Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රැට්ටා හා රාජිත සේනාරත්න අතර ඇති ඥාතීත්වයක් ?

    2022-09-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ‘රැට්ටා’ පිළිබඳ පසුගිය වකවාණුවේදී බහුලව කතා බහට ලක්වූයේ, ජනතා අරගලයට සක්‍රීය දායකත්වය ලබා දීමත් සමගයි. මේ හේතුවෙන් ඔහු හා අරගලය සම්බන්ධ අසත්‍ය සහ නොමඟ යවන සු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ‘රැට්ටා’ පිළිබඳ පසුගිය වකවාණුවේදී බහුලව කතා බහට ලක්වූයේ, ජනතා අරගලයට සක්‍රීය දායකත්වය ලබා දීමත් සමගයි. මේ හේතුවෙන් ඔහු හා අරගලය සම්බන්ධ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර Fact Crescendo අප කණ්ඩායමද, ඒවා පිළිබඳ කරුණු විමර්ශනයක් කොට සත්‍ය ජනතාවට හෙළි කරනු ලැබුවා.

    මේ අතර ඔහු හා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කර ගනිමින් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රැට්ටා කියන්නේ රාජිතගෙ අයියගෙ පුතා කියලා දැනගද්දි අරගලේ ඉවර වෙලා රනිල් ජනාධිපති වෙලා ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link 

    මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මේ පිළිබඳව විමසා බැලීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ තොරතුරු පිළිබඳ අවධානය යොමු කරනු ලැබුවා.

    එහිදී අපට වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්පූර්ණ නම නම්බුකාර හෙළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යනුවෙන් දැක ගන්නට ලැබුණු අතර ඔහුගේ සහෝදරයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි. Archived Link

    මේ හේතුවෙන් අප වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට වැඩිමහල් සොහොයුරන් නොමැති බවත්, ඔහුට සිටින්නේ තමන්ට බාල සහෝදරයෙකු බවයි. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන රතිඳු සේනාරත්න යන අය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතර කිසිදු ඥාතීත්වයක් නොමැති බවත්, එය අසත්‍ය පුවතක් බවත් ඔහුගේ වාසගම සහ නම වන්නේ, නම්බුකාර හෙළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න බවට තවදුරටත් සනාථ කරනු ලැබුවා.

    එමෙන්ම, රාජිත සේනාරත්න මහතාගේ පුතුණුවන් වන චතුර සේනාරත්න විසින් ද, අප කළ විමසීමේදී තහවුරු කර සිටියේ, රාජිත සේනාරත්න මහතා සිය සහෝදරයින් අතර වැඩිමහල් පුද්ගලයා බවත්, රතිඳු සේනාරත්නගේ පියා හා රාජිත සේනාරත්න මහතා අතර ඥාතීත්වයක් නොමැති බවයි. 

    ඉන් අනතුරුව අප සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ‘රැට්ටා’ ලෙසින් ජනප්‍රියත්වයට පත් රතිඳු සේනාරත්නගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, තමන් හා වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතර කිසිදු ඥාතීත්වයක් නොමැති බවයි. ඔහුගේ සම්පූර්ණ නම වන්නේ, ධනපාල මුදියන්සේලාගේ රතිඳු සුරම්‍ය සේනාරත්න බවයි. තමන්ගේ පියාට බාල සහෝදරයන් සිටින මුත් කිසිදු ආකාරයකින් රාජිත සේනාරත්න මහතා තමන්ගේ පියාගේ සහෝදරයෙක් හෝ දුර ඥාතීත්වයක් හෝ නොමැති බවට වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

    Also Read:

    රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල පෙන්වා දෙන පරිදි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන රතිඳු සේනාරත්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුතුණුවන් බවට පළවන සටහන් අසත්‍ය බවයි. රාජිත සේනාරත්න මහතා සහ රතිඳු සේනාරත්නගේ වාසගම් වෙනස් වන බවට දැක ගන්නට ලැබෙන අතර රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා මෙන්ස රතිඳු සේනාරත්න ද, තහවුරු කළේ,ඔවුන් අතර කිසිදු ඥාතීත්වයක් නොමැති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.