Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝඨා ජනාධිපතිධූරයේ සිටියදී , මා අගමැතිවීම ස්ථිරයි – සජිත් ?

    2022-05-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය  පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද ස

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය  පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද සම්බන්ධ කර ගනිමින් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්. එහි සදහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස සිටියදී තමන් ස්ථිර වශයෙන්ම රටේ අගමැතිවරයා බවට පත්වන බවට සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ප්‍රකාශ කල බවට වන  ප්‍රචාරයකි සමාජ ජාලා හරහා පැතිරෙන්නේ .

    සමාජ ජාලා සටහන් 

    “විනෝද සමය ඇරඹුණා මිත්‍රවරුනි “, ලෙස සටහනක්ද සමගින්  මෙම සටහන් සමාජ ජාල ඔස්සේ පැතිර තිබුණේ පවතින පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැති ලෙස පත්වීම සඳහා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා කැමැත්ත පළකර ඇති බවක් හඟවමින්.

    Facebook | Archived 

    එම සටහන් ෆේස්බුක් වල පැතිර පැවති ආකාරයයි මේ .

    මේ පිළිබදව සොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් මුලින්ම සොයා බැලුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණයයි. 

    අපගේ නිරීක්ෂණයේදී තහවුරු වූයේ මෙවැනි ප්‍රකාශයක් විපක්ෂ නායක විසින් සිදු කර ඇති බවයි. නමුත් ඒ මෑතක නොවෙයි. 2020 ජුනි මාසයේදී ,මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පැවති රැස්වීමකදීයි. ඒ 2020 මහමැතිවරණයට ආසන්න කාල සීමාවකදීයි. 

    සමාජ ජාලා සටහනේ ආකාරයට NOIZETV.LK මගින් එය වාර්තා කර තිබුණා. නමුත් එය වත්මන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ අගමැති ධූරය බාරගෙන එහි වැඩ කටයුතු කිරීමට නොව, 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය ඉන් ජයග්‍රහණය කලහොත් අගමැති ධූරයට පත්ව එහි වැඩ කටයුතු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක්ව  කිරීමට සූදානම් බවයි ඔහු පවසන්නේ. NOIZETV.LK පුවත මේ වන විට ඉවත්කර ඇති අතර එය Archive කර ඇති අතර එම වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්. Archived Link  Facebook

    සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් 2020 ජුනි මාසයේ කරන ලද එම ප්‍රකාශය “සිරස” පුවත් මගින් වාර්තා කර තිබෙන ආකාරය පහත වීඩියෝවෙන් .

    එසේම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ද සහිතව සටහන් , සජිත් ප්‍රේමදාස විසින් මුල් ප්‍රකාශය සිදුකළ 2020 ජුනි මාසයේ දී හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook

    කෙසේ වෙතත් රටේ වර්තමාන තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැති ධූරයේ කටයුතු කිරීම සඳහා සූදානම් බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා පවසා නැහැ. ඔහුගේ මතය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස කටයුතු නොකරන බව යන්නයි විපක්ෂනායකවරයාගේ මාධ්‍ය අංශය තහවුරු කර සිටියේ.

    එමෙන්ම විපක්ෂනායකවරයා මෙවැනි ප්‍රකාශයක් වර්තමානයේ රටේ ඇතිවී ඇති තත්ත්වය තුළ පවසා නැති බව අප විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් සිදු කල නිරීක්ෂණ වලින්ද තහවුරු වුණා. 

    සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් අගමැති තනතුර බාර නොගන්නා බව සහ සමගි ජන බලවේගය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කරන අන්තර්වාර පාලනයකට සහාය දක්වන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මාධ්‍යයට පවසා තිබුණේ මෙලෙසින්. Archived

     අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් රටේ වත්මන් තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයේ සිටියදී අගමැති ධූරය බාරගන්නා බවට ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමගි ජන බලවේගය මේ වන විට තීරණය කර ඇත්තේ කොන්දේසි සහිතව අන්තර්වාර පාලනයකට සහාය දැක්වීමටයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-05-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.