Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සජිත් ප්‍රේමදාසගේ නාමයෝජනා භාර ගැනීම සිදුවුයේ කෙසේ ද? (Video)

    2024-08-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ තරඟ වදින අපේක්ෂකයින් විසින් නාමයෝජනා භාර දීම අද දින, අගෝස්තු 15 පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී සිදු කරනු ලැබුවා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 ජනාධිපතිවරණයේ තරඟ වදින අපේක්ෂකයින් විසින් නාමයෝජනා භාර දීම අද දින, අගෝස්තු 15 පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී සිදු කරනු ලැබුවා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා භාර දුන් අයුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වී තිබුණි.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාමයෝජනා භාර දෙන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සාසාමාජිකයින් ට පසු පසින් පැමිණ සජිත් ප්‍රේමදාස නාම යෝජනා දුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link

    Facebook | Archived Link

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම):

    අප මුලින්ම සජිත් ප්‍රේමදාස නාම යෝජනා භාර දෙන අවස්ථාවේ සජීවි විකාශය වෙත අවධානය යොමු කළා.

    එක ළඟ යෙදෙන සුභ මොහොතින් නාම යෝජනා භාර දීම සඳහා, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය අසුන්ගෙන සිටින ස්ථානය කරා ගමන් කරන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා.

    මේ හේතුවෙන්, නිලධාරීන් අසුන්ගෙන සිටින ඉදිරිපස, කාර්‍යබහුලව තත්වයක් දැකගන්නට ලැබෙනවා. ඒ ඊට පෙර එම ස්ථානයට ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසත් පැමිණ තිබීම හේතුවෙන්. මේ අතර අතර, නියමිත වේලාවට තම ලියකියවිලි ඉදිරිපත් කිරීමට, සජිත් ප්‍රේමදාස මහතා, කොමිෂන් සභාවේ සාමාජිකයන් අසුන්ගෙන සිටින ස්ථානය පිටුපසට ගොස් ලියකියවිලි භාර දෙන අයුරු දැක ගන්නට ලැබෙනවා.

    කෙසේවෙතත්, එම ලියකියවිලි භාර දී සජිත් ප්‍රේමදාස මහතා නැවතත් කොමිෂන් සභාවේ ඉදිරියට පැමිණ, රනිල් වික්‍රමසිංහ මහතාගේ නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ වැඩකටයුතු අවසන් වූවායින් පසු, සිය නාම යෝජනා පත්‍ර වැඩ කටයුතු, අනෙකුත් අපේක්ෂකයන් සිදු කළ ආකාරයට ම කොමිසම ඉදිරියේ සිටිමින් සිදු කරන අයුරු දැක ගන්නට ලැබේ. එම අවස්ථාව සජීවි විකාශයේ (-02:08:19) කාල රාමුවේදී දැක ගන්නට ලැබේ. සජීවි විකාශය මෙතනින්. 

    එමෙන් ම ඔහුගේ නාමයෝජනා පත්‍රය කොමිසම විසින් භාර ගත් අවස්ථාව ලෙස 09.50 ලෙස සඳහන් කරන අයුරුද, සජීවි විකාශයේ දක්නට ලැබුණි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා නාම යෝජනා භාර දුන් අවස්ථාව ද 09:51 ලෙස නාම යෝජනා භාර ගන්නා අවස්ථාවේ දී සඳහන් කර ඇති අයුරු දැක ගන්නට ලැබෙනවා.

    කෙසේ වෙතත් ලියකියවිලි රැගත් ෆයිල් ගොනු සජිත් ප්‍රේමදාස භාර දුන්නේ, පිටුපසින් ගොස් වුවද, කොමිසම විසින් ඒවා පරීක්ෂා කිරීමෙන් පසුව, එය භාර ගත් බවට අත්සන් තබන අවස්ථාවේදී විපක්ෂ නායකයා කොමිසම ඉදිරියේ සිටින බවත්, සජීවි විකාශයේ දක්නට ලැබෙනවා.

    2015 ජනපතිවරණයට එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා භාර දුන්නේ කෙසේ ද?

    2015 ජනවාරි 08 වන දා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා, සිය නාමයෝජනවා පත්‍රය, 2014 දෙසැම්බර් මස 08 වැනිදා, සුභ මොහොතින්, එකල මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට භාර දුන්නේ සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි මැතිවරණ කොමිසම ඉදිරියෙන් නොව පිටුපසිනි.

    එම අවස්ථාවේ සජීවී දර්ශන පරික්ෂා කිරීමේ දී ද පැහැදිලි වන්නේ කොමිසන් සභාවේ නාම යෝජනා අධීක්ෂණය කරන මඩුල්ල ඉදිරියේ එම අවස්ථාවේ දී කිසිවකු හෝ නොසිටිය ද, මහින්ද රාජපක්ෂ මහතා විශේෂයෙන්ම පැත්තකින් ගොස්, මහින්ද දේශප්‍රිය මහතාට ම නාම යෝජනා පත්‍රය භාර දී තිබු බවයි.

    එම අවස්ථාවේ ඡායාරූප මෙතනින්. එම අවස්ථාව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්. 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.