Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෑතක දී රොබින් ප්‍රනාන්දු මහතා මියගිය බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    2022-11-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ(20) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ(20) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    මෑතකදී ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එම සටහනින් හඟවා තිබුණේ ඒ මහතා ඊයේ(20) දිනයේදී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

    Facebook | Archived Link

    මෙම සටහන් ඊයේ (20) සහ අද (21) යන දෙදින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශිලකයින් නොමග ගොස් තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි සත්‍ය හෙළි කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සැලකෙන රොබින් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්ව තිබුනේ, මෑතක දී නොව, මීට මාස කිහිපයකට පෙර මේ වසර මුලදී, එනම් පසුගිය ජනවාරි 08 වන දා යි. 

    මහරගම – වත්තේගෙදර පිහිටි සිය නිවසේ දී රොබින් ප්‍රනාන්දු මහතා එසේ 2022 ජනවාරි මස උදෑසන අභාවප්‍රාප්ත වී තිබුනේ වසර දෙකකට අධික කාලයක් රෝගාතුරව සිටීමෙන් අනතුරුව බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link 

    1964 වසරේදී රංගනයට පිවිසි ඒ මහතා රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රවීන සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ අතර ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් සිය දායකත්වය ලබා දුන්නා.

    ධීවරයෝ, සිකුරුලියා, අපේක්ෂා, සප්ත කන්‍යා, දඩබිම, බදුලු කෝච්චිය, සංජානා, අභිරහස, විසිදැල, රුහුණු කුමාරි, චණ්ඩියා සහ සුර දූතියෝ යන චිත්‍රපට සඳහා රොබින් ප්‍රනාන්දු මහතා රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා.

    ඒ අනුව පැවසිය හැක්කේ මෙය හුදෙක් ඇතැම් ෆේස්බුක් පිටු මඟින් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර නොමග යවන සුළු මෙවැනි සටහන් පළ කර ඒ ඔස්සේ ඔවුන් අතර එම පිටු ප්‍රචලිත කිරීම සඳහා සිදුකර තිබෙන උත්සාහයක් බවටයි.

    Also Read : මෑතකදී අවසන් ගමන් ගිය කලාකරුවෙකු පිළිබඳ සටහනක් ද?

    Also Read : කෝපි කඩේ අබිලිං මාමා මෑතක දී අවසන් ගමන් ගියා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙම වසරේ මුලදී ජීවිතක්ෂයට පත් වූ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ(20) දිනයේදී අභාවප්‍රාප්ත වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ෆේස්බුක් පරිශිලකයින් නොමග යැවීම සඳහා පළ කරන ලද සටහනක් බවටයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.