Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හර්ශල් ගිබ්ස් කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වීම පිලිබඳ පළවූ සටහන්!

    2020-12-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තර

    මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තරඟයේ ලද පරාජයත් සමඟම තරඟාවලියෙන් පවත් වීමට සිදුවිය. එම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ කාරණයක් වුයේ එහි පුහුණුකරු වූ හර්ශල් ගිබ්ස් හදිසියේ දකුණු අප්‍රිකාව වෙත හදිසියේ ම පිටත් වීමයි.  

    හර්ශල් ගිබ්ස් කොළඹ කන්ඩායමේ පුහුනුකරු තනතුරින් ඉවත් කර ඇති බවටත් එයට හේතුව එම කණ්ඩායමේ ම විදෙස් ක්‍රීඩකයෙක් සහ කළමනාකාරීත්වය සමඟ ඇතිවූ මත ගැටුමක් බවටත් මාධ්‍ය විසින් මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණි. කෙසේවෙතත් ගිබ්ස් සහ කොළඹ කණ්ඩායමේ නායකයා ද පවසා සිටියේ ඔහු නැවත තම රට කරා පිටත් වුයේ තම පවුලේ අයගේ අසනීප තත්වයක් හේතුවෙන් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    හර්ශල් ගිබ්ස් කොළඹ කන්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.. යනුවෙන් සටහන් රැසක් පලවී තිබු අතර මෙවැනි සටහන් වල දක්වා තිබුනේ ගිබ්ස් සහ කණ්ඩාමේ විදෙස්ක් ක්‍රීඩකයෙක් අතර ඇතිවූ මත ගැටුමක් මත එය සිදුවූ බවක්

    Image may contain: 2 people
    FacebookArchived
    FacebookArchived

    කන්ඩායමේ කළමනාකාරීත්වය සහ විදෙස් ක්‍රීඩකයෙකු අතර ඇතිවූ මතගැ‍ටුමක් මත මෙසේ පුහුණු තනතුරින් ගිබ්ස් ඉවත් කල බව මෙරට ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් ද වාර්තා කර තිබුනා.

    NethNewsArchived
    HiruNewsArchived
    DinaminaArchived

    මෙම කරුණ පිලිබඳ ගිබ්ස් සහ කොළඹ කණ්ඩායමේ කරුණු දැක්වීම් පිලිබඳ ව අප සොයා බැලුවා

    ගිබ්ස්ගේ නිල නිවේදනය

    මෙම කරුන සම්බන්ධව තොරතුරු විමසාබැලීමට අප පලමුවෙන්ම හර්ශල් ගිබ්ස් විසින් පවත්වාගෙන යන ඔහුගේ නිල ට්විටර් ගිනුමට පරීක්ෂා කළා. ඒ නිතර ඔහු ට්විටර් ගිණුම යාවත්කාලීන කර බැවින්.එහිදී අපට දැකගන්නට හැකි වුනේ තම මව සහ සහෝදයෙකු සහ සහෝදරියක් කොරෝනා රෝගයට ගොදුරුවීම හේතුවෙන් මෙසේ හදිසියේ ම නැවතත් දකුණු අප්‍රිකාව බලා යාමට තීරණය කල බවයි.

    TwitterArchived

    අවසන් පුරව තරඟයට පෙර ඔහු කණ්ඩායමට සුබ පැතුම් එකතු කර තිබුනේ ද මෙලෙසින්

    කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස්

    පසුගිය දා අන්තර්ජාලය හරහා පැවැත්වූ වෙබිනාර් සකච්ඡාවක දී කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් ද මේ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටි බව අපට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය අංශය හරහා දැන ගන්නට ලැබුණා. එම සාකච්ඡාව පහතින්

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

    මෙම කරුණම වෙබ් අඩවි රැසක වාර්තා කර තිබු අයුරු ද අපට දැකගන්නට ලැබුණා . Crictracker වෙබ් අඩවියේ ඒ පිළිබඳව පළවූ වාර්තාවක් පහතින්.

    Crictracker.comSportsKreeda

    කන්ඩායම් කළමනාකාරීත්වය උපුටාදක්වමින් එම වෙබ් අඩවි වාර්තා කර සිටින්නේ පුද්ගලික කාරණාවක් හේතුවෙන් හර්ශල් ගිබ්ස් කලම්බු කින්ග්ස් පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස්ව ඇති බවයි. හර්ශල් ගිබ්ස්ගේ මවට සහ සහෝදරයෙක් සහ සහෝදරියකට කොවිඩ් රෝගය වැලඳීම නිසා නැවතත් ගිබ්ස් දකුනු අප්‍රිකාව බලා ගිය බව එහි දක්වා තිබෙනවා

    මීට මාසයකට පමණ පෙර LPL තරඟ සංවිධායකයන් විසින් හර්ශල් ගිබ්ස්ව එම තරඟාවලියේ විස්තර විචාරකවරයෙකු ලෙස මුලින්ම තොරා පත්කරගෙන තිබුණු අතර පසුව ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව කොළඹ කණ්ඩායමේ පුහුණුකාර දූරයට පත් කිරීම සම්බන්ධයෙන් ද පුවත් රැසක් පලවී තිබුණා.

    ගාල්ල ග්ලැඩියේටර්ස් කන්ඩායමේ නායක සහිඩ් අෆ්‍රිඩි ද තරඟාවලිය අතරමැද පකිස්තානය බලා ගිය අතර ඒ හා සමඟම ඔහුගේ දියණිය සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සටහන් පිලිබඳ ව අප සිදුකල විමර්ශනයක් මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බලන කල කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරදූරයේ කටයුතු කල හර්ශල් ගිබ්ස් මහතා කලමනාකාරිත්වය හෝ කන්ඩායම් ක්‍රීඩකයෙක් සමග ඇති වූ මත ගැ‍ටුමක් හේතුවෙන් පුහුණුකාර ධූරයෙන් ඉවත් කර ඇති බවට දේශීය මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණ ද හර්ශල් ගිබ්ස් ගේ පවුලේ සාමාජිකයන්ට කොවිඩ්19 වැලඳීම හේතුවෙන් ඒ අය දැක බලාගැනීමට ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගොස් ඇති ගිබ්ස් සහ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියා

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.