Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: රන්ජන් රාමනායක සියදිවි නසා ගන්නට උත්සහ කළා ද?

    2021-05-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Facebook

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Facebook | Archived Link

    Gossip Lanka වෙබ්අඩවියේ වාර්තාවේ වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසිනි.

    සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇති හෙයින් කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

    ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී ඇති බවත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිට ලැබී නැතැයි ද වාර්තා වන බවට මෙම වාර්තාවේ දක්වා තිබේ.

    Gossip Lanka News | Archived Link

    රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් හුවමාරු වුනේ මෙලෙසිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙහි සත්‍යතාවය විමසීමට රන්ජන් රාමනායක මහතාගේ ලේකම්වරයාව සම්බන්ධ කරගනු ලැබුවා. ඔහු සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා දිවිනසා ගන්නට තැත් කළ බවට පැතිරෙන තොරතුර අසත්‍ය බවයි.

    මෙම සටහන් අසත්‍ය බවට රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

    Facebook | Archived Link

    කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම තොරතුරු අසත්‍ය තොරතුරක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතානේ විමසීමක් කළා.

    ඒ මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා සිය දිවි නසා ගැනීමට උත්සය කළ බවට පැතිරෙන කටකතා මුළුමනින්ම අසත්‍ය තොරතුරක් බවයි. මේ පිලිබඳ පළවූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්

    රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී ඇති බවත් රාමනායක මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට එම ලිපිය යොමු කළ බවත් විපක්ෂනායකගේ මාධ්‍ය අංශය තහවුරු කළා.

    අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා වසර 04ක කාලයක් බරපතල වැඩ සහිත සිර දඬුවමකට මේ වන විට යටත් වී තිබෙනවා.

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දිවි නසා ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සහ කටකතා නොමග යවන සුළු හා අසත්‍ය බවට පෙන්වා දිය හැක.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:රන්ජන් රාමනායක සියදිවි නසා ගන්නට උත්සහ කළා?

    Fact Check By: Sara Gunaratne 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.