Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ට නිල වාහන නොදෙන බවට රජයේ තීරණයක්?

    2024-12-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා තීරණ විශේෂයෙන් ම ඔවුන් වෙත ලැබෙන දීමනා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වනවා. ඊට හේතුව වන්නේ, ඔවුන් බලය ලබා ගැනීමට පෙර සිට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා තීරණ විශේෂයෙන් ම ඔවුන් වෙත ලැබෙන දීමනා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වනවා. ඊට හේතුව වන්නේ, ඔවුන් බලය ලබා ගැනීමට පෙර සිට සිදු කළ ප්‍රකාශයන් බලය ලැබුණු පසු ද, ක්‍රියාත්මක කරනවාද යන්නයි. මෑතකදී පළ වූ 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    රජය ආපසු හරවාගත් තීරණය නිල වාහන නෑ , තෙල් කෝටාවක් පමණක් ලබා දෙන බවට සඳහන් කරමින් සටහනක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook

    තව ත් ප්‍රධාන මාධ්‍ය ධාරා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

    එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබූ මෙම පුවත ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක් පාදක කර ගනිමින් ප්‍රකාශ කර තිබුණා. එම පුවත් ලිපිය පහතින්.

    මෙම පුවතේ දක්වා තිබූ අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබා නොදෙන්නේ ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    එම ලංකාදීප පුවත් වාර්තාවේ සඳහන් වන්නේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇති බව ත්, රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇති බවයි.

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    අප ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණයට ප්‍රථම එළි දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන් දක්වා ඇත්තේ කෙලෙස ද, යන්න පරීක්ෂාවට ලක් කළා.

    ඒ අනුව දැක ගන්නට ලැබුණේ, එහි 194 වන පිටුවේ මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබා දීම යන කරුණු ඇතුළත් බවයි.

    ඒ අනුව ඉහත වාර්තාවේ පෙන්වා දෙන පරිදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බවට පළවන ප්‍රකාශය නොමග යවන සුළු බවට තහවුරු වේ.

    අප මේ පිළිබඳ ව තහවුරු කර ගැනීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා ඔවුන් පෙන්වා දුන්නේ, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට ඉන්ධන පිරිමැසුම් වාහනයක් ලබා දෙන බව ත්, එමෙන් ම අධි සුඛෝපබෝගි වාහන ලබා දීමක් මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු නොවන අතර ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මවහජන සේවය සිදු කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

    එමෙන් ම අප මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පැවසුවේ, එම පුවත අසත්‍ය බව යි. කිසිදු අවස්ථාවක ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිල වාහන ලබා නොදෙන බවට ප්‍රකාශ කර නොමැති අතර මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබා දීමේ ක්‍රමය(Vehicle Permit)ඉවත් කරන බව පැවසූ බව ත් ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් බව ප්‍රකාශ කළා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව සියලුම මන්ත්‍රීවරුන්ට රාජකාරිමය වැඩ සඳහා වාහනයක් සහ ඉන්ධන අනුයුක්ත කරන බව ත්, පුවත් ලිපියේ පෙන්වන පරිදි  එය වෙනස් කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ත්, සඳහන් කළා.

    ඒ අනුව පෙනී යන්නේ, ඉහත සඳහන් ලංකාදීප වාර්තාවේ දැක්වෙන පරිදි මන්ත්‍රීවරුන් ට වාහන ලබා නොදී ඉන්ධන කෝටාව පමණක් ලබා දෙන බවට වාර්තා අසත්‍ය බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බව ට ත්, ආණ්ඩුව විසින් රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය වේ.

    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට ඉන්ධන පිරිමැසුම් වාහනයක් ලබා දෙන බව ත්, එමෙන් ම අධි සුඛෝපබෝගි වාහන ලබා දීමක් මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු නොවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-12-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.