 වන සැමරුම් සංවත්සරය වෙනුවෙන් මෝටර් රථ 5ක් නොමිලේ පිරිනැමීමට තීරණය කර ඇති බවත් ඒවා දිනා ගැනීමට, අදාළ සටහනට තමා වඩාත් ප්‍රිය කරන මෝටර් රථ වර්ණය කොමෙන්ට් කරන ලෙස ද දක්වා තිබුණා.

    කෙටි කාලයක් තුළ දෙදහසකටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු එම සටහන පහතින්.

    Facebook | Archived

    ව්‍යාජ සටහනක් ලෙස පෙනුණු මෙම සටහනේ  තොරතුරු විමසා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    පළමුවෙන්ම rangerover.lk නමින් පවත්වාගෙන යන ‘රේන්ජ් රෝවර්’ ආයතනයේ ලංකාවේ ශාඛාව මේ පිළිබඳ කිසිදු හෝ තොරතුරක් පළකර තිබුණේ ද යන්න අප පරික්ෂා කර බැලුවා.

    නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි නොමිලේ මෝටර් රථ ලබාදෙන ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වාගෙන යන බවට කිසිදු සටහනක් දැක ගන්නට ලැබුනේ නැහැ. 

    මෙම කරුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ලංකාවේ Range Rover මෝටර් රථ නියෝජිත ආයතනය වන Access Motors හි අලෙවි අංශය සම්බන්ධ කර ගත්තා. ඔවුන් තහවුරු අකර සිටියේ ද  Range Rover Sri Lanka ලෙස ඉහත සටහන් නිර්මාණය කරමින්  පවත්වාගෙන යන ෆේස්බුක් පි‍ටුව ව්‍යාජ එකක් බවයි. එසේම සිය සමාගම විසින් මේ ආකාරයේ තෑගී ඇදීමකින් සැමරුම්  මෝටර් රථ ලබා දීමේ කිසිඳු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැති බවත් තහවුරු කලා.

    රේන්ජ් රෝවර් නිල ෆෙස්බුක් පිටුව මෙතනින්. නිල වෙබ් අඩවිය මෙතනින්

    මීට පෙර ජාත්‍යන්තර වශෙයන් ද මේ ආකාරයට සංවත්සර සැමරුම් සඳහා රේන්ජ් රෝවර් රථ ලබාදෙන බවට ව්‍යාජ සටහන් හුවමාරු වී තිබෙනවා. 2016 වසරේ දී හුවමාරු වී තිබු එවැනි සටහනක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (නිගමනය)

    මේ අනුව සලකා බලන කල අපට පැහැදිලි වන්නේ Range Rover Sri Lanka  ලෙස පවත්වාගෙන යන ලංකාවේ නිල රේන්ජ් රෝවර් ෆේස්බුක් පිටුව ලෙස පෙනී සිටින ව්‍යාජ  ෆේස්බුක් පි‍ටුවක් මගින් සංවත්සර සැමරුමක් ලෙස මෝටර් රථ 5 ක් නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා ඇති බවට හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය, පාඨකයින් මුලා කරවන, ව්‍යාජ සටහන් පෙළක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.