Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සජිත් ප්‍රේමදාස දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව ට ප්‍රකාශයක් සිදු කර නැහැ!

    2024-05-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ට සඳහන් කර තිබේ. මැතිවරණය ළං වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ට සඳහන් කර තිබේ. මැතිවරණය ළං වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය ප්‍රචාර දැ ගන්නට ලැබෙන අතර එලෙසින් සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් : 

    දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  වීඩියෝවක් සංසරණය වුයේ මේ අයුරින්.

    FB | Archived 

    මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම ඉහත වීඩියෝවේ කොටසේ දැක්වෙන සම්පූර්ණ වීඩියෝව වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා.

    එම වීඩියෝව දැක්වෙන්නේ පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ මල්වතු හිරිපිටිය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයකදී විපක්ෂ නායකවරයා සිදු කරන කතාවක කොටස‍කි.

    එහිදී සජිත් ප්‍රේමදාස පවසන්නේ, මත්පැන් සිරෝසිස් ඇති කරන බව ත්, දුම්පානය මුඛ පිළිකා, පෙනහළු පිළිකා සහ හෘදයාබාධ ඇති කරන බව ත්ය. (11 වන මිනිත්තුවේ සිට සවන් දෙන්න) 

    මෙම ප්‍රකාශයන් වෛද්‍ය විද්‍යානුකූලව නිවැරදි වේ. ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත වීඩියෝවේ කොටස් ගෙන වෙන අර්ථයක් වෙන අයුරින් එම වීඩියෝව සංස්කරණය කර ඇති බවයි.

    සංස්කරණය කරන ලද වීඩියෝව හා සත්‍ය වීඩියෝව අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Also Read : Sajith Premadasa Did NOT Say Smoking Causes Cirrhosis

    Conclusion (අවසාන නිගමනය) :

    දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව සත්‍ය වීඩියෝවේ කොටස් ගෙන වෙනත් අරුතක් ගැන්වෙන අයුරින් සංස්කරණය කරන ලද වීඩියෝවකි. එම සත්‍ය වීඩියෝවේ දැක්වෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මත්පැන් සිරෝසිස් ඇති කරන බව ත්, දුම්පානය මුඛ පිළිකා, පෙනහළු පිළිකා සහ හෘදයාබාධ ඇති කරන බව ත්ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.