Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

    2021-10-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. ම

    අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඉදිරියේ පැවැත්වීමට නියමිත දේශීය පන්දු වාර පනහ එක්දින තරගාවලිය සඳහා එක්වීමට රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් පුහුණුවීමිවලට එක්ව ඇති බවත් ඒ ඔස්සේ ක්‍රිකට් පරිපාලනයට ද එකතු වීමේ අරමුණක් තිබේද යන්න ප්‍රශ්න කරමින් පළවූ සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    FB | Archived

    හිරු පුවත් විසින් රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමට යොදාගෙන තිබු “අගමැති පුත් රෝහිත ක්‍රිකට් පරිපාලනයට?” යන තේමාවෙන් පළවූ ඡායාරුපය පමණක් ඉහත පරිදි බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබු බැවින් ඒ පිලිබඳ බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා.

    ඉන්දීය cricketage නම් වෙබ් අඩවිය උපුටා දක්වමින් මෙරට වෙබ් අඩවි කිහිපයක් මෙලෙසින් සහ මෙලෙසින් රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ මෙම පුවත් බොහොමයක් පළ කර තිබුණා.  Archived Link | Archived Link cricketage වෙබ් වාර්තාව පහතින්.

    Cricketage | Archived Link

    එසේම රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් පිටියට පිවිස ඇති බවටත් ඒ ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වුවහොත් සිදුවිය හැකි තත්ත්වයක් උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනකින් දක්වා තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉන්දීය cricketage වෙබ් අඩවිය උපුටා දක්වමින් මෙරට වෙබ් අඩවි වාර්තා කර තිබුණේ, රෝහිත රාජපක්ෂ මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බවත්,  මෙම පුහුණුවීම් පසුගිය දෙදින(12,13)  පවත්වා ඇති අතර කළුතර නාගරික ක්‍රීඩා සමාජය තෝරා ගැනීම සඳහා සරේ විලේජ්හි පැවැති පුහුණු තරගයටද රෝහිත රාජපක්ෂ එක්ව ඇති බවයි. එමෙන්ම අන්තර් සමාජ තරඟ වල දක්‍ෂතා මත ක්‍රීඩකයින් ජාතික සුපර් ලීග් සඳහා තෝරා ගනු ඇති බවත් එහි දක්වා තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් විමසීමට අප රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ කරගත් අතර ඔහු සඳහන් කළේ, තම පාසල වූ සාන්ත තෝමස් විදුහලේ සහ වෙනත් ආදි ශිෂ්‍ය කණ්ඩායම් සමඟ සති අන්තවලදී ක්‍රිකට් තරඟ කිහිපයක් සඳහා මේ දිනවල තමන් සහභාගී වන බවත් ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහොත් කුඩා ක්‍රීඩා සමාජයක් සඳහා තරඟ කිරීමට ද බලාපොරොත්තුවක් තිබුණ ද ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට අදහසක් නැති බවයි.

    එමෙන්ම අදාළ පුද්ගලයාගෙන් සනාථ කිරීමකින් තොරව අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වගකීම් විරහිත ලෙස මාධ්‍ය භාවිතයක් බව දක්වමින් රෝහිත රාජපක්ෂ මහතා පවසා ට්විටර් පණිවුඩයක් ද පළකර තිබු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ක්‍රීඩකයෙකු හෝ පරිපාලකයෙකු ලෙස සම්බන්ධ වීමේ අදහසක් තමාට නොමැති බව එහි දක්වා තිබුණා. එම ට්විටර් පණිවුඩය පහතින්.

    Archived Link

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් අසත්‍ය බවට මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළේ මෙලෙසින් , මෙලෙසින් සහ මෙලෙසින්.

    කෙසේනමුත් රෝහිත රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා පෙන්වා දුන් හිරු පුවත සම්බන්ධයෙන් හිරු වෙබ් පිටුවෙන් පළ කළ පැහැදිලි කිරීම මෙතනින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 27 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළ කළ ට්විටර් පණිවිඩය මෙතනින්. Archived Link

    කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා පවසා තිබුනේ සිය කණ්ඩායම සමග මේ වන විට රෝහිත රාජපක්‍ෂ මහතා පුහුණුවීම් කටයුතු කරන බවත් මේ වන තෙක් කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වී නොමැති බවත්ය. නමුත් කළුතර නාගරික ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් ලියා පදිංචි වී මේ තරගාවලියේදී  ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබු පුවත කළුතර නාගරික ක්‍රීඩා සමාජය හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින් 

    ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් ද අප සිදුකල විමසීමේ දී පවසා සිටියේ, කිසියම් හෝ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම තීරණය ගනු ලබන්නේ අදාළ ක්‍රීඩා සමාජය විසින් බවයි.

    එමෙන්ම රෝහිත රාජපක්ෂ මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බවට දැක්වීමට පළ කර තිබූ ඡායාරූප වල දැක්වුණේ, පසුගිය ජූලි 11 වන දා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් සහ තංගල්ල CC කණ්ඩායම් අතර පැවැත්වුණ ක්‍රිකට් ක්‍රීඩා තරඟය අතරතුරදී ලබා ගත් ඡායාරූපයි. එම ඡායාරූප එකතුව මෙතනින්. Archived Link

    එසේම යෝෂිත රාජපක්ෂ, 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජන කිරීමට සුදානම් බව හැඟවීමට මේ ආකරයේ සටහන් පළකර තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා. Archived එම සටහන් සකස්කර තිබුනේ මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 ලෝක කුසාලනය සඳහා නිකුත් කර තිබු එක් වර්ගයේ ජර්සියක් පැළඳ සිටි දිනේෂ් චන්දිමාල්ගේ ඡායාරුපයක් සංස්කරණය කරමිනි. එම සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.