Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව පොර ක්‍රීඩක කබීබ් නුර්ගමදෝ හුවමාරු කරගත් ක්‍රීඩා ජර්සියක් ද?

    2021-01-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය නොකර ආදාහනය කිරීම ගැන මුස්ලම් ප්‍රජාව විශාල හඬක් නඟන අතර පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සංවිධානය කළ විරෝධතා දැක ගන්නට ද ලැබුණි. මෙම විරෝධතා සඳහා පක්ෂව සහ විපක්ෂව ද බොහෝ අදහස් ඉදිර

    ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය නොකර ආදාහනය කිරීම ගැන මුස්ලම් ප්‍රජාව විශාල හඬක් නඟන අතර පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සංවිධානය කළ විරෝධතා දැක ගන්නට ද ලැබුණි. මෙම විරෝධතා සඳහා පක්ෂව සහ විපක්ෂව ද බොහෝ අදහස් ඉදිරිපත් වී තිබුණි.

    මේ තේමාවෙන් ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව පොර ක්‍රීඩක කබීබ් නුර්ගමදෝ අතර මුස්ලිම් ආදාහනයට විරෝධය දක්වන වදන් පෙළක් සහිත ක්‍රීඩා ජර්සියක් හුවමාරු කරගත් බව පෙන්වීමන්ට යොදාගෙන තිබුනේ ව්‍යාජ සංස්කරණයක්. රොනාල්ඩෝ හා ක්‍රීඩක කබීබ් නුර්මගදෝ එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවකදී හුවමාරු කරගත් ජර්සියක් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන් පළකර තිබු බව අපගේ කරුණු විමර්ශනයේදී තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ප්‍රවීණ මල්ලව පොර ක්‍රීඩක කබීබ් නුර්මගදෝ එක්ව “Sri Lanka Don’t Cremate our dead bodies janaza” වදන සහිත ක්‍රීඩා ජර්සියක් ප්‍රදර්ශනය කරන ඡායාරූපයක් සහිත සටහනක් Ramsan Ramsan නමැති ෆේස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

    FacebookArchived Link

    කබීබ් ගේ ජර්සියේ එම වදන සඳහන් බව පෙන්වීමට උත්සාහ දරා තිබු මෙම සටහනින් කියවුනේ ලංකාවේ මුල්ස්ලිම් මල සිරුරු ආදාහනය කිරීමෙන් වැළකී භූමිදානය කරන ලෙසයි. බොහෝ පිරිසක් මෙම ඡායාරුපය සහිත සටහන් හුවමාරු කරගෙන ද තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සටහනේ අන්තර්ගත කර තිබු ඡායාරූපය reverse image සෙවීමකට යොමු කළෙමු. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා කබීබ් නුර්මගදෝ එක්ව සිටින මුල් ඡායාරූපය රැගත් පුවත් සටහන් රැසක් අන්තර්ජාලයේ දක්නට ලැබුණි.

    UFC Lightweight සහ MMA මල්ලව පොර ශුරයෙකු වූ කබීබ් නුර්මගදෝ (Khabib Nurmagomedov) සහ ලොව සුපතළ පාපන්දු ශූරයකුවු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතර කාලයක් තිස්සේ මිතු දමක් ගොඩ නැගි තිබු අතර තම ක්ෂේත්‍රවල ප්‍රවීණයන්වු ඔවුන් දෙදෙනාම එකිනෙකාට ගරු කරනවා.

    මොවුන් දෙදෙනාගේ මිතුදම දැනගෙන සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කළ රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ කළමණාකාරිත්වය 2018 වසරේ පෙබරවාරි මස පාපන්දු තරඟයක් නැරඹීමට කබීබ් නුර්මගදෝට ආරාධනා කර තිබුනා. එහිදී තරඟයෙන් පසු මුණ ගැසුණු ප්‍රවීණයන් දෙදෙනා සුහද ත්‍යාග හුවමාරුවක් කරගත් බව කබීබ් නුර්මගදෝ නියෝජනය කළ Dominance MMA නම්වු මල්ලව පොර කලමණාකාරිත්වයේ වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ පහත අයුරුන්

    Dominance MMA | Daily Mail | The Sun

    සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ Instagram ගිණුමේ  2011 වසරේ පෙබරවාරි මස 11වැනි දින “Nice to see you bro” තේමාවෙන් මෙම ඡායාරූපය ඉදිරිපත් කර තිබුණා.

    View this post on Instagram

    A post shared by Cristiano Ronaldo (@cristiano)

    InstagramArchived

    රුසියානු ජාතික කබීබ් නුර්මගදෝ ගේ පියා පසුගිය ජුලි මස කොවිඩ්-19 ආසදිතව ජීවිතක්ෂයට පත්වුනා. එයින් ද කම්පනයට පත් ව සිටි මල්ලව පොර තරුව මීට මාස කිහිපයකට පෙර ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනයක් ද නිකුත් කර තිබුනේ රොනල්ඩෝ ද මවිතයට පත්කරමින්

    පසුගිය දා 2020 වසර සඳහා Golden Foot කිරුළ හිමිකරගත් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ කබීබ් නුර්මගදෝගේ මිතුදම පෙන්නුම් කිරීමට ඉහත ඡායාරුපය බොහෝ අවස්ථාවලදී යොදාගැනෙන බවද අපට දැකගන්නට ලැබෙනවා.  

    මේ අනුව රොනාල්ඩෝගේ Instagram ගිණුමේ පළව පසුව බොහෝ මාධ්‍ය හුවමාරු කරගෙන තිබු ඡායාරුපයක් සංස්කරණය කරමින්, මුස්ලිම් මරණ ආදාහනයට විරෝධය දක්වන වදන් පෙළක් ඇතුළත් ජර්සියක්, ඔහු හා ලෝක ප්‍රකට මුස්ලිම් භක්තික ක්‍රීඩකයෙකු වන කබීබ් නුර්මගදෝ අතර හුවමාරු වූ බව පෙන්නුම් කර තිබු බව පෙනී යනවා.

    එම සංසන්දනය පහතින්.

    රොනල්ඩෝ බොහෝ විට ක්‍රීඩා කරන්නේ අංක 07 යටතේය

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පාපන්දු ශූරයකුවු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ  සහ මල්ලව පොර ශූර කබීබ් නුර්මගදෝ 2018 වසරේ දී මුණ ගැසුණු අවස්ථාවක කබීබ් ගේ නම සහ රොනල්ඩෝගේ ක්‍රීඩා අංකය සඳහන් ජර්සියක් හුවමාරු කර ගත් අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කරමින් ඔවුන් මුස්ලිම් ආදාහනයට විරෝධය දක්වන වදන් පෙළක් සහිත ක්‍රීඩා ජර්සියක් ප්‍රදර්ශනය කරන බව පෙන්වා තිබෙන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.