Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගංවතුර  පාලනයට නිසි පියවර නොගැනීම හමුවේ ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වුණා ද?

    2025-12-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පුවත් අන්තර්ගතයන් නිවැරදි ලෙස අවබෝධකර නොගෙන වාර්තාකරණයේ නිරත වීම නිසා ඇතැම් අවස්ථාවල ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ  ද සමාජය නොමග යන අන්දමින්  සටහන් සංසරණය වේ. මේ ප්‍රධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පුවත් අන්තර්ගතයන් නිවැරදි ලෙස අවබෝධකර නොගෙන වාර්තාකරණයේ නිරත වීම නිසා ඇතැම් අවස්ථාවල ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ  ද සමාජය නොමග යන අන්දමින්  සටහන් සංසරණය වේ. මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යක, සාමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සහ ඒ ආශ්‍රිතව නිර්මණය වී තිබූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳ  අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ‘ගංවතුර මාරයා එද්දී හදිසි පියවර නොගත් වැලෙන්සියා  ජනපති ඉල්ලා අස්වෙයි’ යන ශීර්ෂයෙන් යුතුව අද (06) Hiru News ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම සටහන පළකර තිබුණා.  

    Facebook | Archived Link

    Hiru News ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ එම සටහන අනුව යමින් මෙකී සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ ආකාරයෙනි. 

    Facebook | Archived Link Facebook | Archived Link

    Facebook | Archived Link Facebook | Archived Link

    “ගංවතුර එද්දි අවශ්‍ය හදිසි පියවර නොගත් වැලෙන්සියා ජනාධිපති අස්වෙලා. ආන්න රටවල් ඒකට මේකෙ ගංවතුරට පුටුව ගහගෙන ගියත් මේසෙ එල්ලිලා ඉන්නවා. අනුර විපක්ෂෙ හිටියනම් අපිට අහගන්න තිබ්බ කතා’’යනුවෙන් සඳහන් කරමින් එකී සිදුවීම ශ්‍රී ලංකාවට ද ඈදා ගනිමින් තවත් සටහනක් මෙලෙස පළ කර තිබුණා. 

    Facebook | Archived Link

    මීට අමතරව වැලෙන්සියා ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ තවත් සටහනක් මෙතැනින් | Archived Link  

    ඉහත සටහන් සඳහා අදහස් පළ කර තිබූ අතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් වැලෙන්සියාව යනුවෙන් රටක් තිබේ දැයි ප්‍රශ්න කර තිබූ අතර තවත් පිරිසක් එය සත්‍යයක් යැයි සිතා අදහස් පළ කර තිබෙනු ද දැකගත හැකි වුණා. 

    ඒ අනුව මෙම පුවතෙහි නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් ද සලකා බලා මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට මෙලෙස පියවර ගත්තා. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පසුගිය දා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවට අතිශය ව්‍යසනකාරී තත්වයට මුහුණදීමට සිදුවූ අතර මෙම ව්‍යසනයෙන්  වටිනා ජීවිත රැසක් රටට අහිමි වී තවත් අතිවිශාල පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටී. මේ අතර ඉහත සටහන් සමාජ මාධ්‍යයේ  සංසරණය වන්නේ,  ශ්‍රී ලංකාවේ සිදුවූ ආපදා තත්ත්වයට අදාළව ද ඇතැම් පාර්ශව බලධාරීන්ට ද චෝදනා එල්ල කරමින් සිටින වටපිටාවක් තුළයි. 

    මීට මසකට පෙර  ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ප්‍රධානී ඉල්ලා අස්වීමේ පුවතක්

    ඒ අනුව අප මූලිකවම විදෙස් මාධ්‍ය වාර්තා පරීක්ෂාවට ලක් කළ අතර එහිදී පසුගිය වසරේ ඇති හදිසි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ පීඩනයන්, විරෝධය හමුවේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ප්‍රධානී කාලෝස් මැසන් ඉල්ලා අස්වී ඇති බවට වන පුවත බීබීසි ය පසුගිය නොවැම්බර් 3 වැනිදා, එනම් මීට මසකට පෙර මෙලෙස වාර්තා කර තිබුනේ, Valencia leader resigns over handling of deadly floods යන ශීර්ෂයෙන්.   

    2024 ඔක්තෝබර් 29 වැනිදා වැලෙන්සියා කලාපයට බලපෑ හදිසි ගංවතුරින් පුද්ගලයින් 229 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මෙම ගංවතුර සැලකෙන්නේ, දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ සිදුවූ දරුණුතම ස්වාභාවික ව්‍යනසය ලෙසයි. මෙම ව්‍යසනයෙන් පසු බොහෝ පාර්ශව මැසන්ට චෝදනා එල්ල කර තිබුණේ, ගංවතුර පාලනයට අවශ්‍ය නිසි පියවර නිසි වේලාවට නොගත් බවටයි.  

    මේ අතර තමන් අතින් වරදක් සිදුවූ බව පිළිගන්නා බවත් තවදුරටත් තමන්ට ඉදිරියට යා නොහැකි බවත් සඳහන් කරමින් වැලෙන්සියා කලාපයේ ප්‍රධානී කාලෝස් මැසන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබුණා. කාලෝස් මැසන්ගේ ඉල්ලා අස්වීමට අදාළ පුවත විදෙස් මාධ්‍ය කිහිපයක් ම පසුගිය නොවැම්බර් මාසයේදී වාර්තා කර තිබූ ආකාරය මෙතැන්, මෙතැනින් සහ මෙතැනින්. ඔහු එම අවස්ථාවේ අදහස් දැක්වීම මෙතනින්.

    ස්පාඤ්ඤයේ පාලනය සිදුවන්නේ කෙසේ ද?

    ස්පාඤ්ඤය යනු පාර්ලිමේන්තු රාජාණ්ඩුවක් වන අතර, රාජ්‍ය නායකයා ලෙස VI වන ෆෙලිපේ රජු (King Felipe VI)  සිටින අතර අගමැති ලෙස පේද්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) සිටියි, ඒ අනුව මේ වන විටත් විධායකයට නායකත්වය දෙන්නේ අගමැතිවරයායි. ස්පාඤ්ඤයේ ජනාධිපති ධුරයක් නොමැත.

    වැලෙන්සියාවේ ස්වාධීන ප්‍රජාවේ (Generalitat Valenciana) නායකයා වූ කාලෝස් මැසන්, ඉහත වාර්තා කර තිබු පරිදි 2024 වසරේ ඇතිවූ ගංවතුර හැසිරවීම සම්බන්ධයෙන්, මහජන අප්‍රසාදය ද මධ්‍යයේ 2025 නොවැම්බර් 3 වැනිදා ඉල්ලා අස්විය. 

    ස්පාඤ්ඤ ව්‍යවස්ථාමය සම්ප්‍රදාය හේතුවෙන් ස්වාධීන ප්‍රජා නායකයින් “President” ලෙස හඳුන්වනු ලබන අතර, කලාපීය පාර්ලිමේන්තු මගින් තේරී පත් වූ කලාපීය විධායකයින්ගේ ප්‍රධානීන් ලෙස ඔවුන්ගේ භූමිකාව පිළිබිඹු කරයි; එවැනි ස්වයං පාලන කලාප (autonomous communities) 17ක් සහ ස්වාධීන නගර 2 ක් ස්පාඤ්ඤයේ ඇත. වැලෙන්සියාව යනු එවැනි එක් ස්වයං පාලන කලාපයකි. ඒ අනුව මුළු ස්වයං පාලන කලාප නායකයින් 19 ක් එරට සිටිනවා.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයට හැඟී යන්නේ, වැලෙන්සියාව යනු ලෝකයේ පිළිගත් රටක ජනාධිපතිවරයෙක් ගංවතුර පාලනයට අසමත්වීම හමුවේ ඉල්ලා අස්වී ඇති බවයි. එහෙත් වැලෙන්සියාව යනු ස්පාඤ්ඤයේ ස්වයං පාලන කලාප අතරින් එකක් මිස ලොව රටවල් අතරින් එකක් නොවේ.  තව ද මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, ස්පාඤ්ඤයේ ස්වයං පාලන කලාපයක ප්‍රධානියා මිස ස්පාඤ්‍ඤය රටේ නායකයා නොවේ. 

    මෙම ස්වයං පාලන කලාප නායකයින්, අදාළ කලාපවල අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පොලිස් කටයුතු වැනි බලතල කළමනාකරණය කළද; විදේශ කටයුතු, ආරක්ෂක සහ ජාතික නීති යනාදිය මධ්‍යගතව පවතී. ස්පාඤ්ඤය අර්ධ-ෆෙඩරල්වාදයක් (asymmetric quasi-federalism) සහිත ඒකීය රාජ්‍යයක් ලෙස පවතින බැවින් ප්‍රජා නායකයින් “රටක ජනාධිපතිවරුන්” ලෙස හැඳින්වීම අසත්‍ය සහ නොමඟ යවන සුළුයි.

    හිරු සමාජ මාධ්‍ය සටහන, වැලෙන්සියා නායකයා ලෙස යාවත්කාලින කරයි.

    කෙසේ වෙතත් Hiru News ෆේස්බුක් පිටුවේ මුල් අවස්ථාවේ පළ කර තිබූ සටහනේ ගංවතුර මාරයා එද්දී හදිසි පියවර නොගත් වැලෙන්සියා  ජනපති ඉල්ලා අස්වෙයි යන්න පසුව කාලගුණ හුටපටයෙන් ගෙදර ගිය වැලෙන්සියා නායකයා ලෙස  වෙනස් කර පළ කර තිබුණේ, මේ ආකාරයෙනි. 

    කෙසේනමුත් මුලින් පළවූ සටහන හේතුවෙන්, රටක ජනපති මේ ආකාරයෙන් ඉල්ලා අස්වූ ආකාරය ඒත්තු ගන්වමින් සමාජ මාධ්‍ය සටහන් රැසක් දිගින් දිගටම හුවමාරු වී තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, ගංවතුර ආපදාව නිසි ලෙස කළමනාකරණයට අපොහොසත්වීම හමුවේ, ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, ලොව පිළිගත් රටක ජනාධිපතිවරයෙක් නොව ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ප්‍රධානියා බවයි. ඔහු කලාපිය නායකයෙකු වුවද ජනාධිපතිවරයෙක් ලෙස හැඟීයන ආකාරයෙන් වදන් භාවිතය සමඟ, රටක ජනාධිපතිවරයෙකු මෙසේ ඉල්ලා අස්වී තිබු බවට පාඨකයින් නොමග ගොස් තිබුණා. එසේම මෙම කරුණු පුවත් වෙබ් අඩවියක පළ වී තිබු නිසා මෙය මෑත සිදුවීමක් ලෙස ද ගම්‍ය වුවද මෙම ඉල්ලා අස්වීම සිදුවුයේ මීට මසකට පෙරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-12-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.