Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: පාස්කු ප්‍රහාරය ගැන කතොලික පියතුමෙකු සිදුකළ ප්‍රකාශයක් ද?

    2021-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලනික මත ඉදිරිපත් කිරීමටත් අතැම් මත සමාජ ගත කිරීමටත් සමාජ මාධ්‍ය තෝතැන්නක් වනවා. ඇතැම් පිරිස් එලෙස තමන්ගේ මතයන් සමාජ ගත කරවීමට උත්සහ දරන්නේ වෙනත් පුද්ගලයන්, සමාජයේ ප්‍රසිද්ධ චරිත නැතහොත් නැත්නම් යම්කිසි විෂයකට සම්බන්ධ පුද්ගලයින් පැවසූ කරුණක් බවට දක්වම

    දේශපාලනික මත ඉදිරිපත් කිරීමටත් අතැම් මත සමාජ ගත කිරීමටත් සමාජ මාධ්‍ය තෝතැන්නක් වනවා. ඇතැම් පිරිස් එලෙස තමන්ගේ මතයන් සමාජ ගත කරවීමට උත්සහ දරන්නේ වෙනත් පුද්ගලයන්, සමාජයේ ප්‍රසිද්ධ චරිත නැතහොත් නැත්නම් යම්කිසි විෂයකට සම්බන්ධ පුද්ගලයින් පැවසූ කරුණක් බවට දක්වමින්. ඇතැම් අවස්ථාවල වෙනත් අයගේ ඡායාරූපයක් ගෙනහැර පාමින් වෙනත් නමක්ද ආදේශ කරමින් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ නමකට පණපොවමින් ඇතැම් මත සමාජගත කිරීම බහුලව දක්නට ලැබෙනවා. එවැනි සමාජ මාධ්‍ය ජාලා සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Senaka SG Mendis නමැති ෆේස්බුක් ගිණුමක “පාස්කු ප්‍රහාරය ආණ්ඩු බලය ගන්න කරපු කුමන්ත්‍රණයක් කියලා අද සාක්ෂි වලින් ඔප්පු වෙලා ඉවරයි” යනුවෙන් අර්නස්ට් නම් පියතුමෙකු විසින් ප්‍රකාශයක් කළ බවට සටහනක් සමගින් එම කතෝලික පියතුමාගේ බවට ඡායාරූපයක්ද සමඟ ෆෙස්බුක් සටහනක දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    විශාල පිරිසක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබු අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබු තවත් අවස්ථා කිහිපයක් මෙලෙසින්.

    මෙම සටහන සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වීමත් සමග මෙම ඡායාරූපයේ සිටින්නේ අර්නස්ට් යනුවෙන් හඳුන්වා දී ඇති කතෝලික පියතුමෙකු නොවන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට එහිදී නිරීක්ෂණය වු‍ණේ, මීට අවුරුදු 12 කට පෙර එනම් 2009 වර්ෂයේ The Sydney Morning Herald නම් ඕස්ට්‍රේලියානූ පුවත් වෙබ් අඩවියක මෙම පසුබිම සහිත ඡායාරූපයද ඇතුළත් ව පුවත් වාර්තාවක්  පළ වී ඇති බවයි.

    The Sydney Morning Herald | Archived Link

    එම වාර්තාවට අනුව මෙම ඡායාරූපයේ සිටින්නේ අජිත් පෙරේරා නමැති කතෝලික පියතුමෙකි. එම වාර්තාවේ සඳහන් වන්නේ ලංකාවේ සිංහල දෙමළ සිවිල් යුද්ධයේ අවසාන සමයේදී පුල්මුඩේ සරණාගතයින් ලෙස සිටි දෙමළ කතෝලික බැතිමතුන් විසින් සිය අධ්‍යාත්මික සැනසීම උදෙසා දේව මෙහෙයක් පවත්වන ලෙස අජිත් පෙරේරා නමැති පියතුමාගෙන් ඉල්ලා තිබූ බවකි. මෙම පියතුමා එවකට ත්‍රීකුණාමලයේ දේවස්ථානයක සේවය කර ඇති බව ද එම වාර්තාවේ දක්වා තිබුණා.

    ඒ අනුව සමාජ මාධ්‍ය සටහන් වල අර්නස්ට් පියතුමා ලෙස සඳහන් කළ අජිත් පෙරේරා නමැති කතෝලික පූජකතුමන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    අප පූජකතුමන්ගෙන් ඉහත සඳහන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා සිටි අතර එතුමන් පවසා සිටියේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය සටහනක් බවයි. තමන් එවන් ප්‍රකාශයක් කිසි විටෙකත් සිදු නොකළ අතර එතුමන්ගේ ඡායාරූපයක් යොදාගෙන තමන්ගේ නමක් නොවන වෙනත් නමක් යොදාගෙන කිසිඳු හෝ දේශපාලන වාසි ලබා ගැනීමට තමන්ගේ ඡායාරූපය අවභාවිත කළ බව ද පියතුමන් සඳහන් කළා.

    මේ වන විට තාවකාලකිව මග්ගොන,ශාන්ත වින්සෙන්ට් නිවාසේ සිටින බවද අප කළ විමසීමේදී පූජකතුමා වැඩි දුරටත් පවසා සිටි අතර මීට බොහෝ වසරකට පෙර ඔස්ට්‍රේලියානූ මාධ්‍ය වේදියෙක් තමන්ගේ ඡායාරූපයක් ලබා ගත් අතර එරට වෙබ් අඩවියක පළ කරන ලද ඡායාරූපයක් මෙලෙස අවභාවිතා කළ බව අජිත් පෙරේරා පියතුමන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

    අප මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ අගරදගුරු පදවිය ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ව සම්බන්ධ කරගනිමින් විමසා සිටියේ කතෝලික සභාව මේ ආකාරයේ කිසිද ප්‍රකාෂයක් හෝ සිදුකළා ද යන්නයි. එහිදී පියතුමන් පැහැදිලි කර සිටියේ පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන් නිල සාක්ෂියක් මෙතෙක් ලැබී නැති බැවින් මේ ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් කතෝලික සභාව විසින් මෙතෙක් සිදුකර නැති බවයි. 

    කෙසේ වෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 21 වනදා කාදිනල් හිමිපාණන් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්. මෙහිදී අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහා කුමන්ත්‍රණය පිටුපස්සේ වෙනත් කණ්ඩායම් සිටි බවට හෙළිදරව් වෙමින් පවතින බවත් බලවතුන් ඒවා යට ගැසීමට උත්සහ කරන බවත්ය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ කතෝලික පියතුමෙකුගේ ඡායාරූපයක් දක්වමින් අර්නස්ට් පියතුමන් කළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් පළ වූ සටහන් වල දැක්වෙන්නේ අජිත් පෙරේරා නමැති කතෝලික පූජකතුමෙක් බවයි. එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ බව එම පියතුමන් විසින් පැවසූ අතර එම ඡායාරූප 2009 වර්ෂයේ ඔස්ට්‍රේලියානූ පුවත් වෙබ් අඩවිය එතුමන්ගේ ඡායාරූපය සහිතව පළ වූ පුවත් වාර්තාවකින් ලබා ගත් ඡායාරූපයකි.

    Also Read: කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.